Internet Banking Login

මඟසළකුණු

l

  • 2013

    • ශ්‍රී ලංකාවම ආවරණය වන පරිද්දෙන් ආගමික වතාවත් සහ සමාජ සත්කාරක ව්‍යාපෘති සමගින් 2013 මාර්තු මස 24 වැනිදා සෙලාන් බැංකුව සිය 25 වැනි සංවත්සරය සමරනු ලැබීය. 2013 මාර්තු 1 වැනිදා සහ 2 වැනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ආගමික වතාවත් සිදුකරන ලදී. ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය සහ හිතවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වය ඇතිව මහමෙවුනා උයනේදී නුග පැළ රෝපණය කරනු ලැබීය. සීදුව සුපවත් අරණ දේවස්ථානයේදී ස්තුති කිරීමේ දේව මෙහෙයක් පැවැත්වීය. යාපනය නල්ලූර් කෝවිලේදී විශේෂ අභිෂේක පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව කයිතඩි හි පිහිටි රජයේ නිවර්තන නිවාසයට බිළිඳු තොටිලි පරිත්‍යාග කරනු ලැබිණ.
    • පුත්තලම කුවේට් රෝහලේදී රෝගීන් 25 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා අනුග‍්‍රහය දැක්වූ සෙලාන් බැංකුව ඔවුන්ට නැවත පෙනීම ලබාගැනීමට උපකාර කළ අතර, පුත්තලම මහා පල්ලියේදී ලූහාර් (මධ්‍යහ්න) යාඥාවක්ද සංවිධානය කරන ලදී. මීට සමාගමීව සෙලාන් බැංකුව විසින් රටේ නොයෙක් ප‍්‍රදේශවල පිහිටි පාසල් 4 ක පුස්තකාල ප‍්‍රතිසංස්කරණය සඳහා අනුග‍්‍රහය දැක්වීය. අනුරාධපුර ස්වර්ණපාලි මහා විද්‍යාලය, යාපනය කෝපායි මහා විද්‍යාලය, පුත්තලම ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලය සහ රද්දොළුගම කැනිස්ටා විද්‍යාලය එම පාසල් හතරයි.
    • මෙම පාසල් හතර දිවයින පුරා පිහිටි පාසල් 30 ක් තුළ පුස්තකාල පිහිටුවීමේ ව්‍යාපෘතියේ පෙරගමන් කරුවන් වූ අතර, ඒ හරහා රටේ පාසල් දරුවන්ගේ දැනුම වර්ධනය කරමින් සමාජයට දීර්ඝකාලීන ප‍්‍රතිලාභ අත්පත් කරදීමක් සිදුවිය.
  • 2012

    • ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා (හිටපු නීතිපති) 2012 අපේ‍්‍රල් 20 වැනි දින සිට කි‍්‍රයාත්මක වන පරිදි බැංකුවේ නව සභාපතිවරයා වශයෙන් පත්වීම.
    • 2012 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසර 4 ක කාලයක් සඳහා වූ (2012-2015) උපාය මාර්ගික සැලැස්ම සාර්ථක ලෙස කි‍්‍රයාවට නැංවීම ආරම්භ කළේය. ශාඛා ජාලයට පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 14 ක් අලූතින් එක් කළේය. ‘‘නෝර්ත් බවුන්ඞ්’’ යන තේමාව යටතේ එළිදැක්වූ 2011 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාව දේශීය සහ ජාත්‍යන්තර ආයතනවල පිළිගැනීමට ලක්වූ අතර සම්මාන කිහිපයක්ම දිනාගනු ලැබීය

    දේශීය

    ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් සංවිධාන කළ වාර්ෂික වාර්තා සම්මාන ප‍්‍රදානය - 2012 හිදී ‘‘සමස්ත බැංකු අංශ කාණ්ඩය’’ සඳහා වූ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීම.

    ජාත්‍යන්තර

    සෙලාන් බැංකුව ‘‘සාම්ප‍්‍රදායික නොවන වාර්ෂික වාර්තා’’ සඳහා වූ 2012 ජාත්‍යන්තර ARC සම්මාන උළෙලේදී ආසියා/දකුණු ශාන්තිකර කාණ්ඩය යටතේ ‘‘බැංකුකරණ සහ මූල්‍ය සේවා’’ වෙනුවෙන් රන් සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම එම කාණ්ඩය යටතේම ලිඛිත පාඨය වෙනුවෙන් ලෝකඩ සම්මානය දිනාගත් අතර පිටකවරය/ඡුායාරූප නිර්මාණය වෙනුවෙන් ඇගයීමට ලක්විය. ඇමෙරිකානු සංනිවේදන වෘත්තිකයන්ගේ සංගමයේ 2011 විෂන් සම්මාන උළෙලේදී වාණිජ කාණ්ඩය යටතේ රිදී සම්මානය දිනාගනු ලැබීය.

