Internet Banking Login

සෙලාන් NRFC (අනේවාසික විදේශ මුදල්) ගිණුම

l
අරමුණ

Objective

අනේවාසික විදේශ මුදල් ගිණුමක් යනු ශ‍්‍රී ලාංකිකයන්ට හෝ ශ්‍රී ලාංකිකයකු ලෙසින් සිටිමින් ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලාංකිකයකු නොවන පුද්ගලයන් සඳහා හඳුන්වා දී ඇති ඉතුරුම් යෝජනා ක‍්‍රමයකි. මෙය ඔබ වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල් ආයෝජනය කළ හැකි හොඳම ක‍්‍රමයකි. සෙලාන් අනේවාසික මුදල් ගිණුමකින් ඔබට පොලියක් උපයා ගන්නා අතරම “සෙලාන් තිළිණ සයුර” යෝජනා ක‍්‍රමය මගින් ප‍්‍රතිලාභ හිමි කරගැනීමටද ඔබට අවස්ථාවක් ලැබෙයි.


Interested in opening an account?
Click here to fill the form and we will call you back
  • ඔබ…

    • විදෙස්ගතව වෙසෙන ශ්‍රී ලංකා ගමන් බලපත් හිමියෙක්
    • ශ‍්‍රී ලංකාවේ උපත ලැබූ, ස්ථිර වීසා බලපත‍්‍රයක් සහිත විදෙස් ගමන්බලපත් හිමියෙක්
    • ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විදේශයක පදිංචි ද්විත්ව පුරවැසියෙක්.
    • ශ්‍රී ලංකාවට පැමිණීමට දින 90 කට පෙර කාලසීමාව තුළ විදෙස් රැකියාවක නිරත වූ ශ‍්‍රී ලාංකිකයෙක්
    • තම ගිණුම සෙලාන් බැංකුවට මාරු කිරීමට කැමැති, වෙනත් බැංකුවක අනේවාසික විදේශ මුදල් ගිණුම් හිමියෙක්.
    • තම මවුපියන් විදෙස් රැකියාවන් හි නිරත වන බාල වයස්කරුවන්
  • ගිණුම් ස්වභාවය

    විදේශ ව්‍යවහාර මුදල් ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු


  • විදෙස් මුදල් පරාසය

    පහත නම් කරන ලද විදෙස් මුදල් ඒකකයකින් ඔබේ සිතැඟි පරිදි ගිණුම පවත්වාගෙන යා හැකිය: ඇමෙරිකානු ඩොලර්, යූරෝ, ජපන් යෙන්, සිංගප්පූරු ඩොලර්, කැනඩා ඩොලර්, බි‍්‍රතාන්‍ය පවුම්, ස්විට්සර්ලන්ත ෆ‍්‍රෑන්ක්, ඕස්ටේ‍්‍රලියානු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, නවසීලන්ත ඩොලර්

  • කෑෂ් කාර්ඞ්

    සෙලාන් NRFC කාඞ්පත හරහා ඔබේ පවුලේ නම් කරන ලද පුද්ගලයකුට යම් ස්ථීර මුදලක් ශ්‍රී ලංකා රුපියල්වලින් ආපසු ලබාගැනීමට අවස්ථාව ලබාදීමට ඔබට හැකියාව ලැබෙයි.

  • ඉතුරුම් සහ ඉපැයීම් ප‍්‍රතිලාභ

    ඇමෙරිකානු ඩොලර් 500 ක හෝ ඊට සමාන ශේෂයක් පවත්වා ගනිමින් ‘‘සෙලාන් තිළිණ සයුර’’ ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමයට සුදුසුකම් ලබාගන්න.

  • පුළුල් ජාලය

    ඔබේ පහසුව සඳහා දීපව්‍යාප්ත ශාඛා ජාලය.

  • ණය පහසුකම්

    ඔබේ NRFC තැන්පතුව මත පදනම්ව සියයට 90 ක් දක්වා වූ රුපියල් හෝ විදෙස් මුදල් ණය.

  • බද්දෙන් නිදහස් කිරීම

    වර්තමාන රෙගුලාසිවලට අනුකූලව තැන්පතු සඳහා උපයා ගන්නා ලද පොළිය.

  • පහසු ගෙවීම සහ මාරුකිරීම

    බිල්පත් ගෙවීම සහ සෙලාන් බැංකුවේ ඇති වෙනත් ගිණුම්වලට අරමුදල් මාරු කිරීම හෝ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් :ීඛෂඡුී* , අන්තර්ජාල බැංකුකරණ හෝ බැංකු හුවමාරු (TT) හරහා වෙනත් ශ්‍රී ලාංකික බැංකු ගිණුමකට අරමුදල් මාරු කරන්න.


  • ඔබේ මුදල් ගැන අවධානයෙන් සිටින්න

    සෙලාන් අන්තර්ජාල බැංකු සේවාව සමගින් ඔබේ සෙලාන් බැංකු ගිණුම ගැන සෑම විස්තරයක්ම, පසුගිය සහ වර්තමාන ගිණුම් ප‍්‍රකාශනද පරීක්ෂා කරන්න.

