ඔබේ අවශ්‍යතාවන් හඳුනා ගත් සෙලාන් බැංකුවේ අප, ඔබගේ සියලු ව්‍යාපාරික අවශ්‍යතාවන් සපුරාලිය හැකි සෙලාන් පුද්ගලික ජංගම ගිණුම ඔබ වෙත ඉදිරිපත් කරමු. ඔබේ එදිනෙදා ගනුදෙනු කටයුතු මනාව කළමනාකරණය කිරීමේ හැකියාව ඒ හරහා ඔබට ලබා දෙමු. එවිට, උපයෝගිතා බිල්පත්, පුද්ගලික ණය ගෙවීම් හෝ ත්‍යාග පිරිනැමීම් වැනි ගනුදෙනු සම්බන්ධයෙන් මුදල් රැගෙන යාමේ අවශ්‍යතාවක් ඔබට ඇති නොවේ. ඒ සියලු කටයුතු සෙලාන් බැංකු චෙක්පත් හරහා සිදු කිරීමේ හැකියාව ඔබට ලැබේ.
පහත දක්වා ඇති විශේෂාංග ඔබට භුක්ති විඳිය හැකියි:
- ගිණුම් වර්ග : පුද්ගලික සහ හවුල් ගිණුම්
- 24/7 පුරා ප්‍රවේශය - අපගේ අන්තර්ජාල බැංකුකරණය, දුරකථන බැංකුකරණය සහ එස්එම්එස් බැංකුකරණය හරහා ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඔබේ ගිණුම වෙත ඔබට පිවිසිය හැකියි.
- පහසු බැංකුකරණය - දිවයින පුරා ඇති ශාඛා ජාලය, ඒටීඑම් ජාලය සහ දින 365 පුරා බැංකුකරණ පහසුවත් සමග.
- වීසා ඩෙබිට් කාඩ්පත - භාණ්ඩ හා සේවාවන් ලබාගැනීමේ ආරක්ෂිත සහ ඉක්මන් ක්රමවේදයකි.
- ඔබේ හිමිකම් ලබාගන්න - ශ්‍රීලංරු.20,000/- ක අවම ශේෂයක් ගිණුමෙහි පවත්වා ගනිමින්, “මෙගා රිවෝඩ්ස්” වැඩසටහන සඳහා සුදුසුකම් ලබන්න.
- චෙක්පොත් පහසුකම..
- මාසික ප්‍රකාශන නොමිලේ ලැබීමේ පහසුකම.
- සෙලාන් පේරෝල් සමග එක්ව, රාශි වශයෙන් සිදුකරන ගෙවීම් පහසුවෙන් කරගන්න.
සුදුසුකම්
- වයස අවුරුදු 18 සහ ඊට වැඩි විය යුතුයි.
- ජංගම ගිණුමක් උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව ගනුදෙනුකරු පිරික්සනු ඇත.
අවශ්‍ය ලේඛන:
- ජාතික හැඳුනුම්පත, හෝ ජාහැප අංකය අඩංගු වලංගු විදේශ ගමන් බලපත්‍රය/රියැදුරු බලපත්‍රය.
- එකඟ වූ නීතිරීති සහ කොන්දේසි.
වැඩිදුර බාගැනීම් සඳහා මෙතැන ක්ලික් කරන්න
සැලකිය යුතුයි:දෙන ලද ලේඛනයේ ලිපිනය වෙනස් නම්, වත්මන් ලිපිනය තහවුරු කිරීමට, පසුගිය මාස 03 ඇතුළත වූ බිල්පතක් ඉදිරිපත් කළ යුතුයි. අනාගතයේ දී වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැලසීම පිණිස, බැංකුව විසින් කාරණාවට අදාළව වෙනත් ලේඛන ඉල්ලා සිටිනු හැකියි.
වෙනත් අවශ්‍යතා:
- පුද්ගලික/හවුල් ගිණුම්: බැංකු රෙගුලාසි වලට අනුකූලව, හඳුන්වාදීමක්.
- ඔබේ ගනුදෙනුකරු දැනගන්න (KYC) පෝරමයේ තොරතුරු.
Seylan member?
Find a Branch
Call us