Internet Banking Login

ත්‍යාග වවුචර

l
Features

"සෙලාන් ටිකිරි තෑගි වවුචර" යනු "ටිකිරි " ගිණුම් ක්‍රමයට වැඩි අගයක් ලබා දෙමින් නව ගිණුම් ආරම්භ කිරීමට සහ පවත්නා ගිණුවල ශේෂය ඉහළ නැංවීමට පහසුදායක විසඳුමකි.

අලුත උපන් බිළිඳෙකු වෙනුවෙන් තිළිණයක් ලෙසින් හෝ උපන්දින ත්‍යාගයක් ලෙසින්, එසේත් නැතිනම් දරුවෙකුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන් තිළිණ කිරීම සඳහා "සෙලාන් ටිකිරි තෑගි වවුචර" ඕනෑම සෙලාන් බැංකු ශාඛාවකින් ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමට හැකිය.

How to get started
  • මූලික තොරතුරු::
    • දරුවාගේ සම්පූර්ණ නම
  • මිලදී ගන්නා ස්ථානය:
  • අවම තැන්පතු මුදල
    විස්තරය මුදල
    අවම මුදල LKR 500/- සහ ඉන් අනතුරුව LKR 100/- ගුණාකාරයෙන්
    උදා - LKR 500/-, LKR 600/-, LKR 900/-
FAQs

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචර’ යනු කුමක් ද?

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචර’ යනු දරුවකුගේ ජීවිතයේ ඕනෑම වැදගත් අවස්ථාවක දී තෑගි දීම සඳහා, ලේඛන කිසිවක් නොමැතිව අපගේ ශාඛා කවුළු වෙතින් ඉතා පහසුවෙන් මිලදී ගත හැකි ත්‍යාගයකි.

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ ලබාගන්නේ කෙසේද?

ඕනෑම ශාඛාවකින් මිලදී ගත හැක.

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ක් මිලදී ගැනීමට අවශ්‍ය අවම මුදල කොපමණද?

රු.500/- සහ අනතුරුව 100/- ගුණාකාරයෙන්.

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ කින් මුදල් ආපසු ලබාගත හැක්කේ කෙසේද?

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ ගිණුමකට බැරකිරීම සඳහා පමණක් වන අතර, එය මුදල් බවට හැරවිය නොහැක.

‘ටිකිරි තෑගි වවුචරය’ භාවිතයෙන් භාණ්ඩ ලබාගත හැක්කේ කෙසේද?

තෑගි වවුචරය, නව ටිකිරි ගිණුමක් විවෘත කිරීම සඳහා හෝ ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක දැනට පවත්නා ටිකිරි ගිණුමකට බැරකිරීම සඳහා හෝ පමණක් භාවිත කිරීම පිණිස වේ.

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ක් ලබන දරුවාගේ (අර්ථලාභියාගේ) වයස් සීමාව කොපමණ විය යුතු ද?

නව ගිණුමක් විවෘත කිරීමට නම්, වවුචරය මිලදී ගන්නා දිනය වන විට ත්‍යාගය ලබන දරුවාගේ වයස අවුරුදු 15ට අඩු විය යුතුය. එසේත් නැතිනම්, අදාළ ත්‍යාගය ගිණුමකට බැර කරන අවස්ථාවේදී ගිණුම් හිමියා වයස අවුරුදු 18ට අඩු විය යුතු වේ.

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ක වලංගු කාලසීමාව කොපමණද?

නිකුත් කළ දිනයේ සිට මාස 03ක් දක්වා තෑගි වවුචරය වලංගු වේ.

කල් ඉකුත් වූ ‘ටිකිරි තෑගි වවුචරය’ ක වටිනාකම ලබාගන්නේ කෙසේද?

කල් ඉකුත් වූ තෑගි වවුචර සඳහා, තෑගි වවුරය නිකුත් කළ ශාඛාව වෙත ගොස් ඕනෑම සෙලාන් ශාඛාවක පවත්වාගෙන යන ටිකිරි ගිණුමකට වෙත මුදල් බැර කිරීම ගනුදෙනුකරුගේ ඉල්ලීම මත සිදු කළ හැකි වේ.

(ටිකිරි ගිණුමක් විවෘත කිරීමට හෝ තෑගි වවුචරයේ වටිනාකම දැනට පවත්නා ටිකිරි ගිණුමකට බැර කිරීමට හෝ ‘ටිකිරි තෑගි වවුචරය’ භාවිත කළ හැක.)

‘ටිකිරි තෑගි වවුචරය’ ඉදිරිපත් කිරීමෙන් ගනුදෙනුකරුවකු හට ශාඛාවක් මගින් ත්‍යාග ලබාගත හැක්කේ කෙසේද?

ටිකිරි සැලසුම සඳහා සුදුසුකම් ලබන තෑගි කිසිවක් තෑගි වවුචරවලට නිකුත් කරනු නොලැබේ. කෙසේ වෙතත්, ටිකිරි ගිණුමකට තෑගි වවුචර තැන්පත් කළ විට, ගිණුම් ශේෂය මත පදනම්ව අදාළ තෑගි ලබාගත හැකි වේ.

ගනුදෙනුකරුවකු හට මිලදී ගත හැකි අවම/උපරිම තෑගි වවුචර ගණන කීයද?

තෑගි වවුචර ඕනෑම සංඛ්‍යාවක් මිලදී ගත හැකිය.

‘ටිකිරි තෑගි වවුචරය’ක් මිලදී ගන්නා අවස්ථාවේදී උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්යය ද?

අවශ්‍ය නැත, නමුත්, නව ටිකිරි ගිණුමක් විවෘත කරන අවස්ථාවේ දී එය අවශ්‍ය වේ.

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල කොපමණද?

මිලදී ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රු. 500/-ක් වන අතර, අනතුරුව රු.100/- ගුණාකාරයෙනි.