රන් ණය


කෙටි-කාලීනව මුදල් ලබාගැනීම සඳහා අද වනවිට සෙලාන් සතු වඩාත්ම වේගවත් හා බෙහෙවින්ම පහසු ක්‍රමය සෙලාන් රන් ණය ක්‍රමය නිසා, මුදල් අතින් අසීරු තත්ත්වයකට පත්ව සිටින අවස්ථාවක, ඔබට ඇති හොඳම විකල්පය ඔබේ රන් ආභරණ වලට එරෙහිව මුදල් අත්තිකාරම් ලබා ගැනීමයි.   රන් භාණ්ඩ උකස් කිරීමේ දී ඉතාමත් තරගකාරී අනුපාතිකයන් ගනුදෙනුකරුවන් වෙත පිරිනමන තැනකි එය.  ඔබට දැරිය හැකි පොලී අනුපාතිකයකට ඔබේ අවශ්‍යතාවට ගැළපෙන අත්තිකාරම් මුදල් පිරිනැමීමට සෙලාන් උකස් සේවාව සැම විටම සූදානම් ය.  එබැවින් උකස් සම්බන්ධයෙන් වඩාත්ම සදාචාරාත්මක, විශ්වසනීය සහ බෙහෙවින්ම නුවණට හුරු විකල්පය වන්නේ සෙලාන් උකස් සේවාවයි.

ඔබේ ගිණුමෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න:
•    මුද්දර ගාස්තු නැත.
•    මූලික මුදලින් කොටසක් හා ගෙවීමට නියමිත මුදල අලුත් කරගැනීමේ හැකියාව.
•    රන් මිල ඉහළ යාමත් සමග, සංශෝධිත ගෙවීම් පිළිබඳ නීතිරීති වලට අනුව, උකස් කරන ලද රන් භාණ්ඩ වල වටිනාකමින් 100%ක් දක්වා අත්තිකාරම් මුදල වැඩි කරගත හැකියි. 
•    දිවයින පුරා ශාඛා ජාලය සමග පහසු උකස් සේවාවක් බැංකුව විසින් පිරිනමයි.
•    ඔබේ රන් භාණ්ඩ සඳහා පිරිනමන ඉහළ අත්තිකාරම් මුදල් මගින් වැඩි වාසියක් ලබන්න.
සුදුසුකම්:
•    වයස අවුරුදු 18 ට සහ ඊට වැඩි
අවශ්‍ය ලේඛන:
•    ජාතික හැඳුනුම්පත/වලංගු විදේශ ගමන් බලපත්‍රය/වලංගු රියදුරු බලපත්‍රය

සැලකිය යුතුයි: දෙන ලද ලේඛනයේ ලිපිනය වෙනස් නම්, වත්මන් ලිපිනය තහවුරු කිරීමට, පසුගිය මාස 03 ඇතුළත වූ බිල්පතක් ඉදිරිපත් කළ යුතුයි.  අනාගතයේ දී වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැලසීම පිණිස, බැංකුව විසින් කාරණාවට අදාළව වෙනත් ‍ලේඛන ඉල්ලා සිටිනු හැකියි


*වෙළඳපොළ තත්ත්වයන් මත පදනම්ව පොලී අනුපාතිකයන් වෙනස් වීමට යටත් වේ.
** කොන්දේසි අදාළ වේ.
 


Gold Loan

කැරට් ප්‍රමාණය මාස 12 ක් සඳහා උකස් අනුපාතය (රන් පවුමකට) මාස 03 ක් සඳහා රන් ණය මාස 03 ක් සඳහා රන් ණය - Plus මාස 06 ක් සඳහා රන් ණය Plus
24 260,000.00 270,000.00 280,000.00 265,000.00
22 240,000.00 250,000.00 255,000.00 245,000.00
21 200,000.00 185,000.00 195,000.00 182,000.00
20 180,000.00 175,000.00 180,000.00 172,000.00
19 160,000.00 160,000.00 170,000.00 157,000.00
18 150,000.00 155,000.00 160,000.00 152,000.00
පොලී අනුපාතය 12.00% වා.පො. 11.75% වා.පො. 12.50% වා.පො. 11.75% වා.පො.