Internet Banking Login

ශ‍්‍රී ලංකා රජයේ ආරක්ෂණ

l
විශේෂාංග
  • භාණ්ඩාගාර බිල්පත්

    භාණ්ඩාගාර බිල්පත් යනු ශ‍්‍රී ලංකා රජය මඟින් මාස 03, 06 ක් හෝ 12 ක කාල සීමාවක් සඳහා නිකුත් කරනු ලබන කෙටි කාලීන සුරැුකුම්පත් ක‍්‍රමයකි. භාණ්ඩාගාර බිල්පත් වට්ටම් සුරැුකුම්පත් ක‍්‍රමයක් වේ. ආයෝජකයා විසින් මිල අඩු කරන ලද වටිනාකම (ආයෝජන වටිනාකම* ගෙවූ පසු කල් පිරීමේදී එහි මුහුණත වටිනාකම හිමිවේ. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ සතිපතා සිදු වන වෙන්දේසියේදීය.

  • භාණ්ඩාගාර බැඳුම්කර

    භාණ්ඩාගාර බැඳුම්කර යනු වසර 2 සිට 20 දක්වා කාල සීමාවක් සඳහා ශ‍්‍රී ලංකා රජය මඟින් නිකුත් කරනු ලබන මධ්‍ය කාලීන සහ දිගු කාලීන සුරැුකුම්පත් ක‍්‍රමයකි. කල් පිරීමේදී නැවත ගෙවීමේ පදනම මත අර්ධ වාර්ෂිකව භාණ්ඩාගර බිල්පත් සදහා පොලී මුදලක් හිමිවේ.

  • Repos

    REPO යනු කල්පිරීමේදී ගෙවීමට එකඟවන පොලී අනුපාතයක් ලබා දෙන පොරොන්දුවක් මත භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හිලව් වන ලෙස බැංකුව විසින් පාරිභෝගිකයන්ගෙන් එකඟ වන විශේෂිත කාල පරිච්ෙඡ්දයක් සඳහා මුදල් ලබාගැනීමකි. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ඔබගේ ආයෝජන සඳහා ඇපයක් ලෙස ක‍්‍රියාකරයි. මෙය අවදානම් රහිත ආයෝජනයකි..

  • Reverse Repos

    නිශ්චිත අනාගත දිනයකදී නිශ්චිත මිලකට ආපසු මිලදී ගන්නා පොරොන්දුව මත ගැනුම්කරුවකුගෙන් හෝ පාරිභෝගිකයකුගෙන් සුරැුකුම්පත් අලෙවිකරුවා හෝ නියෝජිතයා ඇතිකරගන්නා ගිවිසුමකි. මෙය පාරිභෝගිකයාගේ දෘෂ්ඨියෙන් සකසන විට Reverse Repos නමින් හැ`දින්වේ.

  • ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර

    ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යනු ශ‍්‍රී ලංකා රජය මඟින් නම් කරන ලද ඇමෙරිකානු ඩොලර් ණය නිකුතුවකි. සෑම මාස හයකටම වරක් හිමිකරු වෙත පොලිය ලබාදෙන අතර එය කල් පිරීමේ කාල සීමාව අවසානයේ නැවත ගෙවීමේ පදනම මත සිදුවේ. සය මාසිකව ලන්ඩන් අන්තර් බැංකු ආයතනය ලබාදෙන අමෙරිකානු ඩොලර් අනුපාතයට (LIBOR) අනුව පොලී ගණනය කිරීම සිදුවන අතර එය වාර්ෂික වෙන්දේසියේදී ලංසු තබන සීමාවට අනුකූල වේ.

