Internet Banking Login

වෘත්තිකයන් සඳහා විශේෂ ප්‍රතිලාභ පැකේජය

l
විශේෂාංග

වෘත්තිකයන්ගේ භූමිකාව ඇගයීමක් වශයෙන් ඔවුන් සඳහා විශේෂ ප්‍රතිලාභ එකතුවක් හඳුන්වා දීමට සෙලාන් බැංකුව කටයුතු කර ඇත. මේ ඔස්සේ තරුණ උපාධිධාරීන්ට සහ රැකියාවල නියුතු වෘත්තිකයන්ට සුවිශේෂී බැංකු සේවාවන් හා ප්‍රතිලාභ රැසක් හිමි වේ.

සේවාව වෘත්තිකයන්ට හිමිවන විශේෂ අතිරේක ප්‍රතිලාභ
ජංගම / ඉතුරුම් NRFC/RFC ගිණුම්
  • වසර 5ක කාලයක් දක්වා අන්තර්ජාල සහ SMS බැංකු සේවා සඳහා ගාස්තු අය නොකෙරේ.
  • ‘ගෝල්ඩ්’ ඩෙබිට් කාඩ්පත්වලට පළමු වසර සඳහා ගාස්තු අය නොකෙරේ.
  • ජංගම ගිණුමේ සාමාන්‍යයක් ලෙස LKR 50,000/- ක අවම ශේෂයක් පවත්වාගන්නේ නම් මසකට චෙක්පොත් 3 ක් දක්වා නොමිලේ නිකුත් කෙරේ.
  • විදේශ මුදල් ගිණුම්වලින් ශ්‍රී ලංකා මුදල් ගිණුම්වලට මුදල් යොමුකිරීමේදී විශේෂ අනුපාත හිමි වේ.
ක්‍රෙඩිට් කාඩ් (ප්ලැටිනම් කාඩ්පත් නිකුත් කෙරේ)
  • පළමු වසර සඳහා වාර්ෂික ගාස්තු සහ මූලික ගාස්තු නැත.
  • සීමා ඉක්මවීමේ ගාස්තු (Over limit fee) සහ මුදල් අත්තිකාරම් ගාස්තු නැත (ණය තක්සේරුකරණයකින් අනතුරුව).
සංචාරක කාඩ්පත්
  • නොමිලේ නිකුත් කෙරේ.
  • ඇමරිකානු ඩොලර් 50,000 දක්වා නොමිලේ සංචාරක රක්ෂණාවරණයක්
ස්ථාවර තැන්පතු
  • මිලියන 2.5 ට වැඩි තැන්පතු සඳහා මාස 12 ක කාලයක් සඳහා වැඩිපුර 0.5% ක පොලියක්.
  • ඇමරිකානු ඩොලර් 10,000 (හෝ වෙනත් නම්කළ මුදල් වර්ගයකින් ඊට සමාන මුදලක්) හෝ ඊට වැඩි තැන්පතු සහිත විදේශ මුදල් තැන්පත්කරුවන්ට වසරක් සඳහා වැඩිපුර 0.5% ක පොලියක්
හුවමාරු අනුපාත සහ සේවා ගාස්තු
  • සේවා ගාස්තු සඳහා 50% ක වට්ටමක්.
  • විශේෂ හුවමාරු අනුපාත.
ණය පහසුකම් (ණය තක්සේරුකරණයට යටත් වේ)
  • සුදුසුකම්
    • ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකයන් .
    • ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයන්
    • SLIM, CIMA, AAT සහ CIM ආයතනවල සාමාජිකයන්
    • ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්
    • ශ්‍රී ලංකා ඉංජිනේරු සමාජයේ සාමාජිකයන්
    • ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්
    • ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සාමාජිකයන්
    • ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජිකයන් සහ එවැනි අනෙකුත් ආයතන, සංගම් හා සංවිධානවල සාමාජිකයන්
  • කොන්දේසි
    • විශේෂ ප්‍රතිලාභ සඳහා හිමිකම් කිව හැක්කේ අනන්‍යතාව තහවුරු කිරීමෙන් හා අදාළ සංවිධානයේ සාමාජිකත්වය වෙනුවෙන් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක පිළිගත හැකි පිටපතක් ඉදිරිපත් කිරීමෙන් පමණි.
    • ඉහත සේවාවන් සම්බන්ධ අනෙකුත් ප්‍රතිලාභ සියල්ල නොවෙනස්ව හිමි වේ.
    • දැනට සෙලාන් බැංකුවේ සේවාවන් ලබන ගනුදෙනුකරුවන්ටද මෙම විශේෂ ප්‍රතිලාභ හිමිකරගත හැක (සුදුසුකම් ලැබීම සඳහා ශාඛා විසින් උපෑඳියෙහි සඳහන් පරිදි ගනුදෙනුකරුවන්ට අදාළ කේතයන් යෙදිය යුතු ය).
    • මෙම විශේෂ ප්‍රතිලාභ මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු වලංගු වේ.
    • සහකරු/සහකාරිය සමග එක්ව බද්ධ ගිණුමක් ලෙස ගිණුම පවත්වාගත හැක.