ව්‍යාපාරික ජංගම ගිණුම


ඔබේ ව්‍යාපාරය සුළු, මධ්‍ය පරිමාණයේ ව්‍යවසායයක් හෝ විශාල ආයතනයක් වුවද, සෑම ව්‍යාපාරික ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන් ම අප කටයුතු කරන්නේ සුවිශේෂී අවධානයක් යොමු කරමිනි.   එමගින්, ඔබේ ව්‍යාපාරයේ වැඩිදියුණුව උදෙසා අපගේ නොමඳ සහය ලබාදෙන්නෙමු.

ආයතනික බැංකුකරණයේ පහසුව සහ වේගවත් බව සහතික කෙරෙන අන්දමින් නිර්මාණය කර ඇති සෙලාන් ආයතනික ජංගම ගිණුම් වලට සුවිශේෂී විශේෂාංග රැසක් ඇත.

  • ගිණුම් වර්ග - තනි අයිතිකාර/හවුල්කාර, පුද්ගලික සීමිත වගකීම් සහිත සමාගම.
  • 24/7 පුරා පිවිසීම - අපගේ අන්තර්ජාල බැංකුකරණය / එස්එම්එස් බැංකුකරණය / ජංගම බැංකුකරණය හරහා ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඔබේ ගිණුම වෙත ඔබට පිවිසිය හැකියි.
  • පහසු බැංකුකරණය - දිවයින පුරා ඇති ශාඛා ජාලය, ඒටීඑම් ජාලය සහ දින 365 පුරා බැංකුකරණ පහසුවත් සමග.
  • පුද්ගලාරෝපිත චෙක්පොත් පහසුකම.
  • මාසික ඊ-ප්‍රකාශන පහසුකම නොමිලේ.
  • “සෙලාන් පේරෝල්” මගින් ඔබේ සේවකයන්ට ගෙවීම් කිරීමේ හැකියාව - ව්‍යාපාරික කටයුතු පහසු කරයි.
  • ඔබේ ගිණුමෙහි තත්ත්වය අනුව ණයවර පහසුකම් භුක්ති විඳින්න.
  • සෙලාන් IPG සහ සෙලාන් MPOS සමග ගෙවීම් පිළිගැනීමට ඔබට ඇති හැකියාව වැඩිදියුණු කරගෙන, ඔබේ ව්‍යාපාරයට නව හැඩයක් ලබාදෙන්න.

සුදුසුකම්

  • වයස අවුරුදු 18 සහ ඊට වැඩි විය යුතුයි.
  • ජංගම ගිණුමක් උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව ගනුදෙනුකරු පිරික්සනු ඇත.

ලේඛන අවශ්‍යතාව:

  • ජාතික හැඳුනුම්පත / වලංගු විදේශ ගමන් බලපත්‍රය / වලංගු රියැදුරු බලපත්‍රය.

සැලකිය යුතුයි: අනාගතයේ දී වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැලසීම පිණිස, බැංකුව විසින් කාරණාවට අදාළව වෙනත් ‍ලේඛන ඉල්ලා සිටිනු හැකියි.

අවම තැන්පතුව:

  • ශාඛාවෙහි ශ්‍රේණිය මත පදනම් වේ.

වෙනත් අවශ්‍යතා:

  • අයිතිකාර/හවුල්කාර
    • ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය.
    • බැංකු රෙගුලාසි වලට අනුකූලව, හඳුන්වාදීමක්. 

සැලකිය යුතුයි: ජාතික හැඳුනුම්පතෙහි / විදේශ ගමන් බලපත්‍රයෙහි / රියැදුරු බලපත්‍රයෙහි සඳහන් ලිපිනය වෙනස් නම්, වත්මන් ලිපිනය තහවුරු කිරීමට, පසුගිය මාස 03 ඇතුළත වූ බිල්පතක් ඉදිරිපත් කළ යුතුයි.  

  • සීමිත වගකීම් සහිත සමාගම
    • KYC අවශ්‍යතා සපුරාලීම සඳහා, සෑම අධ්‍යක්ෂවරයකු විසින් ම, තම තමන්ගේ පුද්ගලික තොරතුරු ප්‍රකාශයට පත් කළ යුතු වේ. 
    • සංස්ථාගත කිරීමේ සහතිකය.
    • පොදු සීමිත සමාගමක් නම්, ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා වන සහතිකය.
    • ගිණුම විවෘත කිරීමට බලය ලබා දීම සාංගමික ව්‍යවස්ථාවලියට ඇතුළත් කර නොමැති නම්, ඒ සඳහා බලය ලබා දුන්, අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම් වාර්තාවෙහි උපුටන.
    • සාංගමික ව්‍යවස්ථාවලිය.

සැලකිය යුතුයි:ඔබගේ පහසුව පිණිස, අවශ්‍ය සියලු ලේඛන පිළිබඳව මෙම අයදුම්පතෙහි සඳහන් කර ඇත.