Internet Banking Login

Seylan Tikiri bring fabulous gifts for school children

l

නංගියි මමයි අකුරට යන වෙලාවේ ටිකිරි අපට වටින තෑගි ගෙනාවේ
අඛණ්ඩව 4 වැනි වරටත් නව පාසල් වාරයේදී දරුදැරියන්ට තෑගි රැසක් පිරිනැමීම සඳහා ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සෙලාන් බැංකුව කටයුතු යොදා ඇත. ඒ අනුව ජනවාරි මාසයේදී නව පාසල් වාරයට පිවිසෙන දරු දැරියන්ට අගනා වටිනා තෑගි රාශියක් සෙලාන් බැංකුව වෙතින් හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවී තිබේ.  
මෙම වැඩසටහනේ මීට ඉහත අදියරවල් අතිශයින් සාර්ථක වූ අතර ඒ සඳහා පොඩිත්තන්ගෙන් හා දෙමාපියන්ගෙන් හිමි වූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි. එම නිසා මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට සෙලාන් බැංකුව තීරණය කළ අතර දැන් පෙරපාසල් වයසේ සිට අවුරුදු 12 දක්වා දරුදැරියන්ට මෙම  වැඩසටහන යටතේ ත්‍යාග හිමිකරගත හැකි වේ. 

ජනවාරි 01 වැනි දින සිට පෙබරවාරි 28 වැනි දින දක්වා දිවයින පුරා සෙලාන් බැංකු ශාඛා වලදී මෙම ත්‍යාග වැඩසටහන ක‍්‍රියාත්මක වනු ඇත. මේ යටතේ සෙලාන් ටිකිරි ගිණුම් හිමියන්ට රු. 7,500 ක තැන්පතුවක් සඳහා ටිකි කුඩයක් සහ රු. 5,000 ක තැන්පතුවක් සඳහා ටිකි රේන්කෝට් එකක් හිමි වේ. තවද අලූතින් ආරම්භ කරන රු. 10,000 හෝ ඊට වැඩි තැන්පතු සඳහා ඉහත ත්‍යාග දෙකම මෙන්ම වතුර බෝතල්, මග් සහ පාසල් බෑග් ඇතුළු තවත් ත්‍යාග රාශියක් පිරිනැමීමටද සෙලාන් බැංකුව සැලසුම් කර ඇත. 

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ පිරිනමනු ලබන ත්‍යාග වලට අමතරව, නව සෙලාන් ටිකිරි ගිණුමක් ආරම්භ කිරීම හෝ පවතින සෙලාන් ගිණුමකට මුදල් බැරකිරීම මගින් බයිසිකල්, දුරස්ථ පාලක හෙලිකොප්ටර්, ස්කූටර්, LED රූපවාහිනී සහ තවත් ත්‍යාග රැසක් හිමි කරගැනීමට අවස්ථාව තිබීම විශේෂත්වයකි. 

"නව පාසල් වාරයක් යනු සෑම දරුවෙකුගේම ජීවිත වලට ලැබෙන අලූත් ආරම්භයක්. සාමාන්‍යයෙන් එදිනෙදා පාසල් ගමනට අවශ්‍ය වන දේවල් වලට අමතරව විශේෂ තෑගි ලැබීමට දරුවන් ඉතාම කැමතියි. එම නිසා මෙම වැඩසටහන තවතවත් පුළුල් කරමින් තවත් පොඩිත්තන් රැසකට තෑගි හිමිකරගැනීමට අවස්ථාව සලසා දීමට අප තීරණය කළා. මෙය පාසල් ගමන ගැන දරුවන් තුළ උනන්දුව වැඩි කිරීමට වගේම ඉතිරි කිරීමේ පුරුද්ද ඔවුන් තුළ කුඩා කල සිටම තහවුරු වීමටත් හේතුවක් වේවි. දරුවන් තුළ මුදල් කළමනාකරණ හැකියාවන් සහ ව්‍යවසායකත්ව හැකියාවන් දියුණු කර ඔවුන්ගේ අනාගත දියුණුවට අත්වැලක් වීම සෙලාන් බැංකුවේ ඉලක්කයයි. ඒ වගේම අද දවසේ වේගයෙන් වෙනස් වන ජීවන රටාවන්ට අනුව අවශ්‍ය වෙනස්කම් සිදුකරමින්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් තනා දීමට සෙලාන් බැංකුව කැපවී සිටිනවා." සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකු සේවා) ටිලාන් විජයසේකර මහතා පැවසී ය. 

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන දරුවන්ට ත්‍යාග පිරිනැමීමට පමණක් නොව, ඉතිරි කිරීමේ වැදගත්කම දෙමාපියන්ටද පෙන්වා දීමට සැලසුම් කළ වැඩසටහනක් බව විශේෂයෙන් සිහිපත් කළ යුතු ය. මෙම වසරේදී තම 30 වැනි සංවත්සරය අභිමානයෙන් සැමරීමට සූදානමින් සිටින සෙලාන් බැංකුව දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීම සඳහා වසර 27 කට අධික කාලයක තිස්සේ කැපවී කටයුතු කර ඇති අතර මෙරටට ළමා ඉතුරුම් ගිණුම් හඳුන්වා දීමේ පුරෝගාමියෙකු ලෙසද සැලකේ. 
කාලයේ තාලයට ගැළපෙන පිරිදි වෙනස් වෙමින් අගනා වටිනා ත්‍යාග පිරිනැමීම නිසා 'සෙලාන් ටිකිරි' මෙරට ජනප‍්‍රියම ළමා ගිණුමක් ලෙස පෙරමුණේ සිටීමට සමත් වී ඇත.