ඔබ අනාගතය වෙනුවෙන් සැලසුම් කරමින් සිටිනවාද? ඔබේ අනාගතය සුරක්ෂිත කරගැනීමටත්, ඔබට ගැළපෙන කාලවකවානුවකට, ශ්‍රීලංරු හෝ ඇඩො අතරින් ඔබ කැමති ව්‍යවහාර මුදල් වර්ගයකින්, ඔබ කැමති මුදලක් මාසිකව ඉතිරි කිරීමටත් සෙලාන් මයි ප්ලෑන් වෙතින් ඔබට සහය ලබාගත හැකියි. ඔබේ ආයෝජනය සඳහා සහතික කළ පොලී අනුපාතිකයක් සමග විශාල පරාසයක ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාව ඔබට හිමි වනු ඇත.
ඔබ භුක්ති විඳින වරප්‍රසාද ම ඔබේ පවුලේ අයටත් භුක්ති විඳිය හැකි අයුරු බලන්න.
සෙලාන් මයි ප්ලෑන් සතු කාණ්ඩ 3 අතරින් ඔබේ කැමැත්තට අනුව
- වයස අවුරුදු 18 සහ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා රුපී ඉතුරුම් සැලසුම
- වයස අවුරුදු 15ට අඩු දරුවන් සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා කිඩ්ස් ඉතුරුම් සැලසුම
- ශ්‍රී ලංකාවේ පදිංචි සහ විදේශයන් හි සේවය කරමින් නේවාසිකව සිටින වයස අවුරුදු 18 සහ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්/ ව්‍යාපාරික ආයතන සඳහා ඩොලර් ඉතුරුම් සැලසුම
සෙලාන් සේවිංග්ස් ප්ලෑනර් ගිණුම් හිමියන් පහත දැක්වෙන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබයි:
| විස්තරය | ශ්‍රීලංරු - ඉතුරුම් | විදේශ ව්‍යවහාර මුදල් ඇඩො - ඉතුරුම් | කිඩ්ස් - ශ්‍රීලංරු ඉතුරුම් |
|---|---|---|---|
| වසර ගණන | අවුරුදු 2 සිට 5 දක්වා | 2 & 5 Years | 3 to 18 Years |
| පොලී අනුපාතිකය (වාර්ෂිකව) | 7.0% | 4.5% -02 Years 5.0%- 05 Years |
7.0% - 3 to 5 Years 8.0% - 6 to 18 Years |
| ව්‍යවහාර මුදල් වර්ගය | ශ්‍රීලංරු | FCY USD | LKR |
| කල්පිරීමේ අවම ඉලක්කය | 100,000.00 | USD 1000.00 | 250,000.00 |
| කල්පිරීමේ අවම ඉලක්කය | 10,000,000.00 | USD 50,000.00 | 10,000,000.00 |
| සෙලාන් රිවෝඩ්ස් වැඩසටහන | නැත | නැත | නැත |
| ඊ- හෝ සාමාන්‍ය ප්‍රකාශන | ත්‍රෛමාසිකව | ත්‍රෛමාසිකව | ත්‍රෛමාසිකව |
| ඩෙබිට් කාඩ්පත් සහ අන්තර්ජාල බැංකුකරණ පහසුකම් | නැත | නැත | නැත |
| කෑෂ්-බැක්ඩ් ණය පහසුකම | හිඟව තිබෙන ශේෂයෙන් 75%ක් | හිඟව තිබෙන ශේෂයෙන් 75%ක් | නැත |
| නියමිත කාලයට පෙර ගිණුම් වසා දැමීම (ගිණුම්, සාමාන්‍ය ඉතුරුම් පොලී අනුපාතිකයන්ට යටත් වේ) | ඔව් | ඔව් | ඔව් |
Seylan member?
Find a Branch
Call us
Request A Call?