Internet Banking Login

ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය

l
විශේෂාංග

සෙලාන් බැංකුවේ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS) යනු අන්තර් බැංකු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු කිරීමේ ක්‍රමවේදගත පද්ධතියක් වන අතර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දේශීය නිෂ්කාශන ජාලය තුළ අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාව මේ තුළින් ලබාදෙයි. ඔබගේ ගෙවීම් ඉතාමත් ආරක්ෂාකාරීව සහ සුරක්ෂිත ලෙස සිදුකරන බවට මෙම පද්ධතිය විසින් සහතික කර තිබෙන නිසා එයින් ඔබට ලැබෙන්නේ මහඟු අස්වැසිල්ලකි.

  • ප්‍රතිලාභ:
  • ලංකාවේ ඕනෑම බැංකුවක් වෙත ඕනෑම ගෙවීමක් කිරීමට මෙම ගෙවීම් පද්ධතිය භාවිතා කළ හැකිය.
    • උදාහරණ- ණයපත් ගෙවීම්, සේවක වැටුප්, ලාභාංශ ගෙවීම්, අනිකුත් බැංකුවල ණය ගෙවීම්, අරමුදල් හුවමාරු කිරීම් ඇතුළු තවත් ගෙවීම්.
    • දහවල් 12.00 ට පෙර අරමුදල් ලැබෙන්නේ නම් ලැබිය යුතු ගිණුමේ එදිනම මුදල් තැන්පත් කෙරේ.
    • අමතරව කාලයක් වැය නොවන නිසා කාලය ඉතිරි වන අතර අනිකුත් බැංකුවල තැන්පත් කිරීම සඳහා කාසි හා නෝට්ටු අතේ රැගෙන යාමේ අවදානමෙන් මිදිය හැකිය.
    • අන්තර්ජාල බැංකුකරණය මගින් ගනුදෙනු සිදුකළ හැකිය.
    • ප්‍රේෂණ අගය මත සීමාවක් නොමැත (අගය වරකට රුපියල් මිලියන 5.00 ක උපරිමයකට යටත්ව අවශ්‍ය අගය ප්‍රේෂණ ගත කළ හැකිය)
    • සීමා වේලාවන්
    • අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය දහවල් 12.00
      ඉදිරි දාතම ගනුදෙනුව පස්වරු 4.00
Interest Rates & Fees

ගාස්තු

අයකරන මුදල ගාස්තු
ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS) විසින් රුපියල් 1000,000/= ක් දක්වා ගනුදෙනු සඳහා ගනුදෙනුවක් සඳහා අය කරන මුදල 100.00
ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS) විසින් රුපියල් 1000,000 වැඩි ගනුදෙනු සඳහා ගනුදෙනුවක් සඳහා අයකරන මුදල 200.00
උපාංග සහ විශේෂ ගණකය
උපදෙස් සංඥා සහ මාර්ගෝපදේශ
1. ආරක්ෂිත සේවාවකි. 1. වැඩි විස්තර සඳහා ලංකා ක්ලියර් ( http://www.lankaclear.com/product_service/6-overview) වෙබ් අඩවියට පිවිසෙන්න.
2. වේගවත්ය. 2. “පේ රෝල්“ ක්‍රියාත්මක වන ආකාරය ගැන ඉගෙන ගන්න.
3. එක් වරකදී ගෙවීම් රැසක් සිදුකළ හැකිය. 3. CEFTS - Common Electronic Fund Transfer Switch