Internet Banking Login

පුද්ගලික

l

ඔබේ අනාගත සැලසුම් සාර්ථක කරගැනීම පිණිස පොලී උපයාගත හැකි ගිණුමක් ඔබ හෝ ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ආරම්භ කර, වඩාත් හොඳ හෙට දවසක් උදෙසා අද සිට ම ඉතිරි කරන්න.

ඉතුරුම්

ඔබේ ඉතුරුම් සඳහා ප්‍රතිලාභ ලබාදෙමින් ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් හි දී අපගේ සහය ඔබ වෙත ලබාදෙන්නෙමු.

වයස 0+ - 15 - සෙලාන් ටිකිරි - “පොඩිත්තන්ට ප්‍රතිලාභ රැසක්” පිරිනමන සෙලාන් ටිකිරි ගිණුම පොඩිත්තන්ගේ ලෝකයේ සියලු අවශ්‍යතාවන් හි දී ආකර්ෂණීය තෑගි, බෝනස් පොලී සමග වටිනා ප්‍රතිලාභ සහ ප්‍රවර්ධන රැසක් ලබා දෙන්නේ පවතින ගිණුම් ශේෂය සැලකිල්ලට ගනිමිනි.

වයස 18+ - සාමාන්‍ය ඉතුරුම් ගිණුම නිර්මාණය කර ඇත්තේ විශේෂයෙන්ම සාමාන්‍ය ඉතිරිකරන්නන් වෙනුවෙනි. නම්‍යශීලී වූත් ප්‍රතිලාභ ලැබිය හැකි වූත් ගිණුමක් සොයමින් සිටින ඔබට සෙලාන් සාමාන්‍ය ඉතුරුම් ගිණුම හෝ සෙලාන් 2in1 යනු ඔබේ අවශ්‍යතා සපුරාලන සියලුම උසස් අංගයන් අඩංගු, ජංගම හා ඉතුරුම් ගිණුම්වල සංකලනයකින් යුත් සුවිශේෂි සැලසුමකි.

සෙලාන් ඉහළින් ඉහළට යනු සීමාරහිත මුදල් ආපසු ගැනීම්වලින් යුත් ඉහළ පොලී අනුපාතිකයක් පිරිනමන ඉතුරුම් ගිණුමකි.

සෙලාන් බැංකුව, සිය නවතම සැලසුම වන “සෙලාන් Income Saver ගිණුම” සමඟ, ගනුදෙනුකරුවන්ගේ ආදායම, වැටුපට පමණක් සීමා නොකර, ඔවුන්ගේ ණය ලබාගැනීමේ අවශ්‍යතා සම්බන්ධයෙන් පූර්ණ විසඳුම් ඉදිරිපත් කරයි.

ජංගම ගිණුම්

පුද්ගලික සිට ව්‍යාපාර දක්වා වන ඔබගේ සියලු අවශ්‍යතාවයන්ට ගැලපෙන ජංගම ගිණුම් රාශියක් සෙලාන් බැංකුව වෙතින් ඔබට පිරිනැමේ. මෙහිදී ඔබ තෝරාගත් ජංගම ගිණුමේ අතිරික්ත අරමුදල් පවතින විටෙක එය ඔබේ 2in 1 ජංගම ගිණුමෙහි ඉතිරි කළ හැකිය.

විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්

අගනා ප්‍රතිලාභ සහ තරගකාරී පොලී අනුපාතිකයන්ගෙන් යුත් විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් රාශියක් සෙලාන් බැංකුව විසින් පිරිනමනු ලැබේ. නේවාසිකයන්ට මෙන්ම අනේවාසිකයන්ට ද එහි ප්‍රතිලාභ ලැබිය හැකිය. නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ආයෝජන (RFC), අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ආයෝජන (NRFC), විජාතික අනේවාසික ශ්‍රී ලාංකිකයන් (SFIDA), විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම් (FEEA), අනේවාසික විජාතික ගිණුම් (NRNNFA) ආදිය එයින් සමහරක් වන අතර, RNNFC , FCISPE , SIA, FCBU යන ගිණුම් ද අනෙකුත් ගිණුම් අතර වේ.

