2in1 ගිණුම


සෙලාන් “ටූ ඉන් වන්” යනු සැබැවින්ම විශේෂිත ගිණුමකි.  එමගින් ජංගම සහ ඉතුරුම් යන ගිණුම් වල හොඳම අංග එකට එකතු කර ඇත්තේ, ඔබේ මුදල් නිකරුණේ රැඳී නොමැති බව සහතික කරන්නටයි.  ඔබේ මුදල් ස්වයංක්‍රීයවම කළමනාකරණය කරගැනීමට මෙමගින් ඔබට සහය ලැබේ. 

ඔබේ ගිණුමෙන් නිසි ඵල ලබාගන්න;

  • ඔබේ මුදල් කළමනාකරණය කරගන්න.
  • රු.10,000/- ඉක්මවන ඕනෑම මුදලක් ඔබේ ඉතුරුම් ගිණුමට පවරනු ලැබීම මගින් ඵලදායී ලාභයක් උපයා ගැනීමේ හැකියාව ඔබට ලැබේ. 
  • ඔබ චෙක්පතක් නිකුත් කළ විට, ඊට සරිලන ශේෂය ඔබේ ඉතුරුම් ගිණුමෙන් පැවරීම, එසැණින් සිදු වීම නිසා අවශ්‍යතාව සපුරාලනු ඇත.
  • දෛනික පදනම මත පොලිය ගණනය කෙරෙන අතර, ඔබට (සති පතා එකතු කරන)  මිශ්‍ර පොලී ලැබීමේ අවස්ථාව හිමි වේ.
  • “මෙගා රිවෝඩ්ස්” සඳහා ඔබේ හිමිකම් ලබාගන්න.
  • අපගේ ඩෙබිට් කාඩ්පත් සඳහා වන ප්‍රවර්ධන වලින් ප්‍රයෝජනය ගන්න.
  • පහසු බැංකුකරණය - දිවයින පුරා ඇති ශාඛා ජාලය, ඒටීඑම් ජාලය, මුදල් තැන්පතු යන්ත්‍ර, සහ දින 365 පුරා බැංකුකරණ පහසුවත් සමග.
  • පහසු ප්‍රවේශ බැංකුකරණය - අන්තර්ජාල බැංකුකරණය / එස්එම්එස් සංඥා / ජංගම බැංකුකරණය.
    සුදුසුකම් ලැබීම:

සුදුසුකම් ලැබීම:

  • වයස අවුරුදු 18 ට සහ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්.

ලේඛන අවශ්‍යතාව:

  • ජාතික හැඳුනුම්පත.

සැලකිය යුතුයි: දෙන ලද ලේඛනයේ ලිපිනය වෙනස් නම්, වත්මන් ලිපිනය තහවුරු කිරීමට, පසුගිය මාස 03 ඇතුළත වූ බිල්පතක් ඉදිරිපත් කළ යුතුයි.  අනාගතයේ දී වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැලසීම පිණිස, බැංකුව විසින් කාරණාවට අදාළව වෙනත් ‍ලේඛන ඉල්ලා සිටිනු හැකියි.

අවම තැන්පතුව:

  සුපිරි ශාඛාව වෙනත් ශාඛා
ඉතුරුම්     ශ්‍රීලංරු. 15,000.00 ශ්‍රීලංරු. 3,500.00
ජංගම ශ්‍රීලංරු. 250,000.00 ශ්‍රීලංරු. 25,000.00