ඔබේ අමතර මුදල් මත ප්‍රතිලාභ රැසක් භුක්ති විඳින අතරවාරයේ ඔබේ සියලුම ඉතුරුම් සඳහා විශ්මිත ලාභ ලැබීමේ අවස්ථාව, සෙලාන් ඉතුරුම් ගිණුම් වෙතින් ඔබට ලැබේ. සැපේදීත් දුකේදීත්, ජීවිත කාලය පුරාවටම නොවෙනස්ව හා අඛණ්ඩව ඔබට සතුට ගෙනෙන ආකර්ෂණීය පොලී අනුපාතික සහ ප්‍රතිලාභ ලබාදෙන එකම ගිණුමයි මේ.
ඔබේ ගිණුමෙන් උපරිම ඵල නෙළා ගන්න:
“සෙලාන් මෙගා රිවෝඩ්ස්” හරහා ඉතිරි කර, ජීවිතය වෙනස් කරන සුභදායක ප්‍රතිලාභ ලබන්න.
පාස්පොත/ප්‍රකාශන/ඊ-ප්‍රකාශන අතරින් ඔබට පහසු ක්‍රමය තෝරාගන්න.
ඩෙබිට් කාඩ්පත් සඳහා කාලයෙන් කාලයට පිරිනමන ප්‍රවර්ධන වලින් ප්‍රයෝජනය ගන්න.
ස්ථාවර නියෝග සකසන්න - ඔබේ ජංගම ගිණුමෙන් ඉතුරුම් ගිණුමට විධිමත් කාලාන්තර වල දී මුදල් පැවරීම, ඔබේ ඉතුරුම් වර්ධනය කරගත හැකි පහසුම මාර්ගයයි.
ලොව පුරා පැතිරුණු ජාලයන් - ශාඛා ජාලය සහ ඒටීඑම් ජාලය
පහසු-ප්‍රවේශ බැංකුකරණය - අන්තර්ජාල බැංකුකරණය / එස්එම්එස් සංඥා/ ජංගම බැංකුකරණය / මුදල් තැන්පතු යන්ත්‍ර
තෝරාගත් ශාඛාවන් හි දී පැය ගණන දීර්ඝ කිරීම් සහිතව දින 365 පුරා බැංකුකරණ පහසුකම්
හවුල් ගිණුම් විවෘත කළ හැකියි.
සුදුසුකම්:
වයස අවුරුදු 18 ට සහ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්.
අවශ්‍ය ලේඛන:
ජාතික හැඳුනුම්පත.
නීතිරීති සහ කොන්දේසි - පාස්පොත / ප්‍රකාශන
වැඩිදුර බාගැනීම් සඳහා මෙතැන ක්ලික් කරන්න.
සැලකිය යුතුයි: දෙන ලද ලේඛනයේ ලිපිනය වෙනස් නම්, වත්මන් ලිපිනය තහවුරු කිරීමට, පසුගිය මාස 03 ඇතුළත වූ බිල්පතක් ඉදිරිපත් කළ යුතුයි. අනාගතයේ දී වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැලසීම පිණිස, බැංකුව විසින් කාරණාවට අදාළව වෙනත් ලේඛන ඉල්ලා සිටිනු හැකියි.
ලියාපදිංචි වන අයුරු:
1 වන පියවර: ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරන්න.
2 වන පියවර: ඔබේ ජාතික හැඳුනුම්පත සහ තහවුරු කිරීමේ සහය ලේඛන උඩුගත කරන්න.
3 වන පියවර: ඉදිරිපත් කරන්න
අවම තැන්පතුව: ගිණුම විවෘත කිරීම සඳහා.
| සුපිරි ශාඛාව | වෙනත් ශාඛා | |
|---|---|---|
| ඉතුරුම් | ශ්‍රීලංරු15,000.00 | ශ්‍රීලංරු 3,500.00 |
Seylan member?
Find a Branch
Call us
Request A Call?
Apply Now