Internet Banking Login

සෙලාන් සාධ්‍යකරණය

l
grow your business
    ඔබේ ණය ඉන්වොයිස් පත මුදල් බවට හරවන ක්‍රමය දැනගන්න

ඒ සඳහා ඉක්මන් මඟ, සෙලාන් සාධ්‍යකරණ පහසුකමයි.

  • 85% දක්වා අත්තිකාරම් මුදල්
  • ණය රහිත කාරක ප්‍රාග්ධනය
  • අනුමත කළ ඉන්වොයිසි සඳහා පැය 24ක් ඇතුළත මුදල්

Seylan Factoring යනු සෘජු ක්‍රමවේදයකි. ණය ඉන්වොයිසිවල වටිනාකමින් 85% දක්වා මුදල් පැය 24ක් ඇතුළත ලබාගැනීමේ හැකියාව අප සලසමු.

ඉන්වොයිසියට අදාළ මුදල් ලබාගැනීමේ දිනයේ දී ඔබේ ගනුදෙනුකරු වෙතින් ගෙවීම ලබාගැනීම අප විසින් සිදුකරනු ලබන අතර, යම් ගාස්තුවක් වේ නම්, එය අඩුකරගෙන ඉතිරිය ඔබ වෙත ලැබෙනු ඇත.

    විශේෂාංග:
  • ඔබේ ව්‍යාපාරයට සරිලන අන්දමේ විවිධාකාර සැලසුම්

    සාධ්‍යකරණය යටතේ පහත සේවාවන් අප පිරිනමන අතර, ඔබේ ව්‍යාපාරයට කාරක ප්‍රාග්ධනය ලබාගැනීම සම්බන්ධයෙන් වඩාත් ම සුදුසු සේවාව තෝරාගැනීමේ අවස්ථාව ඔබට ඇත;

    1. ගැනුම්කරු වෙත “වගකීම් සහිත” සාධ්‍යකරණය (දේශීය සහ අපනයන)
    2. ගැනුම්කරු වෙත “වගකීම් රහිත” සාධ්‍යකරණය (දේශීය සහ අපනයන)
    3. ඉන්වොයිස් වට්ටම්කරණය
    4. පසු-දාතම් චෙක්පත් වට්ටම්කරණය
  • දේපළ ඇපකර අවශ්‍ය නැත

    සේවාව ලබාගැනීම පිණිස සුරක්ෂිත වශයෙන් දේපල ඇපයට තැබීමේ අවශ්‍යතාවක් නොමැත.


  • කාරක ප්‍රාග්ධනය වැඩිදියුණු වේ

    වෙළඳ ගනුදෙනු සම්බන්ධව ලැබිය යුතුව ඇති මුදල් එකී නියමිත කාලයට පෙර ලබාගැනීමේ පහසුකම සාධ්‍යකරණය මඟින් සලසා දෙනු ලබයි. කාරක ප්‍රාග්ධනය නිසියාකාරව හා නොකඩවා ලැබීම, සැපයුම් දාමයේ නිරන්තර පැවැත්ම උදෙසා බෙහෙවින් වැදගත් වේ. වෙළඳ ලැබීම් වෙතින් ඔබට ලැබිය යුතුව ඇති මුදල් වෙනුවට ඉන්වොයිසි වටිනාකමින් 85%ක් දක්වා ලබාගැනීමට ඇති හැකියාව නිසා එදිනෙදා කල යුතුව ඇති කටයුතු ඉටුකරගැනීමේ හැකියාව මෙන්ම සැපයුම්කරුවන් වෙත කල් ඇතිව මුදල් ගෙවීම හරහා ඔබට වාසිදායක කොන්දේසි මත ඉදිරි සැපයුම් ලබාගැනීමට ද ඔබට හැකිවේ.

  • ණය එකතුකරගැනීම සහ කළමනාකාරිත්වයෙන් යුතුව ලෙජර පවත්වාගෙන යාම

    ඔබ ව්‍යාපාර කටයුතුවල නියැලෙන ආකාරය ගැන වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම පිණිස, ඔබ සඳහා ම කැපවුණු පාරිභෝගික කළමනාකරුවකු ආරම්භයේ සිට ම ඔබ සමඟ කටයුතු කරනු ඇත.

    ඉන්වොයිසි සම්බන්ධයෙන් ගෙවීම් ලබාගැනීම නියමිත දිනයන් හි දී අත්දැකීම් බහුල අපගේ කාර්ය මණ්ඩලය විසින් ඔබ වෙනුවෙන් ගැනුම්කරුවන් වෙතින් එකී ගෙවීම් එකතු කරනු ඇත. ඒ හරහා ඔබේ ව්‍යාපාරයේ දියුණුව උදෙසා වැඩි කාලවේලාවක් යෙදවීමේ අවස්ථාව ඔබේ කාර්ය මණ්ඩලය වෙත සැලසෙනු ඇත.


  • ණය රහිත මුදල් ප්‍රවාහය

    සාධ්‍යකරණය යනු ණය පහසුකමක් නොවේ. එබැවින් එයින් ඔබේ ශේෂපත්‍රයට බැරකම් කිසිවක් ඇති නොවේ!

  • විඩාවෙන් තොර ගනුදෙනු

    ඔබ විසින් කල යුතුව ඇති ගෙවීම් සිදුකිරීම සඳහා ඔබේ පාරිභෝගිකයන් විසින් ඔබ වෙත ගෙවිය යුතු මුදල් ලැබෙන තෙක් තවදුරටත් ඔබ බලා සිටිය යුතු නැත. නියමිත වේලාවට බිල්පත් ගෙවීම්, වැටුප් ගෙවීම් සහ බදු ප්‍රේෂණය කිරීම් හරහා ප්‍රමාද ගාස්තුවලින් මිදීම මෙන්ම තමන්ගේ කීර්තිනාමයට වැඩි පිළිගැනීමක් හිමිවීම ද සිදුවනු ඇත.

    ආරම්භ කරන්නේ කෙසේද

ළඟ ම ශාඛාව අමතන්න

සාධ්‍යකරණය පිළිබඳ විශේෂ දැනුමැති අපගේ කාර්ය මණ්ඩලය සමඟ හමුවක් යොදාගෙන අයදුම්පතක් ඉදිරිපත් කරන්න

සාධ්‍යකරණ ගිවිසුමේ පූර්ව-අනුමැතිය අත්සන් තබන්න

ඉන්වොයිසි/චෙක්පත් යැවීම ආරම්භකර, එසැණින් මුදල් ලබාගන්න

no faqs found yet