Internet Banking Login

සෙලාන් අවුරුදු ප්‍රවර්ධනය - 2018

l

සෙලාන් අවුරුදු ප්‍රවර්ධනය - 2018

සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමයේ “ගනු-දෙනු” සාම්ප්‍රදායට අනුව යමින්, සෙලාන් ඉතුරුම් ගිණුම් සහ සෙලාන් ටිකිරි ගිණුම්වල මුදල් තැන්පත් කරන සැමට බැංකුව විසින් විශේෂ තෑගි පිරිනමනු ඇත.

කාලසීමාව:

2018 අප්‍රේල් 02 දින සිට මැයි 15 දින දක්වා

සුදුසුකම් ලබන ගිණුම් වර්ග:

  • ඉතිරි කිරීමේ ගිණුම් (වයස අවු. 18 හෝ ඊට වැඩි)
    • සාමාන්‍ය ඉතුරුම් ගිණුම්
    • Income Saver ඉතුරුම් ගිණුම්
    • ඉහළින් ඉහළට ඉතුරුම් ගිණුම්
    • සෙලාන් 2in1 ඉතුරුම් ගිණුම්
    • සෙලාන් Seylfie ඉතුරුම් ගිණුම්
  • ළමා ඉතිරි කිරීමේ ගිණුම්
    • “සෙලාන් ටිකිරි” ළමා ඉතුරුම් ගිණුම්

ප්‍රවර්ධනය / විශේෂාංග:

පිරිනමනු ලබන තෑගි:

  • ඉහතින් සඳහන් ඕනෑම ඉතුරුම් ගිණුමක (වයස අවු. 18 හෝ ඊට වැඩි) රු.50,000/-ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරනු ලබන ගනුදෙනුකරුවන් වෙත ‘හඬ නඟන කේතලයක්’ (‘Whistling Kettle’) පිරිනැමේ.
  • දැනට පවත්නා හෝ අලුතින් ආරම්භ කරනු ලබන ටිකිරි ඉතුරුම් ගිණුමක රු.9,500/-ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන ගනුදෙනුකරුවන් වෙත ‘බ්ලොකි ටෝයිස්’ (‘Blocky Toys’) කට්ටලයක් (එක් කට්ටලයක තෑගි 03ක් ඇත) පිරිනැමේ. රු.19,000/- හෝ ඊට වැඩි තැන්පතු සඳහා එයින් කට්ටල 02ක් (බ්ලොකි ටෝයිස් 06ක්) පිරිනැමේ.

ටිකිරි ගිණුම් සඳහා ඉහතින් සඳහන් කර ඇති විශේෂ තෑගිවලට අමතරව, දැනට පවත්නා ටිකිරි තෑගි සැලසුම (අදාළ ගිණුම් ශේෂ අවශ්‍යතා සපුරන ලද විට) අදාළ තෑගි ලබාගැනීමටත් ටිකිරි ගනුදෙනුකරුවන් සුදුසුකම් ලබයි.

කොන්දේසි:

  1. තෑගි ලබාගැනීම පිණිස, ඉහත ඉතුරුම් ගිණුම් (සෙලාන් ටිකිරි ඉතුරුම් ගිණුම් හැර) වෙත සිදුකරන තැන්පතු 01 වසරක කාලයක් සඳහා රඳවා තබාගැනීමට ගනුදෙනුකරුවන් විසින් සිය කැමැත්ත ලබාදිය යුතුය.
  2. ටිකිරි තෑගි (බ්ලොකි ටෝයිස්) පිරිනමනු ලබන්නේ වයස අවුරුදු 15ට අඩු ළමයින් වෙත ය.
  3. ඉහත තෑගි පිරිනමනු ලබන්නේ තොග තිබෙන තුරු පමණි. (කෙසේ වෙතත් 2018 මැයි 15වන දිනෙන් ප්‍රවර්ධනය අවසන් වේ).

විමසන්න:

වැඩි විස්තර සඳහා, ළඟම පිහිටි සෙලාන් බැංකු ශාඛාව වෙත යන්න, නැතිනම් ඇමතුම් මධ්‍යස්ථානය 011-200 88 88 අමතන්න.