Internet Banking Login

සෙලාන් ලීසිං

l

Features

ඔබ සොයන්නේ කරදර නැති, නම්‍යශීලී පහසු ගෙවීම් ක්‍රම සහිත ලීසිං පහසුකමක්ද? තරගකාරී පොලී අනුපාත සමග ඔබගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන ලීසිං පැකේජ තෝරාගැනීම සඳහා ඔබට සහය වීමට සෙලාන් ලීසිං සූදානමින් සිටී. පෞද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් රථවාහන, යන්ත්‍රසූත්‍ර හෝ උපකරණ සඳහා ඔබට සෙලාන් බැංකුවේ ලීසිං පහසුකම් ලබාගත හැකි වේ.

    • සෙලාන් ෆ්ලෙක්සි-පේ (Seylan FlexiPay) :

      ආදායම අඩු මාසවලදී අඩු වාරිකයක් ගෙවන අතර ආදායම වැඩි මාසවලදී වැඩි වාරිකයක් ගෙවීමේ අවස්ථාව සලසා දෙන ලීසිං ක්‍රමයකි.

    • වැඩිදියුණු කළ හැකි ලීසිං (Upgradable Leasing)

      • වෙළඳපොළ පවතින අඩුම මාසික වාරික
      • කරදරයකින් තොරව අලුත් වාහනයකට මාරුවීමේ හැකියාව
      • වාහනය මාරු කිරීමේදී ඒ වනවිට පවතින ලීසිං පැකේජයේ වටිනාකමින් 150% ක් දක්වා පෙර අනුමත ලීසිං පහසුකම් හිමිවීම*
      • අලුත් වාහනයකට යොමුවන්නේ නම් දැනට පවතින ලීසිං පැකේජය සඳහා ඉදිරියට ගෙවිය යුතු පොලිය සඳහා 100% ක සහනයක්*
      • පැය 24 පුරා ඉක්මන් සේවය සමගින් දිවයින පුරා විසිරුණු ශාඛා ජාලය
      • ලීසිං කාලය දීර්ඝ කිරීමේ හැකියාව
      • මූලික ගාස්තුවකින් තොරව ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමේ හැකියාව
      • සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් රක්ෂණ මුදල් ගෙවීමේදී පොලී නොමැතිව වාරික වශයෙන් මාස 12 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීම් කිරීමේ හැකියාව

*කොන්දේසි සහිතයි

How to get started

රථවාහන සඳහා ලීසිං ලබාගැනීම

  • පාවිච්චි නොකළ වාහන
    • වාහනයේ එන්ජින් හා චැසි අංක ඇතුළුව අදාළ විස්තර සහ අවශ්‍ය මුදල සඳහන් කරමින් බැංකුවේ නමට වෙළඳ ඉන්වොයිසය යොමුකළ යුතු ය.
  • ලියාපදිංචි නොකළ, රීකන්ඩිෂන් සහ පාවිච්චි කළ වාහන
    • බැංකුවේ නමට වෙළඳ ඉන්වොයිසය යොමුකළ යුතු ය.
    • බැංකුව මගින් පිළිගනු ලබන තක්සේරුකරුවෙකු ලබාදුන් තක්සේරුවක් ඉදිරිපත් කළ යුතු ය.
    • තක්සේරුව බැංකුවේ නමට යොමුකළ යුතු අතර වාහනය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඇතුළත් විය යුතු ය.
  • ලියාපදිංචි වාහන
    • වාහනය නිෂ්පාදනය කළ දින සිට වසර 10 ක් ඉක්මවා නොතිබිය යුතු ය.
    • නිෂ්පාදිත වර්ෂය අනුව ලීසිං මුදල වාහනයේ තක්සේරු වටිනාකමින් 70% කට නොවැඩි විය යුතු ය.
    • වෙළඳ ඉන්වොයිසය බැංකුවේ නමට යොමුකළ යුතු ය.

යන්ත්‍රසූත්‍ර හා උපකරණ සඳහා ලීසිං

  • පාවිච්චි නොකළ යන්ත්‍රසූත්‍ර පමණක් මේ සඳහා සලකා බැලේ.
  • වෙළඳ ඉන්වොයිසය බැංකුවේ නමට යොමුකළ යුතු ය.
  • අවශ්‍ය ලිපිලේඛන
    • වෙළඳ ඉන්වොයිසයට/තක්සේරුවට අමතරව පහත සඳහන් ලිපිලේඛන ඉදිරිපත් කළ යුතු වේ:
  • පෞද්ගලික ලීසිං සඳහා
    • ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ පිටපතක්
    • වැටුප් වාර්තා
    • වැටුප තහවුරු කරමින් සේවාදායකයා විසින් නිකුත් කරන ලද ලිපියක් .
    • පසුගිය මාස 6ට අදාළ බැංකු ගිණුම් විස්තර/ ඉතුරුම් ගිණුම් පාස්පොතේ සහතික කරන ලද පිටපතක්
  • සමාගම් ලීසිං සඳහා
    • සංස්ථා පත්‍රය සහ සමාගම් ව්‍යවස්ථාව
    • ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ/සංස්ථාගත කිරීමේ සහතිකයේ පිටපතක්
    • ඔබගේ බැංකුවෙන් අදාළ කරුණු විමසා තහවුරු කරගැනීම සඳහා සෙලාන් බැංකුවට අවසර දෙන ලිපියක්
    • සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට පුරවා භාරදෙන ලද අවසන් 48 ආකෘති පත්‍රයේ පිටපතක්
    • මෙම වසර තුළ පිරිවැටුම් බදු ගෙවන ලද බවට වාර්තා
    • පසුගිය මාස 6ට අදාළ බැංකු ගිණුම් විස්තර.