කාල තැන්පතු

දින 07ක ආයෝජනයක් හෝ වසර 05 ආයෝජනයක් වුවද, වඩා වාසිදායක අන්දමින් ආයෝජනය කිරීමට හැකිවන ආකාරයේ තේරීම් රැසක් බැංකුව විසින් ඔබට පිරිනමනු ලබයි. ෆ්ලෙක්සි එෆ්ඩී (Flexi FD) හරහා ඔබේ ආයෝජනයේ කාලසීමාව තීරණය කිරීමේ අවස්ථාව ඔබට ලබා දේ. ඒ අනුව, දින 30 (මාස 01), දින 90 (මාස 03), දින 180 (මාස 06), දින 365 (වසර 01), වසර 02, වසර 03, වසර 04 - ශක්ති ස්ථාවර තැන්පතු (Shakthi FD) සිට වසර 05 - තරු 5 (5Star) දක්වා කාලසීමාවන් සඳහා ඔබට ආයෝජනය කළ හැකිය.

සෙලාන් ප්‍රතිලාභ සැලසුම්

මෙම සැලසුම් විශේෂයෙන් ම නිර්මාණය කර ඇත්තේ අපගේ හිතවත් ගනුදෙනුකරුවන් සඳහා ය. මෙහිදී ඔවුන්ගේ සතුට බෙදා-හදා ගන්නා අතරම, අසීරු කාලවල දී ඔවුන්ට අත-හිත දීමට සිදු කරයි. සෙලාන් ෂුවර් රුපියල් ඉතුරුම් ගනුදෙනුකරුවන් සඳහා වන ප්‍රතිලාභ සැලසුමක් වන අතර, තිළිණ සයුර NRFC, RFC ගිණුම් හිමියන් සඳහා වන ප්‍රතිලාභ සැලසුමකි. හරසර ප්‍රතිලාභ සැලසුම වයස අවුරුදු 55ට ඉහළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ය.

බන්ඩ්ල් පැකේජ (Bundle Package)

වෘත්තිකයන්, වෛද්‍යවරුන් සහ මිනිස්බල නියෝජිතයන් සඳහා බන්ඩ්ල් පැකේජ රාශියක් සෙලාන් බැංකුව විසින් පිරිනමයි.

උකස් සේවා (Pawning)

ඔබ මූල්‍යමය අපහසුතාවන්ට මුහුණ දෙන අවස්ථාවන් හි දී ඔබට අවශ්‍ය මූල්‍ය සහය ලබාදෙන සෙලාන් උකස් සේවාව හරහා රහස්‍යභාවය හා ආරක්ෂණය සහිත සීග්‍ර සේවාවක් ඔබ වෙත පිරිනමනු ලබයි.

වෙනත්

වටිනාකම් එකතු කළ වෙනත් පිරිනැමීම්

තෑගි වවුචර - ඔබේ සමීපතමයකු හට තෑගි වවුචරයක් දීමට අදහස් කරනවාද? ඔබේ ආදරණීය දරුවා වෙත සෙලාන් ටිකිරි තෑගි වවුචර අපෙන් ලබාගත හැක.

ණය පහසුකම් - ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ණය පහසුකම් ගණනාවක් අප සතුව ඇත. පුද්ගලික, නිවාස, ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර, කල්බදු සහ ආන්තික මිලදී ගැනීම් ආදී ණය පහසුකම් රැසක් ඒ අතර වේ.

ආරක්ෂිත සේප්පු - ඔබේ වටිනා කියන සියලු දෑ සුරක්ෂිතව තබා ගැනීමේ මාර්ගයයි මේ. ඔබගේ වටිනා අයිතම සියල්ලෙහි සුරක්ෂිත බව සහතික කරගැනීම පිණිස සෙලාන් බැංකුවෙන් ආරක්ෂිත සේප්පුවක් ලබාගත හැකිය.

ප්‍රේෂණ - එතෙර වෙසෙන ඔබගේ ආදරණීයයන් ඔබ වෙත එවනු ලබන මුදල් ලබාගැනීමට.