  • 2011

    • ස්වේච්ඡුා විශ‍්‍රාම යෝජනා ක‍්‍රමය යටතේ ගෙවීම් කොට තිිබියදීත් බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියනයේ සීමාව ඉක්මවා යාම.
    • 2011 මාර්තු මාසයේදී බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙසින් කපිල ආරියරත්න මහතා පත්වීම.
    • 2012-2015 කාලය ආවරණය වන පරිද්දෙන් නව උපාය මාර්ගික සැළැස්ම ප‍්‍රකාශයට පත්කිරීම.
    • ෆිච් රේටින්ග්ස් යාවත්කාලීන කිරීමෙන් බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම BBB+ සිට A- දක්වා ඉහළ දැමීම.
    • හොඳම වත්මන් ගිණුම් - 2010 සඳහා SAFA (දකුණු ආසියානු ගණාකාධිකරුවන්ගේ සම්මේලනය) වෙතින් පිදෙන කුසලතා සම්මානයෙන් බැංකුව පිදුම් ලැබීය.
    • LMD විසින් සෙලාන් බැංකුව රන් කාණ්ඩය යටතේ ශ්‍රේණිගත කරනු ලැබීය.
    • සෙලාන් බැංකුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (SL) මගින් පිදෙන අනුකූලතා සහතිකයෙන් (2010) පිදුම් ලැබීය.
    • බැංකුව 2010 වාර්ෂික වාර්තාව සඳහා ARC සම්මාන පහක් දිනාගැනීම.
  • 2010

    • සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ බැංකු ඉතිහාසයේ පළමු වරට බදු පසු ලාභය රුපියල් බිලියනය ඉක්මවා යාම. සෙලාන් බැංකුව, SLIM ආයතනය (ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය* විසින් සංවිධානය කළ ‘‘බ‍්‍රෑන්ඞ් එක්සලන්ට් එවෝඞ්ස් 2010’’ සම්මාන ප‍්‍රදානයේදී 2009 වසර සඳහා වූ හොඳම වෙළෙඳ නාමය ට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 2010 වසරේදී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය විසින් සංවිධානය කළ සම්මාන උළෙලේදී සමස්ත බැංකු අංශයේ ලෝකඩ සම්මානය සෙලාන් බැංකුවේ ‘‘වාර්ෂික වාර්තාව 2009’’ සඳහා හිමිවිය. 2010 වසරේදී ප‍්‍රකාශයට පත්කළ 2009 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර මට්ටමේ සම්මාන කිහිපයක්ම හිමිවීම.
    • ARC-USA සංවිධානය කළ සම්මාන උළෙලේදී ‘‘වාර්ෂික වාර්තාව 2009’’ සඳහා එකිනෙකට වෙනස් අංශයන් යටතේ සම්මාන පහක් හිමිවිය.
    • ඇමෙරිකානු සංනිවේදන වෘත්තිකයන්ගේ සංගමය මගින් ‘‘ආසියා ශාන්තිකර කලාපයේ ප‍්‍රවර්ධිත වාර්ෂික වාර්තාව’’ සඳහා පිදෙන රන් සම්මානයෙන් සෙලාන් බැංකුව පිදුම් ලැබීය. 2009 වසරේදි එළිදැක්වූ ප‍්‍රකාශන සඳහා විෂන් සම්මානය හිමිවිය.
    • බැංකුව බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී යූකේ වෙතින් ‘‘ඒ’’ ශ්‍රේණිය දිනාගත් අතර 2010 වසරේදී ශ්‍රී ලංකාවේ ප‍්‍රධානම වෙළෙඳ නාම අතුරින් 14 වැනි ස්ථානයට පත්විය. බිස්නස් ටුඬේ සඟරාවේ නිර්ණායකවලට අනුව සෙලාන් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම ආයතන 20 අතරට තේරී පත්වීම.
  • 2009

    • 2009 සිට 2011 අතර කාලය ආවරණය වන පරිදි බැංකුවේ පළමු උපාය මාර්ගික සැළැස්ම සංවර්ධනය කිරීම.
    • එසේම ශ්‍රී ලංකාවේ වරලත් බැංකුකරුවන්ගේ සංගමය විසින් සංවිධාන කළ අන්තර් බැංකු ප‍්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ජයග‍්‍රහණයද සෙලාන් බැංකුවට හිමිවීම.
  • 2008

