Internet Banking Login

සෙලාන් බැංකු පුද්ගලික ණය

l
විශේෂාංග

පරිපූර්ණ විවාහ මංගල්‍යයක් ගැනීමට, නිවාඩුවක් ගත කිරීමට, ඔබේ දරුවාගේ අධ්‍යාපනයට හෝ අපේක්ෂිත අරමුදලක් රැස්කර ගැනීමට දැන් ඔබේ අභිලාෂයන් සම්පූර්ණ වන තුරු බලා සිටිය යුතු නැහැ. ඒ සඳහා හොඳම ක‍්‍රමය සෙලාන් බැංකුවේ පුද්ගලික ණය යෝජනා ක‍්‍රමයයි. අපේ සේවාව අත්විඳින අතරම ඔබේ පෞද්ගලික අවශ්‍යතා සහ නැවත ගෙවීමේ හැකියාවට ගැළපෙන පරිද්දෙන් ඔබේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සහාය දැක්වීමට අපි සූදානම්.

  • ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ණය මුදලක්

  • වැටුප් ලබන පුද්ගලයන් සඳහා වූ ණය

  • LKR 200,000/- සිට LKR 5,000,000/- දක්වා වූ ණය

  • උපරිම අවුරුදු 7 ක් දක්වා වූ නම්‍යශීලි ආපසු ගෙවීමේ කාලය

  • ආකර්ෂණීය පොළී අනුපාත

  • අවම ලියකියවිලි

How to get started
  • යෝග්‍යතාවය *
    • වයස අවුරුදු 20-60 ත් අතර (විශ‍්‍රාම ගැනීමේ කාලය තුළ ණය මුදල පියවිය යුතුය)
    • අවම ස්ථීර මාසික ආදායම LKR 50,000/-
    • පරිවාස කාලයද ඇතුළුව අවම වශයෙන් මාස 12 ක සේවා කාලයක් සපුරා ඇති ස්ථීර සේවකයන්
    • ණය තොරතුරු කාර්යාංශයේ 100% ක පිරිසිදු වාර්තාවක්. පසුගිය වසර 2 ක කාලය තුළදී දින 90 ඉක්මවු අක‍්‍රමවත් ණය ගනුදෙනු තිබිය නොහැකිය.
    • සේවා නියුක්තිය අනුමත රැකියා ලැයිස්තුවේ තිබිය යුතුය.
      (කරුණාකර ඔබට ළඟම බැංකු ශාඛාවට හෝ 011-2008888 අංකයට අමතා පරීක්ෂා කරන්න)
    • ණය මුදල පවතින සම්පූර්ණ කාලය තුළම මාසික වැටුප සෙලාන් බැංකු ගිණුමකට යොමු කළ යුතුය
  • ලියකියවිලි *
    • වලංගු ජාතික හැඳුනුම්පත/රියැදුරු බලපත‍්‍රය හෝ විදෙස් ගමන් බලපත‍්‍රය
    • සේවායෝජකයාගෙන් ලබාගත් සේවය තහවුරු කිරීමේ ලිපිය
    • ආදායම් පිළිබඳව තොරතුරු - අවසන් වැටුප් පති‍්‍රකාව සහ පසුගිය මාස 3 ක බැංකු වාර්තා
    • උපයෝගීතා බිල්පත

* ඕනෑම ණය පහසුකමක් සම්බන්ධයෙන් සපුරාලිය යුතු සුදුසුකම්, අපගමනය කර ඇති අවස්ථාවකදී එකී ණය සැකසුම් කටයුතු සඳහා අතිරේක කාලයක් ගතවනු ඇත.

  • පොළී අනුපාතය
Period salary Category salary category
LKR 50,000/- upto LKR 100,000/- Rates 
LKR 100,001/- and Above Rate 
01 Year
14.0% p.a. 
13.5% p.a.
02 Year
14.5% p.a.
14.0% p.a.
03 Year
14.5% p.a.
14.0% p.a.
04 Year
15.0% p.a.
14.5% p.a.
05 Year
15.0% p.a.
14.5% p.a.
06 Year
16.0% p.a.
15.5% p.a.
07 Year
16.0% p.a.
15.5% p.a.

  • වාහන ණය
Period Variable Rates Fixed Rates %p.a.
01 Year
15.00% p.a. 
15.00%p.a.
02 Year
N/A
15.50% p.a.
03 Year
N/A
15.75% p.a.
04 Year
N/A
16.00% p.a.
05 Year
N/A
16.50% p.a.

