Internet Banking Login

සෙලාන් ටිකිරි ඉතිරි කිරීමේ ගිණුම ( ළමා ඉතුරුම් )


ඉතිරි කිරීමේ හොඳ පුරුද්ද කුඩා කාලයේ පටන් දරුවන්ට ඉගැන්වීම ඉතා වැදගත් වේ. ඔබේ දරුවාගේ මුදල් පාලන හැකියාවන් දියුණු කරමින්, ඔවුන් හට මූල්‍ය සාර්ථකත්වයට මඟපෙන්වන හොඳම ක්‍රමය ‘සෙලාන් ටිකිරි’ ඉතුරුම් ගිණුමයි. ආකර්ශනීය පොලී අනුපාතිකයක් සමඟින් ඉතා සුවිශේෂී තෑගි රාශියක්ම, සෙලාන් ටිකරි වෙතින් ඔබේ දරුවාට පිරිනමනු ලබයි.

  • සුදුසුකම :

    වයස අවුරුදු 15ට අඩු, ශ්‍රී ලාංකේය දරුවන්ට මෙම ගිණුම ඇරඹිය හැක.

  • ගිණුම ආරම්භ කිරිමට අවශ්‍ය අවම තැන්පතුව :

    රු.500/-




  • අවශ්‍ය ලියකියවිලි සහ ලේඛන :

    උප්පැන්න සහතිකයේ පිටපතක් සමඟ ටිකිරි අයදුම්පත (මැන්ඩේටය) ඉදිරිපත් කරන්න.

    ගිණුම ආරම්භ කරන අවස්ථාවේ දරුවාගේ උප්පැන්න සහතිකය ඉදිරිපත් කර නොමැති නම්, මව, පියා හෝ භාරකරු එහි පිටපතක් දින 90ක් ඇතුළත ලබාදෙන බවට පොරොන්දු ලිපියක් ලබාදිය යුතුයි.

  • ගිණුම ආරම්භ කළ හැක්කේ කාට ද?

    දෙමාපියන්, භාරකරු හෝ වෙනත් ඥාතීන් විසින්.

  • මුදල් තැන්පත් කරන ආකාර කිහිපයක් :

    ඔබේ ළගම ඇති සෙලාන් බැංකු ශාඛාවට ගොස් මුදලින්, චෙක්පතක් මගින්, අන්තර්ජාල බැංකුකරණ සේවාව ඔස්සේ මුදල් පැවරීමෙන්, ස්ථාවර නියෝග සහ සෙලාන් ටිකිරි තෑගි වවුචර් ආදියෙන් ටිකිරි ගිණුමකට මුදල් තැන්පත් කළ හැකියි.

  • ප‍්‍රතිලාභ සදහා සුදුසුකම් ලැබීම :

    බෝනස් පොලී අනුපාතික වල ප්‍රතිලාභ ලබාගන්න

    ඔබේ දරුවා වෙනුවෙන් අද ම සෙලාන් ටිකිරි ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කර, ‘සෙලාන් ටිකිරි තෑගි සැලසුම’ වෙතින් තෑගි රැසක් හා තවත් බොහෝ ප්‍රතිලාභ හිමි කරගන්න.



ශේෂය

අවුරුදු 15ට අඩු

අවුරුදු 15ට වැඩි

වා.පො.අ. (AER)

LKR 100,000/- දක්වා ශේෂයන් සදහා

4.00%

4.00%

4.07%

රු.100,001ට වැඩි ශේෂයන් සඳහා සාමාන්‍ය පොලිය මත පහත පරිදි බෝනස් පොලිය අදාළ වේ

රු.100,001 – 200,000/-

බෝනස් පොලියක් නැත

5.00%

 

රු.300,001 – 400,000/-

බෝනස් පොලියක් නැත

7.50%

 

රු.300,001 – 400,000/-

බෝනස් පොලියක් නැත

10.00%

 

රු.400,001 – 500,000/-

බෝනස් පොලියක් නැත

12.50%

 

රු.500,001 – 750,000/-

බෝනස් පොලියක් නැත

15.00%

 

රු.750,001 – 1,000,000/-

බෝනස් පොලියක් නැත

17.50%

 

රු.1,000,001 – 1,250,000/-

බෝනස් පොලියක් නැත

20.00%

 

රු.1,250,001 – 1,500,000/-

බෝනස් පොලියක් නැත

22.50%

 

රු.1,500,001 සහ ඊට වැඩි

බෝනස් පොලියක් නැත

25.00%

 

රු.2,000,001 සහ ඊට වැඩි

25.00%

බෝනස් පොලියක් නැත

 

* පොලී අනුපාතිකයන් සපයා ඇත්තේ දැනුවත් කිරීමේ අරමුණින් පමණක් වන අතර, ඒවා වෙනස්විය හැකිය.


සියලුම පොලී අනුපාතයන් බලන්න>>>


සියළුම විස්තර දැනගන්න>>>

    ‘සෙලාන් ටිකිරි’ ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය අවම තැන්පතු මුදල කොපමණද?

    රුපියල් 500/-ක මූලික තැන්පතුවකින්, ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක දී ‘සෙලාන් ටිකිරි’ ගිණුමක් විවෘත කළ හැක

    ‘සෙලාන් ටිකිරි’ ගිණුමක් විවෘත කිරීම සඳහා වන අවම වයස් සීමාව කුමක් ද?

    වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා ‘සෙලාන් ටිකිරි’ ගිණුම් විවෘත කළ හැකිය.

    ‘සෙලාන් ටිකිරි’ ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය වන ලේඛන මොනවාද?

    • ටිකිරි ගිණුම් අයදුම්පත සමග උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
    • දෙමාපිය/භාරකරුගේ වලංගු ජාතික හැඳුනුම්පත හෝ ජා.හැ.ප. අංකය සහිත රියැදුරු බලපත්‍රය/ ගමන් බලපත්‍රය.

    ‘සෙලාන් ටිකිරි’ ගිණුමකට තැන්පතු සිදුකරන්නේ කෙසේ ද?

    • මුදල්
    • චෙක්පත්
    • අන්තර්ජාල බැංකුකරණ මුදල් හුවමාරු
    • ‘සෙලාන් ටිකිරි’ තෑගි වවුචර
    • Standing Orders
    • SLIPS මුදල් හුවමාරු
    • ප්‍රේෂණ

    ‘සෙලාන් ටිකිරි’ ගිණුම් හවුල් ගිණුම් වශයෙන් විවෘත කළ හැකිද?

    මෙම ගිණුම් විවෘත කරනු ලබන්නේ දරුවාගේ නමින් පමණි. හවුල් ගිණුම් විවෘත කිරීමට අවසර නොමැත.