  • ගෝලීය ප‍්‍රවේශය

    වීසා බලයලත් ATM හරහා ලොව ඕනෑම තැනකින් මුදල් ආපසු ගැනීමේ හැකියාව

  • පොලී අනුපාතය ඉහළ දැමීම

    ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා අමතරව සියයට 0.25 ක පොළී අනුපාතය.

Interest Rates & Fees

පහත දැක්වෙන්නේ NRFC/ RFC/ SFIDA/ RNNFC/ NRNNFA/ FEEA/ FCISPE/ SIA/ SFNA සඳහා පොලී අනුපාතයි

SAVINGS ACCOUNTS
Currency Code Minimum InterestRate % p.a AER 
Balance
US Dollar
USD
25
2.000
2.0184
Sterling Pound
GBP
15
1.500
1.5104
Euro
EUR
20
1.000
1.0046
Australian Dollar
AUD
35
2.000
3.0416
Japanese Yen
JPY
2,850
0.125
0.1251
Swiss Franc
CHF
35
0.125
0.1251
Singapore Dollar
SGD
45
0.250
0.2503
Canadian Dollar
CAD
30
1.500
1.5104
Norwegian Kroner
NOK
200
1.500
1.5104
Danish Kroner
DKK
175
1.500
1.5104
Swedish Kroner
SEK
200
1.500
1.5104
Hong Kong Dollar
HKD
200
0.125
0.1251
New Zealand Dollar
NZD
35
 
1.500
1.5104

සියලුම පොලී අනුපාත දැනගන්න>>>


ගාස්තු විස්තර ගාස්තු
අන්තර්ජාල බැංකු පහසුකම් නොමිලේ
ATM කාඞ්පත නිකුත් කිරීමේ ගාස්තුව LKR 200.00
ATM කාඞ්පත සඳහා වාර්ෂික ගාස්තුව LKR 250.00

සියලුම ගාස්තු දැනගන්න>>>

How to get started
  • අවශ්‍ය කරන ලිපිලේඛන:
    • ශ්‍රී ලංකා ගමන් බලපත‍්‍රය
    • විදේශිකයකු නම් ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි/li>
  • අනුමත බැර කිරීම්
    • බලයලත් නියෝජිතයන් හරහා විදෙස් මුදල් ලෙසින් ලැබෙන අභ්‍යන්තර පේ‍්‍රෂණ
    • ගිණුම් හිමියා විසින් රට තුළට රැුගෙන එන විදෙස් මුදල්
    • ගිණුමේ ඇතිි අරමුදල් වෙනුවෙන් විදෙස් මුදලින් ගෙවනු ලබන පොලිය
    • එක් අනේවාසික විදේශ මුදල් ගිණුමක සිට තවත් ගිණුමකට මාරු කරන අරමුදල්
  • අනුමත හර කිරීම්
    • එක් අනේවාසික විදේශ මුදල් ගිණුමක සිට තවත් ගිණුමකට කරනු ලබන ජාත්‍යන්තර ගනුදෙනු සහ අරමුදල් නිදහසේ හර කිරීමට හැකිය.
    • ශ්‍රී ලංකාවේදී කරනු ලබන ගෙවීම් සඳහා (පවතින විදෙස් විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය වේ)
    • අනේවාසික විදෙස් මුදල් ගිණුම් හිමියෙක් විදෙස් ගත වන විට හෝ ගුවන් ගමන් බලපත‍්‍ර මිලට ගැනීම සඳහා ගිණුමේ ඇති අරමුදල මත පදනම්ව විදෙස් මුදල් නෝට්ටු මිලට ගනු ලැබේ.
FAQs

මම විදෙස්ගතව පදිංචිව සිටින අතර මට අනේවාසික විදේශ මුදල් ගිණුමක් විවෘත කිරීමට හැකිද?

ඔව්. කරුණාකර www.seylan.com දරණ අප වෙබ් අඩවියට පිවිස ඉතිරි කිරීමේ/ස්ථාවර තැන්පතු යන ඕනෑම ගිණුමක් සඳහා අදාළ වන අයදුම් පත‍්‍ර ලබාගන්න. ඔබ පදිංචිව සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් එහි සිටින අදාල නිලධාරියා හෝ තහවුරු කිරීමේ බලධාරියා ලවා ඔබේ අයදුම්පත‍්‍රය පිටසන් කරවා ගන්න.

සම්පූර්ණ කරන ලද අයදුම්පත‍්‍රය සහ වෙනත් ලියවිලි ඇමෙරිකානු ඩොලර් 25 ක් හෝ ඊට වැඩි වටිනාකමක් සහිත මුදල්පතක් සමගින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා පහත ලිපිනයට එවිය යුතුය.

    කළමනාකරු,
    පේ‍්‍රෂණ මධ්‍යස්ථානය,
    අංක. 90, 5 වැනි මහල,
    සෙලාන් කුළුණ,
    කොළඹ 03.