පොලී අනුපාත ගැන දැනගන්න>>>

  • ගාස්තු සහ අයකිරීම්

Processing fees details

Charges apply under Normal Process (Approval within 04 working days)

Charges apply under Fast track  (Approval within 02 working days)

Up to LKR 1,000,000/-

LKR 3,750/-

LKR 7,500/-

LKR 1,000,001/- to LKR 3,000,000/-

LKR 6,250/-

LKR 12,500/-

LKR 3,000,001/- to LKR 5,000,000/-

LKR 7,750/-

LKR 15,500/-

Above LKR 5,000,000/-

LKR 10,250/-

LKR 20,500/-

Early settlement fee

Minimum LKR 5,000/- or 3% of the settlement amount


සියලූම ගාස්තු ගැන දැනගන්න>>>

නිතර අසන ප‍්‍රශ්න

මගේ ක්‍රෙඩිට් කාඞ්පත හෝ වෙනත් බැංකු ණයක් ගෙවා දැමීම සඳහා ණය මුදල ලබාගත හැකිද?

ඔව්, ඔබේ  ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ණයක් ගත හැකියි.

මම ඇපකරුවන් ඉදිරිපත් කළ යුතුද?

නැත.

මගේ දැනට ඇති ණය වාරිකය මගේ වැටුපෙන් 40% ඉක්මවා ගොස් ඇත. ඒත් මට අතිකාල සහ වෙනත් දීමනා ඇති නිසා තවත් ණය මුදලක් වෙනුවෙන් ගෙවීමේ හැකියාව ඇත. මට පුද්ගලික ණයක් අයදුම් කළ හැකිද?

නොහැකියි. මෙම යෝජනා ක‍්‍රමය යටතේ නොහැකියි. මෙහිදී සලකා බැලෙන්නේ ස්ථීර ආදායම් පමණකි.

මගේ සේවානියුක්තිය බැංකුව විසින් අනුමත කරන ලද රැුකියා ලැයිස්තුවේ නැත. මගේ ණය අයදුම සලකා බැලේද?

කරුණාකර අයදුම් කිරීමට පෙර 0112456910/0112456925 යන අංකවලින් අප පෞද්ගලික බැංකුකරණ ඒකකය අමතා පරීක්ෂා කරන්න

පොලී අනුපාත සංශෝධනය වුවහොත් මාසික වාරිකයේත් වෙනසක් සිදුවේද?

නැත. ණය මුදල පවතින මුළු කාලය පුරාම සියලූම ණය සඳහා අනුමත ස්ථාවර පොලියක් කි‍්‍රයාත්මක වෙයි.

පොළිය ගණනය කරන්නේ කෙසේද?

සම වාරික මගින්, එහෙත් පොළිය ගණනය කරනු ලබන්නේ ගෙවීමට ඇති ප‍්‍රාග්ධනය මත පදනම්වය. (අඩුවන ශේෂයට)

පමා වී ගෙවීමේ ගාස්තුව කුමක්ද?

පමාවන ප‍්‍රාග්ධනය මත පදනම්ව 2%

මගේ රැකියාව/රැකියා ස්ථානය වෙනස් වුවහොත් කුමක් කළ යුතුද?

කරුණාකර හැකි ඉක්මනින් බැංකුවට දන්වන්න

මගේ ණය මුදල අනුමත වීම සඳහා කොපමණ කාලයක් ගතවේද?

සියලූම ලියකියවිලි නියමිත පරිදි ඇතිනම් උපරිම වශයෙන් වැඩ කරන දින 3 ක්.

මගේ ණය මුදල කලින් ගෙවා නිම කළ හැකිද?

ඔව්. එහෙත් කලින් පියවීමේ ගාස්තුව අවමය 5,000/- ක් ලෙසින් ප‍්‍රාග්ධනය සඳහා 2% කි.

අන්තර්ජාල බැංකුකරණය හරහා මට ගෙවීමට ඇති ප‍්‍රාග්ධනය පිළිබඳ දැනුවත් වීමට හැකිද?

ඔව්. ඔබ අන්තර්ජාල බැංකුකරණ පහසුකම ලබාගෙන ඇත්නම් එම පහසුකම ඔස්සේ ණය විස්තර ලැයිස්තුව පරීක්ෂා කිරීමේ පහසුකම ලබා දෙන ලෙස ඉල්ලූම් කිරීමට ඔබට හැකියි. ඒ සඳහා ඉල්ලූම් කර ලිපියක් ලබාදිය යුතුයි

මට සෙලාන් බැංකුවේ ගිණුමක් විවෘත කළ හැකිද?

ඔව්.