සෙලාන් ඇක්සලරේට් ඉතුරුම් ගිණුම මගින් ඔබේ සන්නාම සහිත ඩෙබිට් කාඩ්පත වෙත පිරිනමන විශේෂිත ණය පහසුකම්, නොමිලේ පිදෙන රිවෝඩ්ස් සහ සුවිශේෂී වෙළඳ මහතුන්ගේ දීමනා සහ තවත් බොහෝ දෑ සමගින් ඔබේ ජීවිතයේ දියුණුව වේගවත් කරගන්න.
වෙළඳපොළ පවතින හොඳම වැටුප් විසඳුම් හරහා ඔබ භුක්ති විඳින සියලු ප්‍රතිලාභ ඒ හා සමානව ඔබට භුක්ති විඳිය හැකි අයුරු බලන්න.
බැංකුව හරහා යොමු කරන මාසික වැටුප මත පදනම් වූ ශ්‍රේණි සතරක් ඇක්සලරේට් ඉතුරුම් ගිණුම් සතු ය;
- ප්‍රිමියර් :- මාසික වැටුප ශ්‍රීලංරු 300,001 සහ ඊට වැඩි
- ප්‍රයිම් :- මාසික වැටුප ශ්‍රීලංරු 150,001 සහ ශ්‍රීලංරු 300,000.00 දක්වා
- ප්ලස් :- මාසික වැටුප ශ්‍රීලංරු 50,001 සහ ශ්‍රීලංරු 150,000.00 දක්වා
- එන්ට්‍රි :- මාසික වැටුප ශ්‍රීලංරු 50,000 ට අඩු.
සෙලාන් ඇක්සලරේට් සේවර් ගිණුම් හිමියන් පහත දක්වා ඇති පරිදි සිය වැටුප් කාණ්ඩය අනුව පහත සඳහන් ප්‍රතිලාභ වලට සුදුසුකම් ලබයි.
| වැටුප් කාණ්ඩයේ නම | එන්ට්‍රි | ප්ලස් | ප්‍රයිම් | ප්‍රිමියර් |
|---|---|---|---|---|
| අවම වැටුප් කාණ්ඩය | ශ්‍රීලංරු 50,000.00 ට අඩු | ශ්‍රීලංරු 50,001 සිට ශ්‍රීලංරු 150,000.00 | ශ්‍රීලංරු 150,001 සිට ශ්‍රීලංරු 300,000.00 | ශ්‍රීලංරු 300,001 සහ ඊට වැඩි |
| සෙලාන් මෙගා රිවෝඩ්ස් ප්‍රතිලාභ | ඔව් | ඔව් | ඔව් | ඔව් |
| ඩෙබිට් කාඩ්පත | ||||
| වෙළඳ මහතුන් වෙතින් විශේෂ දීමනා | ඔව් | ඔව් | ඔව් | ඔව් |
| නිකුත් කිරීමේ/වාර්ෂික ගාස්තු (ශ්‍රීලංරු) | 500.00 | 500.00 | 500.00 | 500.00 |
| සෙලාන් ඒටීඑම් යන්ත්‍ර වෙතින් මුදල් ආපසු ගැනීමේ ශ්‍රීලංරු 5ක ගාස්තුව ආපසු ලබාදීම (මාසිකව) | ගනුදෙනු සතරක් නොමිලේ | නොමිලේ | නොමිලේ | නොමිලේ |
| වෙනත් බැංකු ඒටීඑම් යන්ත්‍ර වෙතින් මුදල් ආපසු ගැනීමේ ශ්‍රීලංරු 30ක ගාස්තුව ආපසු ලබාදීම (මාසිකව) | ගනුදෙනු දෙකක් ශ්‍රීලංරු 15.00 බැගින් (50%) |
ගනුදෙනු දෙකක් නොමිලේ | ගනුදෙනු දෙකක් නොමිලේ | ගනුදෙනු දෙකක් නොමිලේ |
*නීතිරීති සහ කොන්දේසි:
- ණය තොරතුරු කාර්යාංශයේ නිශ්කාශනය, ණයවර තක්සේරුව සහ මාස 3කට වැඩි කාලයක් ආදායම බැංකුව හරහා යොමු කර තිබීම ද ඇතුළුව ණයවර ඇගයුමට සහ බැංකුවෙහි ණයවර ප්‍රතිපත්තියට යටත් ව ණය මුදල (පුද්ගලික ණය, නිවාස ණය, ක්‍රෙඩිට් කාඩ්පත්) තීරණය කෙරෙනු ඇත.
- සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන් හි යම් අපගමනයක් සහිත යම් ණය පහසුකමක් සම්බන්ධයෙන් සැකසුම් කටයුතු සිදු කිරීමට අතිරේක කාලයක් ගනු ලැබේ.
- චාරිකා කාඩ්පතෙහි ඉතිරිව තිබෙන ශේෂය ඇඩො 300/- ට වැඩි හෝ ඊට සමාන බව ගනුදෙනුකරු විසින් කාඩ්පත් මධ්‍යස්ථානය හෝ කාඩ්පත දරන ශාඛාව වෙත දැනුම් දීමෙන් පසුව පමණක් සෙලාන් වීසා බහුවිධ ව්‍යවහාර මුදල් චාරිකා කාඩ්පතට අදාළ චාරිකා රක්ෂණය “සක්‍රීය” කරනු ඇත.
- සෙලාන් “ Seylan මෙගා රිවෝඩ්ස්” ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමේ අවම නිර්ණායකයන්; “ඇක්සලරේට් ඉතුරුම් ගිණුම” තුළ මාස 6/12 කාලසීමාවන් හි දී ශ්‍රීලංරු 20,000/-ක අවම බැර ශේෂයක් අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුයි.
- මධ්‍යම පද්ධතිය මගින් වාර්ෂිකව සමාලෝචනය කිරීම හරහා වැටුප් යොමු කිරීම සම්බන්ධයෙන් එකඟ වූ කොන්දේසි අනුව කටයුතු නොකරන ගිණුම් හඳුනා ගැනීම සිදු කර, ඒ අනුව ප්‍රති-කාණ්ඩගත කිරීම සිදු කරනු ලබයි.
- පූර්ව-දැනුම්දීමකින් තොරව ප්‍රතිලාභ වැඩසටහන්/අය කිරීම්/කාණ්ඩ වෙනස් කිරීමේ හෝ අවලංගු කිරීමේ අයිතිය බැංකුව රඳවා ගනියි.
සුදුසුකම්
- වයස අවුරුදු 18 ට සහ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්.
ලියාපදිංචි වන අයුරු:
1 වන පියවර: ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරන්න.
2 වන පියවර: ඔබේ ජාතික හැඳුනුම්පත සහ තහවුරු කිරීමේ සහය ලේඛන උඩුගත කරන්න
3 වන පියවර: ඉදිරිපත් කරන්න
අවශ්‍ය ලේඛන:
- ජාතික හැඳුනුම්පත.
- දෙන ලද ලේඛනයේ ලිපිනය වෙනස් නම්, වත්මන් ලිපිනය තහවුරු කිරීමට, පසුගිය මාස 03 ඇතුළත වූ බිල්පතක් ඉදිරිපත් කළ යුතුයි.
- නීතිරීති සහ කොන්දේසි - පාස්පොත ප්‍රකාශන
වැඩිදුර බාගැනීම් සඳහා මෙතැන ක්ලික් කරන්න.
සැලකිය යුතුයි: අනාගතයේ දී වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැලසීම පිණිස, බැංකුව විසින් කාරණාවට අදාළව වෙනත් ලේඛන ඉල්ලා සිටිනු හැකියි.
අවම තැන්පතුව
| ගිණුම් වර්ගය | මුදල |
|---|---|
| සියලු කාණ්ඩ සඳහා ප්‍රකාශන | ශ්‍රීලංරු 7,500.00 |
Seylan member?
Find a Branch
Call us
Request A Call?