Internet Banking Login

විශේෂ විදේශ ආයෝජන තැන්පත් ගිණුම

l
විශේෂාංග

විශේෂ විදේශ ආයෝජන තැන්පත් ගිණුම හෝ SFIDA යනු විදෙස් පුරවැසියන්ට සහ විදේශයන්හි පදිංචි ශ‍්‍රී ලාංකිකයන් සඳහා වූ පොළී ලැබෙන තැන්පත් ගිණුමකි.

    • ගිණුම් වර්ග

      ඉතිරි කිරීමේ හෝ ස්ථාවර තැන්පතු ලෙසින් ගිණුම විවෘත කළ හැකිය.

    • විදෙස් මුදල් පරාසය

      පහත නම් කරන ලද විදෙස් මුදල් ඒකකයකින් ඔබේ සිතැඟි පරිදි ගිණුම පවත්වාගෙන යා හැකිය: ඇමෙරිකානු ඩොලර්, යූරෝ, ජපන් යෙන්, සිංගප්පූරු ඩොලර්, කැනඩා ඩොලර්, බි‍්‍රතාන්‍ය පවුම්, ස්විට්සර්ලන්ත ෆ‍්‍රෑන්ක්, ඕස්ටේ‍්‍රලියානු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, නවසීලන්ත ඩොලර්

    • ඉතුරුම් සහ ඉපැයුම් ප‍්‍රතිලාභ

      ඇමෙරිකානු ඩොලර් 25,000 ක හෝ ඊට සමාන ශේෂයක් පවත්වා ගනිමින් ‘‘සෙලාන් තිළිණ සයුර’’ ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමය හරහා ‘‘හෝටල් පැකේජයක්’’ සඳහා සුදුසුකම් ලබාගන්න.

    • ඔබේ මුදල් ගැන අවධානයෙන් සිටින්න

      සෙලාන් අන්තර්ජාල බැංකු සේවාව සමගින් ඔබේ සෙලාන් බැංකු ගිණුම ගැන සෑම විස්තරයක්ම, පසුගිය සහ වර්තමාන ගිණුම් ප‍්‍රකාශනද පරීක්ෂා කරන්න.

    • පුළුල් ජාලය

      ඔබේ පහසුව සඳහා දීපව්‍යාප්ත ශාඛා ජාලය.

    • ගෝලීය ප‍්‍රවේශය

      වීසා බලයලත් ATM යන්ත‍්‍ර හරහා ලොව ඕනෑම තැනකින් මුදල් ආපසු ගැනීමේ හැකියාව .

    • ප‍්‍රතිලාභ

      • ගිණුම පවත්වාගෙන යන විදෙස් මුදල් ඒකකය ගිණුම් හිමියාගේ අභිමතය පරිදි නම් කරන ලද වෙනත් මුදල් ඒකකයකට පරිවර්තනය කළ හැකිය.
      • විදේශ මුදල්වලින් ගිණුම පවත්වා ගෙන ගියත් විනිමය අවදානමක් නොමැත.
      • රුපියල් ආයෝජන නම් කරන ලද ඕනෑම විදෙස් මුදල් ඒකකයක් ලෙසින් ප‍්‍රතිපරිවර්තනය කිරීමේ හැකියාව.

ආරම්භ කරමු
  • සුදුසුකම් ලබන පුද්ගලයන්
    • ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි විදෙස් පුරවැසියන්
    • ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ශ්‍රී ලංකා පුරවැසියන්
    • ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කර ඇති ආයතන
    • දේශීය අරමුදල්, අන්‍යොන්‍ය අරමුදල් සහ කලාපීය අරමුදල් වැනි විදේශ ආයතන ආයෝජකයෝ
  • බැර
    • තැන්පතු වැනි ආයෝජන අවශ්‍යතාවයක් වෙනුවෙන් බැංකු පද්ධතිය හරහා විදේශයන්ගෙන් ලැබෙන අභ්‍යන්තර පේ‍්‍රෂණ.
    • ගිණුම් හිමියා විසින් සංචාරක චෙක්පත්, බැංකු ණයකර හෝ බැංකු නෝට්ටු ලෙසින් රට තුළට ගෙන එනු ලබන විදේශ විනිමය.
    • ගිණුමේ ඇති අරමුදල් වෙනුවෙන් ලැබෙන පොලිය.
  • හර:
    • බාහිර පේ‍්‍රෂණ
    • වෙනත් SFIDA ගිණුම් වෙත කරනු ලබන මාරු කිරීම්
    • ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාව තුළදී කරනු ලබන වියදම් සහ මෙම ගෙවීම්වලට අදාළ වෙනත් දෑ (උදා: හර බදු)
මෙවලම් සහ ගණකයන්ත‍්‍ර
හෝඩුවාවන් සහ උපදෙස් ගණක යන්ත‍්‍ර අයදුම්පත‍්‍ර
විකල්ප බැංකු නාලිකා සෙලාන් තිළිණ සයුර අයදුම්පත
අපව අමතන්න ස්ථාවර නියෝග අයදුම්පත‍්‍ර
සෙලාන් බැංකු නියෝජිතයින් අදාල වෙනත් ලියකියවිලි හෝ බැංකුව විසින් ඉල්ලා සිටින ඕනැම ලියැවිල්ලක්.