Internet Banking Login

ආයතනික ගනුදෙනුකරුවන් සඳහා පඩිපත් යෝජනාව

l
විශේෂාංග

සෙලාන් බැංකුව, ‘SEYLAN PAYROLL PROPOSITION’ නම් වූ නව සේවාවක් සමඟ සෙලාන් පඩිපත් සේවා (Payroll) භාවිත කරන ආයතනික ගනුදෙනුකරුවන් වෙත මෙන්ම ඔවුන්ගේ සේවකයින් වෙත ද විශේෂ ප්‍රතිලාභ පිරිනමනු ලබයි.  

Seylan Payroll Proposition සමඟ සේව්‍යයන් වෙත ප්‍රතිලාභ:
  • Seylan Payroll Proposition සමඟ සේව්‍යයන් වෙත ප්‍රතිලාභ:
  • බැංකු ප්‍රකාශන/පඩිපත් ගනුදෙනු නිකුත් කිරීමේදී අදාළවන සේවා ගාස්තුවලින් 50%ක අඩුකිරීමක් (මාස 12ක කාලයක් සඳහා එක් වරක් පමණි).
  • ආරක්ෂිත තැන්පතු සේප්පු සේවය සඳහා පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් 50%ක අඩුකිරීමක් (පහසුකම් තිබෙන ශාඛාවන්වලදී පමණි) .
  • 1වන වසර සඳහා අන්තර්ජාල බැංකුකරණ සහ ගනුදෙනු පිළිබඳ කෙටි පණිවුඩ සංඥා (SMS Alert) සේවාව නොමිලේ.
  • ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ගනුදෙනු MT940 ගොනුව හරහා ERP /ගිණුම්කරණ ක්‍රමවේද සමඟ සම්බන්ධ කරන්න.
  • ව්‍යාපාර පරිමාවන්ට අනුව, විශේෂ පොලී අනුපාතික යටතේ ණය පහසුකම්.
  • ණයවර ඇගැයුම මත පදනම්ව, ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් ලබාදීම සලකා බලනු ලැබේ.
  • පොදු කොන්දේසි
  • පූර්ව දැනුම්දීමකින් තොරව ප්‍රතිලාභ සැලසුම්/කාණ්ඩ වෙනස් කිරීමේ හෝ අවලංගු කිරීමේ අයිතිය බැංකුව රඳවා ගනියි.
  • සෙලාන් පඩිපත් සේවා සඳහා ලියාපදිංචි වුවහොත් පමණක් ප්‍රතිලාභ එකතුවීම සිදුවේ.
සේවකයින් සඳහා වන ප්‍රතිලාභ පිළිබඳ කොන්දේසි:

සේවකයින් සඳහා වන ප්‍රතිලාභ ලබා ගැනීමට සෙලාන් Income Saver ගිණුමක් තිබීම අනිවාර්යවේ.

  • *නීතිරීති සහ කොන්දේසි:
  1. ණය මුදල (පුද්ගලික ණය, සිරි නිවස නිවාස ණය, ක්‍රෙඩිට් කාඩ්පත්) තීරණය කෙරෙනුයේ බැංකුවේ ණයවර ඇගයුම සහ ණයවර ප්‍රතිපත්තිවලට යටත්ව වන අතර, ණය තොරතුරු කාර්යාංශයේ නිශ්කාෂණය, ණයවර ඇගයීම සහ මාස 3කට වැඩි කාලයක් ආදායම බැංකුව හරහා ලබාගැනීම ද මීට ඇතුළත් වේ.
  2. ණය ලබාගැනීම සඳහා අදාළ සුදුසුකම් සහ ලියකියවිලි සම්පූර්ණ කර නොමැති අවස්ථාවන් හි දී ණය සැකසීමට අතිරේක කාලයක් ගතවනු ඇත.
  3. කාඩ්පත් හිමියන් විදේශ ගතවන අවස්ථාවේ දී ඇ.ඩො.300/-ක හෝ GBP/EUR/AUD/SAR මුදලින් ඒ හා සමාන වටිනාකමක සමුච්චිත අවම ශේෂයක් සහිත කාඩ්පත් සඳහා විදේශ ගමන් රක්ෂණයක් නොමිලේ පිරිනමනු ලබන අතර, සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ඒ අනුව දැනුම්දීම පිණිස, කාඩ්පත් හිමියා විසින් කාඩ්පත් මධ්‍යස්ථානය හෝ කාඩ්පත නිකුත් කරන ලද ශාඛාව වෙත දැනුම් දිය යුතු වේ.
  4. ආරක්ෂිත සේප්පු පිරිනැමීම ශාඛාවන් හි දී සේප්පු ලබාදීමේ හැකියාව මත පදනම් වන අතර, ඒ සඳහා සුරැකුමක් වශයෙන් තැන්පතුවක් තබාගනු ඇත.
  5. Income Saver ගිණුම් හිමියන් “Seylan Sure” ප්‍රතිලාභ සඳහා Income Saver ගිණුමෙහි රු.20,000/-ක අවම බැර ශේෂයක් සිදුවීමක් සිදුවීමට පෙර ලිත් මාස 12ක කාලසීමාවක් පුරා නොකඩවා පවත්වාගෙන තිබීම අවශ්‍ය වේ.
  6. ණයවර ඇගයුම සහ මාස 3ක් ගිණුම වෙත ආදායම යොමුකර තිබීමට යටත්ව, සියලු ණය පහසුකම් ලබාදීම, අනුමැතිය මත සිදු කෙරේ.
  7. එකඟ වූ ආදායම, ගිණුම වෙත යොමුකිරීමේ කොන්දේසියට අනුකූල නොවන ගිණුම් හඳුනාගැනීම මූලික කරගෙන ත්‍රෛමාසික සමාලෝචන සිදුකරනු ඇති අතර, ඒ අනුව ප්‍රති-කාණ්ඩගත කිරීම සිදු කෙරේ.
  8. පූර්ව දැනුම්දීමකින් තොරව ප්‍රතිලාභ සැලසුම්/කාණ්ඩ වෙනස් කිරීමේ හෝ අවලංගු කිරීමේ අයිතිය බැංකුව රඳවා ගනියි.