Internet Banking Login

ජංගම බැංකුකරණය

l
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ඔබගේ බැංකුකරණ අවශ්‍යතා එසැණින් සිදුකරගැනීම පහසුකරවමින් සෙලාන් බැංකුවේ Mobile Banking App මඟින් බැංකුකරණ සේවාවන් රැසක් ඔබ වෙත පිරිනමයි.

Android, IOS ජංගම දුරකථන හා ටැබ්ලට් දුරකථනවලින් මෙම App බාගත හැක. පහසුවෙන් ඔබේ මූල්‍ය ගනුදෙනු සිදුකිරීමේ හැකියාව සෙලාන් බැංකුවේ Mobile Banking App හරහා ඔබට ලැබේ. ඒ හරහා පිවිස, බැංකුකරණය වඩාත් පහසු කරගන්න.

Get it on Google Play


ඔබේ ගිණුම් තොරතුරු එසැණින් දැක බලා ගන්න.

ඔබේ ඕනෑම ගිණුමකින් මෑත කාලීනව සිදුකළ සියලු ගනුදෙනු දැක බලා ගැනීමට හා ඔබගේ සියලු ගනුදෙනු ඉතා පහසුවෙන් සිදු කිරීමට ඔබ කළ යුත්තේ සෙලාන් Mobile Banking App හරහා පිවිසීමයි

ඔබ සිටිනා කොතැනක හෝ සිට නියමිත වේලාවට ඔබේ බිල්පත් ගෙවීම් සිදුකරන්න…

ඔබ කොහේ සිටියත් එක් පියවරකින් ඔබේ ගෙවීම් සිදු කිරීමේ හැකියාව ඔබට ඇත. Mobile Banking App හරහා ස්වයංක්‍රීය ගෙවීම් සකසා ඔබේ ගෙවීම් කළ යුතු දිනයන් ද එහි සටහන් කර ඔබේ කාලය තවදුරටත් ඉතිරි කරගන්න.

ඔබේ ගෙවීම් සිදුකිරීම දැනට නියමිතව තිබෙනවාද? ඉතා ඉක්මනින් කළ යුතු මුදල් ගනුදෙනුවක් ඔබට තිබේද? උපයෝගීතා බිල්පත් (Utility Bills) හි දැක්වෙන AD HOC ගෙවීම් විකල්පය තෝරාගෙන එය ඉතා ඉක්මනින් සිදු කළ හැකියි.

ඔබ දන්නා අයෙකු වෙත මුදල් යවන්න...

ජීවිතය දැන් හරිම සරලයි.... ශ්‍රී ලංකාව තුළ කෙතරම් දුර බැහැර සිටින අයෙකු වෙත වුවත් ඉතා ඉක්මනින් මුදල් යැවීමේ පහසුව සෙලාන් Mobile Banking වෙතින්දැන් ඔබ වෙත සලසා ඇත. කෙටි පණිවුඩයක් මඟින් ඔවුන් වෙත ඒ බව දැන්වීමේ විකල්පය ද එහිදී ඔබට ලැබේ. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබ මුදල් යවන ඔබේ ඥාතියාගේ හෝ මිතුරාගේ නිවැරදි තොරතුරු පමණි.


Get it on Google Play

පෙර සිදුකළ ගනුදෙනු පිළිබඳව දැනගන්න - ඉදිරි ගනුදෙනු ගැන ඉගෙන ගන්න

පෙර සිදු කළ මෙන්ම ඉදිරියට සිදු කිරීමට නියමිත ගනුදෙනු පිළිබඳව ද විමසිල්ලෙන් සිටීම එක තිරයක් දෙස බැලීමෙන් පමණක් සිදුකළ හැකි වේ. සෙලාන් බැංකුවේ Mobile Banking App හරහා ඔබේ මූල්‍ය කටයුතු වඩාත් හොඳින් සිදුකරගැනීමට අප සහය වෙමු.

අපෙන් ලැබෙන අමතර සේවාවන්...

අපගේ සේවා ස්ථාන හා ATM යන්ත්‍ර පිහිටි ස්ථාන පහසුවෙන් සොයා ගැනීම, ඔබගේ චෙක්පත් පිළිබඳ තත්ත්වය දැනගැනීම, චෙක්පොතක් ඇණවුම් කිරීම, ක්‍රෙඩිට් කාඩ්පත් සේවාවන් හි ප්‍රතිලාභ භුක්තිවිඳීම ඇතුළුව ඔබේ මුදල් මනාව පාලනය කරගැනීමේ හැකියාව සෙලාන් Mobile banking App සේවාව මඟින් ඔබ වෙත සලසා දෙයි.

ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය

ඉතාමත් උසස් ගණයේ කේතාංකන දත්ත තාක්ෂණයක් සෙලාන් Mobile Banking App විසින් භාවිත කෙරෙන බැවින් ආරක්ෂාව හා සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් මෙය සෙලාන් අන්තර්ජාල බැංකුකරණය හා සමාන වේ. සියලු කටයුතු සඳහා එකම හඳුනාගැනීමේ අංකයක් (user ID) ඔබට භාවිත කළ හැකි අතර සංවේදී තොරතුරු කිසිවක් ඔබේ ජංගම දුරකථනයෙහි ගබඩා නොකරයි.


Get it on Google Play