Internet Banking Login

සෙලාන් රන් භාණ්ඩ උකස් සේවාව

l
සේවාවේ ස්වභාවය

අතේ මිටේ මුදල් හිඟපාඩුවක් ඇතිවූ විට එම අඩුපාඩුව පිරිමසාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඔබේ රන් භාණ්ඩ උකසට තබා අතට මුදල් ලබාගැනීමයි. සෙලාන් රන් භාණ්ඩ උකස් සේවාව සැලසුම් කර ඇත්තේ එසේ ඔබට කෙටිකාලීන මුදල් සැපයුමක් ඉක්මනින් සහ ඉතාමත්ම පහසුවෙන් ලබාදීමේ අරමුණිනි. අතේ මිටේ මුදල් අවශ්‍යතාවට ගැළපෙන මුදලක් පහසු පොලී අනුපාත යටතේ ලබාගැනීමේ අවස්ථාව මෙයින් ඔබට උදා වේ. උකස් සේවාවක් සඳහා ඔබට ඇති හොඳම හා විශ්වාසදායකම විසඳුම වන්නේ සෙලාන් රන් භාණ්ඩ උකස් සේවාවයි.

    • මුද්දර ගාස්තු නැත.
    • ආපසු ගෙවීමේදී මුළු මුදලින් කොටසක් ගෙවීමේ හැකියාව සහ ගෙවීමට ඇති මුදල නැවත අලුත් කිරීමේ හැකියාව.
    • රත්‍රංවල වටිනාකම වැඩිවීමට සාපේක්ෂව අලුත් ගෙවීම් කොන්දේසි යටතේ අත්තිකාරම් මුදල 100% දක්වා වැඩිවීමේ ඉඩකඩ තිබීම.
    • දිවයින පුරා පැතිරුණු ශාඛා ජාලය නිසා වඩාත් පහසුවෙන් සේවාව ලබාගත හැකිවීම.
    • ඔබේ රන් භාණ්ඩවලට උපරිම වටිනාකමක් හිමිවීම

Rates as of 27.04.2018

කැරට් ප්‍රමාණය මාස 12 ක් සඳහා අත්තිකාරම (රන් පවුමකට)* Interest Rate p.a
24k 43,000/-
22k 39,400/-
21k 37,000/-
21% p.a
20k 35,000/-
19k 33,000/-
18k 31,500/-
සේවාව ලබාගැනීමට
  • සේවාව ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්:
    • වයස අවුරුදු 18 ට වැඩිවිය යුතු ය.
  • පහත සඳහන් ලිපිලේඛන ඉදිරිපත් කළ යුතු ය.
    • ජාතික හැඳුනුම්පත/වලංගු ගමන් බලපත්‍රය/ වලංගු රියදුරු බලපත්‍රය
    • ලබාදෙන ලිපිනය ඉහත ලේඛනවල සඳහන් ලිපිනයට වඩා වෙනස් නම් මාස 3 කට නොඅඩු කාලයක බිල්පත් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ යුතු ය.
මාස 12
පොළී අනුපාතය වාර්ෂිකව 21% සිට

ඉහත පොලී අනුපාත වෙළඳපොළ තත්ත්ව අනුව වෙනස් වේ.

**කොන්දේසි සහිතයි

no faqs found yet