Internet Banking Login

කාලීන ණය

l
Features
  • කාලීන ණය යනු විශේෂ අරමුණක් වෙනුවෙන් ලබාදෙන ණය ක්‍රමයකි. මෙහි මුදල් වර්ගය, ලබාදෙන මුදල සහ කාලසීමාව යනාදී දේවල් ස්ථාවරව පවතී.

    • මූල්‍යමය හා අනෙකුත් වාසි

      ඔබගේ මූල්‍ය අවශ්‍යතාවන්ට (ව්‍යාපාරික හෝ පෞද්ගලික) ගැලපෙන විසඳුමක් වීම සහ වසර 3 ක් දක්වා ආපසු ගෙවීමේ කාලය කැමති පරිදි තෝරාගත හැකි වීම (ණය ලබාගන්නාගේ හෝ ව්‍යාපෘතියේ අවශ්‍යතා අනුව දීර්ඝකාලීනව ණය ලබාගත හැක).

    • වියදම් (පොලිය, ගාස්තු හා කොමිස් ආදිය)

      • අඩුවන හිඟ මුදල මත පොලිය අයකෙරෙන අතර ණය ලබාදීමේ ලිපිය තුළ අදාළ පොලී අනුපාතය දැක්වෙනු ඇත.
      • ණය සම්බන්ධ ලිපිලේඛන සඳහා වන ගාස්තු/නීතිමය කටයුතු සම්බන්ධ ගාස්තු/තක්සේරුකරණ ගාස්තු ආදිය ණය මුදල සහ ඇපවල ස්වභාවය අනුව තීරණය වේ.
    • සේවාව ලබාගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය

      ණය මුදලක් ලබාගැනීම සඳහා වන අයදුම් පත්‍රය නිසි පරිදි පුරවා, අදාළ අනෙකුත් ලිපිලේඛන සමග ගිණුම පවත්වාගෙන යන ශාඛාවේ කළමනාකරු වෙත භාරදිය යුතු ය.

    • මූලික වගන්ති හා කොන්දේසි

      • සමාගම් හා ආයතන සම්බන්ධයෙන් ගත් කල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, ස්ථාවර වත්කම් මිලදීගැනීමේ අවශ්‍යතා හෝ බැංකුව විසින් පිළිගනු ලබන අනෙකුත් අවශ්‍යතා සඳහා ණය ප්‍රදානය කෙරේ.
      • පෞද්ගලික ගැනුම්කරුවන් සඳහා, බැංකුව පිළිගන්නා ඕනෑම පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා ණය ලබාදෙනු ඇත.
      • හේතු දැක්වීමකින් තොරව ඕනෑම ණය අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව සතු ය. කෙසේ වෙතත් සේවාවක් ප්‍රතික්ෂේප කරනු ලැබූ විට ඊට හේතු ගනුදෙනුකරුවන් වෙත දැනුම්දෙනු ඇත.
      • කාලීන ණය ප්‍රදානය කරනු ලබන්නේ බැංකුව විසින් පිළිගනු ලබන මට්ටමේ මාසික ආදායමක් ලබන ගැනුම්කරුවන්ට පමණි.
      • මූල්‍ය සහය අපේක්ෂා කිරීමේදී සාමාන්‍යයෙන් ගැනුම්කරුවන් විසින් කිසියම් ඇපයක් ඉදිරිපත් කළ යුතු ය.