ආරම්භ කරන ආකාරය
  • සුදුසුකම්:
  • භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර
    • විදේශීය සුරැුකුම්පත් ආයෝජකයින් සඳහා රටේ අරමුදල්, කලාපීය අරමුදල් සහ පොදු අරමුදල් ඇතුළත් වේ.
    • ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත සංස්ථාපිත ආයතන.
    • මෙරට වාසය කරන පුද්ගලයන්.
    • ශ‍්‍රී ලංකාවේ වාසය කරන හෝ විදේශවල වාසය කරන විදේශිකයන්.
    • මෙරට වාසය නොකරන ශ‍්‍රී ලාංකිකයින්
    • ශ‍්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිතව ඇති සංස්ථාපිත ආයතන.
  • Repos & Reverse Repos
    • තනි පුද්ගලයන් සහ ශ‍්‍රී ලංකාව තුල සංස්ථාපිතව ඇති සංස්ථාපිත ආයතන.
  • ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර
    • ශ‍්‍රී ලංකාවෙන් බැහැර රැුකියාවක, වෘත්තියක හෝ ව්‍යාපාරයක නිරත වන ශ‍්‍රී ලාංකිකයන්.
    • ද්විත්ව පුරවැසිභාවය ඇති ශ‍්‍රී ලාංකිකයින් ශ‍්‍රී ලංකාවෙන් පිටත වාසය කරන ස්ථානය පැහැදිලිව සනාථ කළ යුතුය.
    • රක්ෂණ ක්ෂේත‍්‍රය සඳහා ව්‍යවස්ථාපිත රෙගුලාසි වන පනත් අංක 43, 2000 යටතේ ලියාපදිංචි වූ සමාගම්වලට අයත් විශේෂිත විදේශ විනිමය ගිණුම්.
    • ශ‍්‍රී ලංකාවේ පදිංචිවී සිටන හෝ ශ‍්‍රී ලංකාවෙන් පිටත සිටින විදේශීය රටක පුරවැසියන්
    • ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇමෙරිකා එක්සත් ජනපදයට හෝ එහි වාසය කරන පුද්ගලයින්ට අලෙවි නොකරන බව කරුණාවෙන් සලකන්න.
    • ශ‍්‍රී ලංකාවෙන් පිටත ස්ථිරව වාසය කරන ශ‍්‍රී ලාංකිකයන්
    • ආයෝජන මණ්ඩලයේ සමාගම් - ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල මෙරටින් ගෙන යන ආදායම ආයෝජනය කළ යුතුය.
  • අවශ්‍ය ලේඛනථ:
    • භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර
    • පුද්ගලිකවථ සංස්ථාපිත ආයතනථ
      ජා. හැ. ප. පිටපත් අධ්‍යක්ෂක මණ්ඩලයේ ජා. හැ. ප. පිටපත්
      ආයෝජකයාගේ දත්ත ඉල්ලූම් පත‍්‍රය ආයෝජකයාගේ දත්ත ඉල්ලූම් පත‍්‍රය
      සේවාදායකයාගේ ලියාපදිංචි පත‍්‍රය සේවාදායකයාගේ ලියාපදිංචි පත‍්‍රය
      නිවැරදි පත‍්‍රය / විද්‍යුත් තැපැල් බලය නිවැරදි පත‍්‍රය / විද්‍යුත් තැපැල් බලය
      KYC පත‍්‍රය KYC පත‍්‍රය
      ලංකා ආරක්ෂණ ජාල පත‍්‍රය බලයලත් අත්සන් කරුවන්ගේ ලැයිස්තුව
      අයදුම් පත‍්‍රය සමාගම් මණ්ඩලයේ යෝජනාව
      Customer Agreement සංස්ථාපිත සහතිකය
      පත‍්‍ර 1 (සමාගම් ලියාපදිංචිය*)
      සංගමයේ වගන්ති සහතික කළ පිටපත
      අයදුම් පත‍්‍රය
    • Repo
    • පුද්ගලිකවථ සංස්ථාපිත ආයතනථ
      නැවත මිලදී ගැනීමේ ගිවිසුමේ මුල් පිටපත නැවත මිලදී ගැනීමේ ගිවිසුමේ මුල් පිටපත
      ජා. හැ. ප. පිටපත් අධ්‍යක්ෂක මණ්ඩලයේ ජා. හැ. ප පිටපත්
      සේවාදායකයාගේ ලියාපදිංචි පත‍්‍රය සේවාදායකයාගේ ලියාපදිංචි පත‍්‍රය
      නිවැරදි පත‍්‍රය / විද්‍යුත් තැපැල් බලය නිවැරදි පත‍්‍රය / විද්‍යුත් තැපැල් බලය
      KYC පත‍්‍රය KYC පත‍්‍රය
      ආයෝජකයාගේ දත්ත ඉල්ලූම් පත‍්‍රය ආයෝජකයාගේ දත්ත ඉල්ලූම් පත‍්‍රය
      අයදුම් පත‍්‍රය අයදුම් පත‍්‍රය
      සමාගම් මණ්ඩලයේ යෝජනාව
      සංස්ථාපිත සහතිකය
      සංගමයේ වගන්ති සහතික කළ පිටපත
      බලයලත් අත්සන් කරුවන්ගේ ලැයිස්තුව
      පත‍්‍ර 1 (සමාගම් ලියාපදිංචිය*)
ප‍්‍රශ්න සහ පිළිතුරු

