හරසර ඉතුරුම්



සෙලාන් හරසර ඉතුරුම් ගිණුම සමගින් ප්‍රතිලාභ රැසක් භුක්ති විඳින්න.  ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන හොඳම ඉතුරුම් සැලසුම සෙලාන් හරසර ඉතුරුම් ගිණුමයි.

විශේෂාංග: 

  • දීමනා රැසකින් සපිරි, සන්නාමයකින් යුත් ජාත්‍යන්තර හරසර ඩෙබිට් කාඩ්පත.
  •  සෙලාන් මෙගා රිවෝඩ්ස්   ප්‍රතිලාභ භුක්ති විඳින්න. 
  •  පාස්පොත/ප්‍රකාශන/ ඊ-ප්‍රකාශන අතරින් ඔබට පහසු ක්‍රමය තෝරාගන්න.
  • තෝරාගත් වෙළඳ මහතුන් වෙත දී හරසර ඩෙබිට් කාඩ්පත් දීමනා සමග පිරිනමන ආකර්ෂණීය වට්ටම් වලින් ප්‍රයෝජනය ගන්න. 
  • විශ්‍රාමිකයන් සඳහා; ශ්‍රීලංරු මිලියන 5.00 දක්වා විශ්‍රාමික ණය   
  • ඔබේ විශ්‍රාම වැටුප සෙලාන් බැංකුව වෙත යොමු කර, “උපයෝගිතා බිල්පත් ගෙවීම්” වශයෙන් එක් බිල්පතක් සඳහා පමණක්, එක් වරක් ගෙවනු ලබන, රු.5,000.00 දක්වා ගෙවීමක් ලැබීමට සුදුසුකම් ලබන්න.
  • සෙලාන් අන්තර්ජාල බැංකුකරණ/ එස්එම්එස් සංඥා/ ජංගම බැංකුකරණය වෙත නිවසේ සිටම ප්‍රවේශවීමේ හැකියාව භුක්ති විඳින්න.
  • වාර්ෂික මෙඩිකල් රිවෝඩ්ස් නොමිලේ.
    • ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා ගිණුමෙහි වාර්ෂික ශේෂ සාමාන්‍යයක් පවත්වාගෙන යාම මගින් පහත පරිදි මෙඩිකල් රිවෝඩ්ස් වෙත සුදුසුකම් ලබන්න:
වාර්ෂික ශේෂ සාමාන්‍යය - ශ්‍රීලංරු රිවෝඩ්ස් වටිනාකම - ශ්‍රීලංරු 
50,000 - 99,999 1,000.00
100,000 - 199,999 1,500.00
200,000 - 299,999 2,000.00
300,000 - 499,999 3,000.00
500,000 - 999,999 5,000.00
1,000,000 -1,999,999 7,500.00
2,000,000 & ඊට වැඩි 10,000.00

සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන්:

අවුරුදු 55ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්.

ලේඛන අවශ්‍යතාව:

වැඩිදුර බාගැනීම් සඳහා මෙතැන ක්ලික් කරන්න

සැලකිය යුතුයි: දෙන ලද ලේඛනයේ ලිපිනය වෙනස් නම්, වත්මන් ලිපිනය තහවුරු කිරීමට, පසුගිය මාස 03 ඇතුළත වූ බිල්පතක් ඉදිරිපත් කළ යුතුයි.  අනාගතයේ දී වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැලසීම පිණිස, බැංකුව විසින් කාරණාවට අදාළව වෙනත් ‍ලේඛන ඉල්ලා සිටිනු හැකියි.

අවම තැන්පතුව: ගිණුම විවෘත කිරීමට ශ්‍රීලංරු 3,500.00. 


ආරම්භ කරන්න: 

1 වන විකල්පය:   ඔබගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම සඳහා ඔන්ලයින් අයදුම්පත  ඉදිරිපත් කරන්න.

2 වන විකල්පය:   ඔබගේ ළඟම ශාඛාව අමතන්න.

3 වන විකල්පය:   ඔබගේ ළඟම ශාඛාව වෙත පියනගන්න.