Internet Banking Login

බැංකු අයිරා

l
Features

    බැංකු අයිරාවක් යනු, දේශීය මුදල්වලින්, නිශ්චිත කාලයක් සඳහා, දෙන ලද පොලී අනුපාතයන් අනුව (වෙළඳපොළ වෙනස්කම්වලට යටත් වේ) ජංගම ගිණුම සඳහා එකඟ වූ සීමාව ඉක්මවා මුදල් ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවෙකු හට ලබාදෙන අවස්ථාවකි

    • මූල්‍යමය හා අනෙකුත් වාසි

      බැංකු අයිරා පහසුකම ලබාදෙන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගැනීමට උපකාරී වීම සඳහා ය. පෞද්ගලික ගනුදෙනුකරුවෙකුට නම් ඔහුගේ/ඇයගේ පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා මෙම පහසුකම ලබා දේ.

    • වියදම් (පොලිය, ගාස්තු හා කොමිස් ආදිය)

      දෛනික ශේෂය මත පොලිය ගණනය කර මාසිකව අයකෙරෙනු ඇත. පොලී අනුපාතය අදාළ නිල ලේඛනයේ දක්වනු ලැබේ. ලිපිලේඛන ගාස්තු/පිරිසැකසුම් ගාස්තු/නෛතික ගාස්තු/තක්සේරුකරණ ගාස්තු ආදිය සේවාවේ වටිනාකම සහ ඇපය මත තීරණය වනු ඇත.

    • සේවාව ලබාගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය

      බැංකු අයිරා පහසුකම ලබාගැනීම සඳහා වන අයදුම් පත්‍රය නිසි පරිදි පුරවා අදාළ වන අනෙකුත් ලිපිලේඛන සමග ගිණුම පවත්වාගෙන යන ශාඛාවේ කළමනාකරු වෙත භාරදිය යුතු ය.

    • මූලික වගන්ති හා කොන්දේසි

      • සිය ජංගම ගිණුම නිසි පරිදි සක්‍රීයව පවත්වාගන්නා සහ ණය ගැනීම් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදී නොමැති ගනුදෙනුකරුවන්ට බැංකු අයිරා පහසුකම සඳහා අයදුම් කළ හැක. .
      • මූලික වශයෙන් බැංකු අයිරා පහසුකම ලබාදෙන්නේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා ය. පෞද්ගලික ගනුදෙනුකරුවන්ට නම් පෞද්ගලික අවශ්‍යතා සඳහා මෙම පහසුකම ලබා දේ. අවශ්‍ය මොහොතක දැනුම්දීමෙන් පසුව මෙය නැවත ගෙවිය යුතු ය.
      • බැංකුවට පිළිගත හැකි ඇපයක් ඉදිරිපත් කළ යුතු ය.
      • හේතු දැක්වීමකින් තොරව ඕනෑම ණය අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව සතු වේ. කෙසේ වෙතත් සේවාවක් ප්‍රතික්ෂේප කරනු ලැබූ විට ඊට හේතු ගනුදෙනුකරුවන් වෙත දැනුම්දෙනු ඇත.