    • සෙලාන් බැංකුව ත්‍රෛභාෂික (සිංහල/දෙමළ/ඉංග‍්‍රීසි) වෙබ් අඩවියක් සහිත ශ්‍රී ලංකාවේ පළමු වාණිජ බැංකුව බවට පත්වීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සෙලාන් බැංකුවේ පරිපාලනය නව අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙත පවරා දෙනු ලැබීය. බැංකුවේ නව විධායක සභාපති ලෙසින් කෘතහස්ත බැංකුකරුවකු වන ඊස්ට්මන් නාරංගොඩ මහතා පත්වීම.
    • සෙලාන් බැංකුව බැංකුකරුවන්ගේ වෙළෙඳ මූල්‍ය සංගමය විසින් සංවිධානය කළ ‘‘වෙළෙඳ මූල්‍ය ප‍්‍රශ්න විචාරාත්මක තරගාවලියේ’’ පළමු ස්ථානයට පත්වීම.
  • 2007

    • සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පළමු වතාවට ‘‘පාම්ටොප් බැංකුකරණය’’ හඳුන්වා දෙනු ලැබීම.
  • 2006

    • ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් මුදල් වත්කම 2006 වසරේ දෙසැම්බර් මස වන විට රුපියල් බිලියනයේ සීමාවට ළඟාවීම.
  • 2005

    • බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියනයේ සීමාව පසු කිරීම.
    • LMD සහ Sting Consultants එක්ව කරන ලද තේරීමෙන් සෙලාන් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ වෙළෙඳ නාම 20 අතරට පත්වීම.
    • සෙලාන් බැංකුවෙහි ප‍්‍රමුඛතම කොටස් හිමියකු වන සෙලින්කෝ සමාගම ‘‘වඩාත්ම ගෞරවනීය ශ්‍රී ලාංකික ආයතන’’ තුනෙන් එක් ආයතනයක් ලෙසින් LMD සඟරාව විසින් ප‍්‍රකාශයට පත්කිරීම.
    • 2005 අගෝස්තු මාසයේදී ‘‘ව්‍යාපාර සන්තති ප‍්‍රතියාන්ත‍්‍රණය’’ (BPR) සම්පූර්ණ කිරීම.
    • මානව සම්පත් සහ සේවක පුහුණු මධ්‍යස්ථානය ISO 9001ථ2000 තත්ත්වය සහතිකය හිමි කරගැනීම.
  • 2004

    • අජිත පැස්කුවල් මහතා අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී සහ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස සිය රාජකාරි කටයුතු ඇරඹීම.
  • 2003

    • ශ්‍රී ලාංකීය බැංකු ඉතිහාසයේ වැඩිම ලාභය ඉපැයීම
    • බිස්නස් ටුඬේ සඟරාව විසින් සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ තෙවැනි හොඳම බැංකුව ලෙසිනුත් LMD සඟරාව විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම සිවුවැනි බැංකුව ලෙසිනුත් නම් කිරීම.
    • අයවැය Balance Scorecard ක‍්‍රමය හඳුන්වා දීම.
    • SME හෙවත් කුඩා සහ මධ්‍යම ප‍්‍රමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍ර සඳහා විශේෂිත සංවර්ධන බැංකු අංශයක් පිටුවමින් රටේ දරිද්‍රතාවය පිටු දැකීමට අවශ්‍ය පහසුකම් සැපයීම.
    • සෙලාන් බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරුවලින් රෝහිධෑ නානායක්කාර මහත්මිය ඉවත් වීමෙන් අනතුරුව එම තනතුරු සඳහා 2004 වසරේදී අජිත පැස්කුවල් මහතා පත්වීම.
  • 2002

    • ගෝව හිදී පැවැත්වුණු වෙස්ටර්න් යූනියන් මැදපෙරදිග සහ දකුණු ආසියානු සමුළුවේදී සෙලාන් බැංකුව සම්මානයට පාත‍්‍ර වීම.
  • 2001

    • චැතම් වීදියේ ශාඛාව ‘‘සෙලින්කෝ හවුස් ශාඛාව’’ ලෙස නම් කොට එය සෙලින්කෝ හවුස් ගොඩනැගිල්ල වෙත රැුගෙන ඒම.
    • ශාන්ත ජෝශප්, ශාන්ත පීතර සහ ශාන්ත බෙනඩික් යන විද්‍යාලවල ආදි සිසුන් සඳහා වීසා ඉලෙක්ට්‍රොනික් කාඞ්පත් සහ වීසා ඇෆිනිටි කාඞ්පත් හඳුන්වා දීම.
    • රිවෝඞ්ස් ප්ලස් ප‍්‍රතිලාභ ක‍්‍රමය වෙනුවට ‘‘මෙරිට් රිවෝඞ්ස්’’ ප‍්‍රතිලාභ ක‍්‍රමය හඳුන්වා දීම.
    • සුළු ව්‍යවසාය ව්‍යාපාර යටතේ ‘‘ගොවිසරුපත’’ සඳහා හොඳම බැංකු නිපැයුම ලෙස ආසියානු බැංකුවේ ගෞරව සම්මානයට පාත‍්‍ර වීම.
  • 2000

