Internet Banking Login

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විසඳුම්

l
සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමය

    ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගීත්වය සහිතව, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සෞභාග්‍ය ණය ක්‍රමය හඳුන්වා දී තිබේ.

    • සුදුසුකම් ලබන ව්‍යාපෘති

      ඉඩම් හා ගොඩනැගිලි හැර මුළු වත්කම්වල වටිනාකම LKR මිලියන 40 ට අඩු, 5 ත් 100 ත් අතර පිරිසක් සේවයේ යෙදී සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මේ සඳහා සුදුසුකම් ලබයි. ජාතික ආර්ථිකයට වටිනාකම් එක්කරන පහත ආකාරයේ ව්‍යාපෘති සඳහා බැංකුව ප්‍රමුඛත්වය ලබාදෙනු ඇත.

      • නව ආකාරයේ ව්‍යාපෘති නිර්මාණය
      • රැකියා අවස්ථා නිර්මාණය
      • ජාතික ආර්ථිකයට දායක වන ව්‍යාපෘති
      • නිෂ්පාදනවල වටිනාකම් වැඩිකරන ව්‍යාපෘති
      • හානි නිසා බලපෑම් ඇතිවූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීම
      • අපනයනය කෙරෙහි අවධානය යොමුකරන ව්‍යාපෘති
      • බස්නාහිර පළාතින් පිටත පවතින ව්‍යාපෘති
      • පරිසර හිතකාමී ව්‍යාපෘති
      • සංචාරක කර්මාන්තයට සම්බන්ධ කුඩා පරිමාණ හෝටල්
      • කෘෂිකාර්මික නිෂ්පාදනවලින් ආහාර සැකසීම
      • නව තාක්ෂණය භාවිතා කරන ව්‍යාපෘති
    • සුදුසුකම් ලබන්නන්

      • ශ්‍රී ලංකාවේ නිත්‍ය පදිංචිකරුවන්
      • හොඳ ආදායමක් ලැබිය හැකි සහ ණය ආපසු ගෙවීමේ හැකියාව සහිත ව්‍යාපෘති
    • ලබාදෙන උපරිම ණය ප්‍රමාණය

      • ජාතික ආර්ථිකයට වැඩි වටිනාකම් එක්කරන ව්‍යාපෘති සඳහා රු. මිලියන 25 ක්.
      • සෙසු ව්‍යාපෘති සඳහා LKR මිලියන 10 ක්.
    • ආපසු ගෙවීම් කාලය

      අවුරුදු 5 (මාස 6 ක සහන කාලයක් ලබාගැනීමේ හැකියාව ඇත).

    • පොලී අනුපාතය

      වාර්ෂිකව 8%

    • ඇපය

      බැංකුව මගින් පිළිගනු ලබන ඇපයක් තැන්පත් කළ යුතු ය.

කුඩා හා සුළු කර්මාන්තයන්හි නායකත්ව සහ ව්‍යවසායකයින් නංවාලීමේ ව්‍යාපෘතිය

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ සහයෝගය ඇතිව, කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාර සඳහා මෙම ණය ක්‍රමය හඳුන්වා දී තිබේ.

    • සුදුසුකම් ලබන ව්‍යාපෘති


      ඉඩම් හා ගොඩනැගිලි හැර මුළු වත්කම්වල වටිනාකම රු. මිලියන 30 ට අඩු කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාර මේ සඳහා සුදුසුකම් ලබයි. එවැනි ව්‍යාපාර ලැයිස්තුවක් පහත දක්වා ඇත.


      • තේ (ඇසුරුම්කරණය යටතේ වටිනාකම් එක්කිරීම සැලකිල්ලට ගැනෙනු ඇත)
      • කොහුබත්
      • රබර්
      • පාවහන්
      • ප්ලාස්ටික්
      • ඇඟලුම් හා රෙදිපිළි
      • ආහාර නිෂ්පාදන
      • ශාඛසාර නිෂ්පාදන
      • තොරතුරු තාක්ෂණය (වෙළඳාම් හැර)
      • මැණික් හා ස්වර්ණාභරණ (සැලසුම් නිර්මාණය හා නව තාක්ෂණය හඳුන්වා දීම)
      • අත්කම් නිර්මාණ
      • සම් නිෂ්පාදන
      • ඇසුරුම්කරණය
      • පිඟන් මැටි (සෙරමික්) නිෂ්පාදන  
      • කුළු බඩු (වටිනාකම් එක්කිරීම)
      • ලී බඩු
      • යන්ත්‍ර සූත්‍ර, උපාංග හා උපකරණ නිෂ්පාදනය/ලෝහ භාණ්ඩ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන
    • ලබාදෙන උපරිම ණය ප්‍රමාණය

      LKR 7,500,000/-

    • ආපසු ගෙවීම් කාලය

      අවුරුදු 10 (අවුරුදු 2 ක සහන කාලයක් ලබාගැනීමේ හැකියාව ඇත)

    • පොලී අනුපාතය

      වාර්ෂිකව 8%

    • ඇපය

      බැංකුව මගින් පිළිගනු ලබන ඇපයක් තැන්පත් කළ යුතු ය.