    භාණ්ඩාගාර බිල්පත් / බැදුම්කර නිකුත් කරනුයේ කවුරුන් විසින්ද?

    ශ‍්‍රී ලංකා රජයේ නියෝජිතයකු වශයෙන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් සතිපතා වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලබයි

    භාණ්ඩාගාර බිල්පත් /බැඳුම්කරවල ආයෝජනය කරනුයේ කෙසේද?

    ආයෝජකයින්හට වෙන්දේසියේදී භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර නම් කරන ලද ප‍්‍රාථමික විකුණුම්කරුවන් (PDs) වෙතින් ප‍්‍රථමික අලේවියේදී හෝ ද්වීතික අලෙවියේදී ප‍්‍රාථමික අලෙවි කරුවන් (PDs) , වාණිජ බැංකු වෙතින් ඕනෑම ව්‍යාපාරික දිනයකදී මිලදී ගත හැකියි.

    භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර සඳහා මා අයදුම් කරන්නේ කෙසේද?

    • ප‍්‍රාථමික අලෙවිකරුවන් (PDs) හෝ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි බලපත‍්‍ර ලාභී වාණිජ බැංකු වෙතින් ඕනෑම මොහොතකදී ඔබට භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර මිලදී ගත හැකියි.
    • ඔබගේ ගනුදෙනුව සම්පූර්ණ කළ පසු ඔබගේ නියෝජිතයා (බලපත‍්‍ර ලාභි වාණිජ බැංකු හෝ ප‍්‍රාථමික අලෙවිකරුවන්* විසින් ශ‍්‍රී ලංකා මහ බැංකුවෙහි පාලනය යටතේ ඇති මධ්‍යම තැන්පතු පද්ධතියේ ආරක්ෂිත ගිණුමක් විවෘත කර දෙනු ඇත. මෙම ගිණුම ඔබේ අලෙවි කටයුතුවලදී හර බැර යන දෙයාකාරයෙන්ම ක‍්‍රියාත්මක වේ.

    භාණ්ඩාගාර බිල්පත්වල ඇති ප‍්‍රධාන විශේෂාංග මොනවාද?

    • කල්පිරීමේ ක‍්‍රියාවලියේදී මුහුණත වටිනාකම නිවැරදි කල්පිරීමේ දිනයේදීම ගෙවනු ලබයි.
    • ද්විතීයික වෙළඳ පොළෙහි විකිණිය හැකි වේ.
    • කෙටි කාලීන සුරැුකුම් පතකි (මාස 3 සිට 12 දක්වා*)
    • ආදායම වෙළඳපොළ මත ර`දාපවතී.
    • අවදානම් රහිත අනර්ඝ සුරැුකුම් පත‍්‍රයක් වේ.
    • ලේඛන රහිත ක‍්‍රමයකට නිකුත් කරනු ලබයි.

