Internet Banking Login

සෙලාන් MONEY MARKET ඉතුරුම් ගිණුම

l
  •  
  •  
  •  
  •  

හැඳින්වීම

වඩා හොඳින් අරමුදල් කළමනාකරණය කිරීමට මෙන්ම සෘජු ප්‍රතිලාභ ලැබීමට ද හැකි, කෙටි කාලීන ආයෝජන සැලසුම් පිළිබඳ සැලකිලිමත්, ආයතනික හා අරමුදල් කළමනාකරුවන්, ඉහළ මූල්‍ය වත්කම් සහිත තනි පුද්ගලයින් සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) අරමුණු කරගෙන, සෙලාන් බැංකුව සිය නවතම සැලසුම වන, “සෙලාන් MONEY MARKET ඉතුරුම් ගිණුම” හඳුන්වා දෙයි. “කෙටි කාලයකින් ඉහළ ප්‍රතිලාභ” සහතික කෙරෙන සෙලාන් MONEY MARKET ඉතුරුම් ගිණුම, තමන්ගේ පහසුව අනුව කෙටි කාලීන ආයෝජන කළමනාකරණය කිරීමට අවශ්‍ය නම්‍යශීලිත්වය ගනුදෙනුකරු වෙත සලසයි.

සැලසුමෙහි විශේෂ ලක්ෂණ

  • ගිණුම් ශේෂය මත පදනම් වූ පොලී අනුපාතිකයක් පිරිනැමෙන මෙය ඉතුරුම් ගිණුමකි (පොලී අනුපාතික සඳහා).
  • විද්‍යුත් ප්‍රකාශන (e Statement) ගිණුමකි (පාස්පොතක් සහ සාමාන්‍ය ප්‍රකාශන ලබාදෙනු නොලැබේ).
  • ඩෙබිට් කාඩ්පතක් නිකුත් නොකෙරේ.
  • අන්තර්ජාල/කෙටි පණිවුඩ (SMS) බැංකුකරණ පහසුකම් ඇත.
  • මුදල් ආපසු ගැනීමේ වාර සංඛ්‍යාවේ සීමාවක් නැත.
  • ගිණුමක් විවෘත කිරීම සඳහා වන මූලික තැන්පතු මුදල LKR 500,000/- කි.
  • Interest rate will be reviewed weekly

සෙලාන් බැංකුවේ පහසු බැංකුකරණ සේවා විසඳුම්

  • කෙටි පණිවුඩ සංඥා (SMS Alerts).
  • තෝරාගත් ශාඛාවල දී 365 දින ම බැංකුකරණ සේවා.
  • අපගේ වෙබ් අඩවියෙන් ඩිජිටල් සහය සහිත live chat / Facebook messenger හා whatsapp හෝ ක්ෂණික ඇමතුම් අංක 0772 008 888 හරහා පාරිභෝගික සේවාව.
  • වෙබ් අඩවිය හරහා අන්තර්ජාලයෙන් ගිණුම් විවෘත කිරීමේ හැකියාව.

පොදු කොන්දේසි

  • LKR 10,000 ක අවම ශේෂ සාමාන්‍යයක් පවත්වාගෙන යා යුතු අතර, එසේ නොවුනහොත් (අවම ශේෂ සාමාන්‍යය LKR 10,000/- ට අඩු වුවහොත්), LKR 50/- ක දඩ ගාස්තුවක් මාසිකව අය කෙරෙනු ඇත.
  • සාමාන්‍ය ඉතුරුම් / ආයතනික ඉතුරුම් ගිණුම්වලට අදාළ අනෙකුත් සියලුම නීතිරීති සහ කොන්දේසි අදාළ වේ.
  • Seylan Sure යටතේ වන ප්‍රතිලාභ මෙම ගිණුමට අදාළ නොවේ.

Interest Rate

AMOUNT
INTEREST
AER
Below 9,999
0.00%
 
LKR 10,000 - LKR 499,999
3.50%
 
LKR 500,000 - LKR 999,999
7.25%
 
Above LKR 1,000,000
8.00%
 

See all Interest Rates>>>