අප ගිණුම විවෘත කළ ගිණුම් අංකය සහ තැන්පත් කරන ලද මුදල පිළිබඳ විස්තර ඔබට දැනුම් දෙන්නෙමු.

බාල වයස්කරුවන් වන මගේ දරුවන් ගේ නමින් විදෙස් මුදල් ගිණුමක් විවෘත කළ හැකිද?

ඔව්... ඒ සඳහා ඔවුන්ගේ ශ්‍රී ලංකා උප්පැන්න සහිතක අවශ්‍ය වේ

සෙලාන් බැංකුවේ නියෝජිතයන් සිටින රටවල් මොනවාද?

    ලෙබනනය - ප‍්‍රතාප -0096-171541554 / විද්‍යුත් ලිපිනය - prathpaw@seylan.lk
    සවුදි අරාබිය - නිශාන්ත - 0096-6532993650 / විද්‍යුත් ලිපිනය - rukmanp@seylan.lk

අනේවාසික විදේශ මුදල් ගිණුමේ විස්තර ලබාගන්නේ කෙසේද?

+ 94 112-439833, + 94 112-452667 යන අංකවලට ඇමතීමෙන් හෝ www.seylan.com දරණ අප නිල වෙබ් අඩවියට පිවිසීමෙන්

සෙලාන් බැංකුවේ අනේවාසික විදේශ මුදල් ගිණුමක් විවෘත කළ හැකි විදෙස් මුදල් වර්ග කවරේද?

ඇමෙරිකානු ඩොලර්, යූරෝ, ජපන් යෙන්, සිංගප්පූරු ඩොලර්, කැනඩා ඩොලර්, බි‍්‍රතාන්‍ය පවුම්, ස්විට්සර්ලන්ත ෆ‍්‍රෑන්ක්, ඕස්ටේ‍්‍රලියානු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, නවසීලන්ත ඩොලර් සහ චීන යුආන්

මම සෙලාන් බැංකු අනේවාසික විදේශ මුදල් ගිණුම් හිමියෙක් නම් මට ලැබෙන ප‍්‍රතිලාභ මොනවාද?

ඔබ අපගේ ‘‘තිළිණ සයුර’’ ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමයට ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.
  • බැංකු නියෝජිතයකු සිටින හෝ සෙලාන් බැංකු ශාඛාවක් තිබෙන රටකදී නම් ඔබට කිසිදු අයකිරීමකින් තොරව ණය කාඞ්පතක් ලබාගත හැකිය.
  • එසේම ඔබට ශ්‍රී ලංකා රුපියල් 500 ක වවුචරයක් සමගින් නොමිලේ ටිකිරි ගිණුමකට හිමිකම් ලැබෙයි.
  • මේ අතර අපගේ දීප ව්‍යාප්ත ශාඛා ජාලය නිරන්තරයෙන්ම ඔබේ සහායට සිටියි.

‘‘තිළිණ සයුර’’ යටතට වැටෙන මගේ පවුලේ සාමාජිකයන් කවුද?

ඔබ විවාහක නම් - සැමියා/බිරිඳ හෝ වයස අවුරුදු 18 ට අඩු අවිවාහක දරුවන්
ඔබ අවිවාහක/දික්කසාද නම් - මවුපියන් සහ වයස අවුරුදු 18 ට අඩු අවිවාහක සහෝදර සහෝදරියන්

බද්ධ ගිණුමකදී මා හිමිකම් ලබාගන්නේ කෙසේද?

සැමියා/බිරිය සමග බද්ධ ගිණුම - එක් එක් වර්ගී කරණය යටතේ ඕනෑම අයදුම්කරුවකු විසින් එක් හිමිකමක්
දරුවන් සමග බද්ධ ගිණුම - එක් එක් වර්ගීකරණය යටතේ එක් හිමිකමක්

මා ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශ ගාස්තුවට හිමිකම් ලබන්නේ කෙසේද?

ගිණුම විවෘත කිරීමෙන් පසුව මාස 12 ක කාලයක් ඇතුළත හිමිකම ලබාගත හැකිය. ඒ සඳහා එම වර්ෂය තුළදී ඇමෙරිකානු ඩොලර් 500 ක හෝ ඊට සමාන ශේෂයක් පවත්වා ගත යුතුය.

අනේවාසික විදේශ මුදල් ඉතිරි කිරීමේ ගිණුමක සහ අනේවාසික විදේශ මුදල් ස්ථාවර තැන්පත් ගිණුමක ඇති වෙනස්කම් මොනවාද?

ස්ථාවර තැන්පත් ගිණුමක් විවෘත කරන අවස්ථාවේදී තැන්පත් කරන මුදල, කාල රාමුුව සහ පොලී අනුපාතය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන අතර එය ගිණුම පරිණත වන තුරු වෙනස් නොවේ. අනේවාසික විදේශ මුදල් ඉතිරි කිරීමේ ගිණුමකදී ඔබට ඕනෑම අවස්ථාවකදී මුදල් තැන්පත් කිරීමට හෝ ආපසු ගැනීමට පුළුවන. පොළී අනුපාතයේ වෙනසක් වුවහොත් එය ගිණුමට අදාළ වේ.