    භාණ්ඩාගාර බැඳුම්කරවල ඇති ප‍්‍රධාන විශේෂාංග මොනවාද?

    • කල්පිරීමේදී නැවත ගෙවීමේ මූලධර්ම මත අර්ධ වර්ෂිකව ගෙවීම් ලබාගත හැකියි.
    • ද්විතීයික වෙළඳපොළෙහි විකිණිය හැකි මූල්‍ය උපකරණයක් වේ.
    • වෙළඳ පොළ අනුව ආදායම් තීරණය වේ.
    • ලේඛන රහිතව නිකුත් කෙරේ.
    • කොටස් වශයෙන් නොවන ක‍්‍රමයකට නිකුත් කරනු ලබයි.
    • වසර 2ත් 20ත් අතර කාලයකදී කල් පිරීම සිදුවේ.

    භාණ්ඩාගාර බිල්පත් / බැදුම්කර වල ආයෝජනය කිරීමෙන් මට ලබාගත හැකි ප‍්‍රතිලාභ මොනවාද?

    • වෙළඳ පොළ අනුව පොලී අනුපාත තීරණය වන නිසා ඉහළ පොලි අනුපාතයක් ඔබට හිමි වේ.
    • මෙම බිල්පත් සහ බැදුම්කර ද්විතීයික වෙළඳපොළේ අලෙවි කළ හැකි වේ. එ් නිසා ඔබට වෙළෙදපොළේ අලෙවිකිරීමෙන් ඉක්මනින් ද්‍රවශීලතාවයට පත්කළ හැකි වේ.
    • මෙය නිකුත් කරනුයේ ස්වෛරී ආණ්ඩුවක් මඟින් නිසා නිසැකවම අවදානම් රහිත ආයෝජනයකි. එ් නිසා මෙය ඉහළම ආරක්ෂණයක් සහිත ආයෝජනයක් ලෙස සැලකේ.

    කල්පිරීමේ ක‍්‍රියාවලියෙන් මා ප‍්‍රතිලාභ ලබාගන්නේ කෙසේද?

    භාණ්ඩාගාර බැඳුම්කරවල පොලිය සහ කල්පිරීමේ ප‍්‍රතිලාභ (භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර යන දෙකෙහිම) නියමිත දිනයේදී ඔබගේ නියෝජිතයා හරහා සෘජුවම ඔබගේ ගිණුමට බැර වේ.

    Repos හි ආයෝජනය කිරීමෙන් මට ලබාගත හැකි ප‍්‍රතිලාභ මොනවාද?

    • කල්පිරීමට පෙර වට්ටම් මිලකට පහසුවෙන් මුදල් බවට හැරවීමේ පහසුව.
    • ඇපයක් ලෙස භාවිතා කිරීමට හැකියාව.
    • බදු රඳවා නොගැනීම.
    • ආපසු ගැනීමේදී ආකර්ෂණීය අනුපාතයක් ඔබට හිමිවීම.

    ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ප‍්‍රතිලාභ

    • සය මාසික ලන්ඩන් අන්තර් බැංකු මඟින් ප‍්‍රදානය කරන පොලිය ලබාදෙන අතර එ් තුළින් වෙළඳ පොළේ පවතින පොලිය ලබාගැනීමට ඔබට හිමිවේ.
    • ඔබට අර්ධ වාර්ෂිකව ගෙවීම් හිමිවේ.
    • සාමාන්‍ය තැන්පතුවලට වඩා ඔබේ මුදලට ඉහළ ප‍්‍රතිලාභයක් හිමිවේ.
    • විනිමය අනුපාත අවදානමක් නොමැත.
    • ඔබගේ ප‍්‍රතිලාභ ශ‍්‍රී ලංකාවේ දී මුළුමනින්ම බදුවලින් නිදහස්ය.