Internet Banking Login

සෙලාන් ඉතුරුම් ගිණුම්

l
විශේෂාංග

ඔබගේ මුදල් තැන්පත් කරමින් ඒ වෙනුවෙන් පොලී ආදායමක් ඉපැයීමට සහ තවත් ප්‍රතිලාභ ලබාගැනීමට සෙලාන් ඉතුරු කිරීමේ ගිණුම් මගින් අවස්ථාව ලැබේ. ගිණුම් හිමියාගේ සතුටේදී මෙන් දුකේදීත් එක ලෙස පිහිට වෙමින් “සෙලාන් ෂුවර්“ ප්‍රතිලාභ ක්‍රමය හරහා ආකර්ශනීය පොලී අනුපාත සහ ප්‍රතිලාභ ලබාදෙමින් ගනුදෙනු කරුවන්ට වැඩි ප්‍රතිලාභ හිමිකර දෙන එකම ඉතුරුම් ගිණුම වන්නේ මෙයයි.

ඔබගේ ගිණුම භාවිතා කිරීම උපරිම කර ගන්න:

  • ඉතුරුකර වෙනසක් කරන්න

    අදම ඉතුරු කිරීමේ ගිණුමක් ආරම්භ කර ඔබත් “සෙලාන් ෂුවර් ප්‍රතිලාභ“ සඳහා සුදුසුකම් කම් ලබන්න.

  • විකල්ප භාවිතා කරන්න

    පාස්පොතෙන් ඔබට තෝරාගත හැක/ වාර්තා/ ඔබේ පහසුව සඳහා ඊ-වාර්තා

  • විකල්ප ප්‍රවේශයක් භාවිතා කරන්න

    ඔබගේ "අන්තර් ජාල බැංකු " සේවය ලබාගෙන ජීවිතය පහසු කරගන්න.


  • තවත් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලබන්න

    අපගේ බොහෝ කාඩ් ප්‍රවර්ධන වැඩසටහන් "ඩෙබිට් කාඩ් " හිමියන්ටත් ලබාදෙයි.

ආරම්භ කරන්නේ කෙසේද?
  • සුදුසුකම්
    • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
  • ලියකියවිලි අවශ්‍යතාවය
    • ජාතික හැඳුනුම් පත/ වලංගු විදේශ ගමන් බලපත්‍රය/ වලංගු රියදුරු බලපත්‍රය
    • ඉදිරිපත් කරන හැඳුනුම් පතේ ලිපිනයට වඩා වෙනස් වන්නේ නම් මාස තුනක් නොඉක්මවන බිල්පත් ගෙවීම් සනාථ කිරීමේ ලියකියවිල්ලක් අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතුය.
  • අවම තැන්පතුව
සුපිරි ශාඛාව අනිකුත් ශාඛාව
ඉතුරු කිරීම් LKR 10,000/- LKR 1,500/-

පොලී අනුපාත සහ ගාස්තු

ගාස්තු විස්තර ගාස්තු
මාසික සේවා ගාස්තු (අවම ශේෂය වන LKR 1000/- වෙනුවට) LKR 25/-
ස්වයංක්‍රීය ටෙලර් පත නිකුත් කිරීමේ ගාස්තුව LKR 200/-
ස්වයංක්‍රීය ටෙලර් පතේ වාර්ෂික ගාස්තුව LKR 250/-

සියළුම විස්තර දැනගන්න>>>


සියලුම පොලී අනුපාතයන් බලන්න>>>

උපකරණ සහ ගණක
උපදෙස්, සංඥා සහ මාර්ගෝපදේශ ගණක ආකෘති පත්‍ර
ඉලක්කයක් ඇති කර ගැනීම– අපගේ අයවැය සැලසුමට අනුව සෙලාන් ෂුවර් ගණකය අයදුම්පත්‍රය
විකල්ප බැංකු මාර්ග ස්ථාවර නියෝග අයදුම්පත්‍රය
ඉතුරු කිරීමේ උපදෙස් Withholding Tax
නිතර අසන ප්‍රශ්න

මගේ ඉතුරු කිරීමේ ගිණුම සක්‍රීය කර ගන්නේ කෙසේද ?

ඔබගේ පවතින ඉතුරු කිරීමේ ගිණුම සක්‍රීය කර ගැනීමට එම ගිණුම හිමි බැංකු ශාඛාවට පාස්පොත සහ හැඳුනුම්පත සමග යන්න. 

ඔබගේ සෙලාන් ඉතුරු කිරීමේ ගිණුමේ පොලී අනුපාත ගණනය කරන්නේ කෙසේද ?

පොලී දිනපතා ගණනය කර මාස්පතා බැංකු ගිණුමට බැර කරයි.

සෙලාන් ෂුවර් යනු කුමක්ද ? එයට මා සුදුසුකම් ලබන්නේ කෙසේද ?

කරුණාකර සෙලාන් ෂුවර් ප්‍රතිලාභ වැඩසටහනේ ලින්ක් එක අනුගමනය කරන්න.

මගේ පාස්පොත අවසන් වූ පසුව අළුත් පාස් පොතක් ලබාගත හැක්කේ කොහෙන්ද ?

සෙලාන් බැංකු ශාඛාවකින් ලබාගත හැකියි.

මගේ ඉතුරු කිරීමේ ගිණුම් වාර්තා අන්තර් ජාලයෙන් ලබාගත හැකිද ?

පුළුවන්. ඒ සඳහා අන්තර් ජාල බැංකුකරණයේ ඊ-වාර්තා සඳහා ලියාපදිංචි වන්න.

මගේ තොරතුරු යාවත්කාලීන කරන්නේ කෙසේද ?

ඇතුළත්කළ යුතු ඔබගේ තොරතුරු ගිණුම තිබෙන ශාඛාවට භාරදෙන්න.

මගේ ඉතුරුම් ගිණුම සහ කාඩ් පතක් ලබාගත හැකිද ?

පුළුවන්.