    • ලොවටම බලපෑ Y2K පරිගණක අර්බුදය සඳහා සාර්ථකව මුහුණ දීමට හැකිවිය.
  • 1999

    • අයවැය සහ ප‍්‍රගති සමාලෝචනය උදෙසා පරිගණක ගත ඇගයුම් පද්ධතියක් හඳුන්වා දීම. එම පද්ධතිය ඇසුරින් පවත්වනු ලැබූ ප‍්‍රථම කාර්ය සාධන ඇගයුම් උළෙලද මෙම වසරේදී පවත්වනු ලැබිණ.
  • 1998

    • බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ලෙසින් රෝහිධෑ නානායක්කාර මහත්මිය පත්විය.
  • 1997

    • ශාඛාවල ස්වයංපාලනය ඉහළ දැමීම සඳහා 1997 වසරේදී ‘‘ප්‍රොෆිට් සෙන්ටර්’’ (ලාභ ලබන මධ්‍යස්ථාන) සංකල්පය හඳුන්වා දීම.
    • සෙලාන් බැංකුවේ 10 වැනි සංවත්සරය සැමරීමත් සමගම ප‍්‍රධාන කාර්යාලය නව ගොඩනැගිල්ලක් වෙත ගෙන ගිය අතර එම ගොඩනැගිල්ල ‘‘සෙලින්කෝ සෙලාන් ටවර්ස්’’ ලෙස නම් කරන ලදී. කොල්ලූපිටියේ පිහිටි මෙම ගොඩනැගිල්ල තුළ මිලේනියම් ශාඛාව යන නමින් නවතම ශාඛාවක් ආරම්භ විය.
  • 1996

    • ශ්‍රී ලංකා එක්ස්ප‍්‍රස් එක්ස්චේන්ජ් ඉන් ඕමාන් ලෙසින් ඕමානයට පිවිස තම දෙවැනි විදේශ මෙහෙයුම් කටයුත්ත ආරම්භ කිරීම.
  • 1995

    • අන්තර්ජාතික වීසා පද්ධතිය සමග සම්බන්ධ වෙමින් වීසා ක්ලැසික්ස් සහ වීසා ගෝල්ඞ් ක්‍රෙඩිට් කාඞ්පත් නිකුත් කිරීම ඇරඹීම.
  • 1994

    • ඩුබායි හි පිහිටි හාඩි එක්ස්ප‍්‍රස් එක්ස්චේන්ජ් ආයතනයේ හිමිකාරිත්වයෙන් අනතුරුව සෞදි ඇමෙරිකන් බැංකුව සමග එක්ව සිය ගනුදෙනුකරුවන් සඳහා ‘‘ස්පීඞ් කෑෂ්’’ සේවය ලබාදෙමින් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් එවන මුදල් ක්ෂණිකව ලබාගැනීමේ සේවාව පළමු වරට හඳුන්වා දීම.
    • SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) හි සාමාජිකත්වය ලබාගනිමින් ණයවර ලියවිලි මත පදනම් වූ ණය සේවා සැපයීම, පාරිභෝගික උපදෙස් ලබාදීම සහ බැංකු ගනුදෙනු ආරම්භ කිරීම.
    • අන්තර්ජාතික වීසා පද්ධතිය සමග ඒකාබද්ධව ‘‘වීසා ක්ලැසික්’’ සහ ‘‘වීසා ගෝල්ඞ්’’ ක්‍රෙඩිට් කාඞ් නිකුත් කිරීම. එම ATM කාඞ්පත ,"SMART" (සෙලාන් මල්ටි ඇක්ෂන් රැුපිඞ් ටෙලර්) (සෙලාන් බහුකාර්ය ක්ෂණික ටෙලර්) යනුවෙන් නම් කරන ලද අතර ‘‘සෙලාෆෝන්’’ සේවය යනුවෙන් දුරකතන බැංකු සේවාවක්ද හඳුන්වා දීම.
  • 1993

    • ඇමෙරිකාවේ ‘‘වෙස්ටර්න් යූනියන්’’ ජාත්‍යන්තර මුදල් හුවමාරු ආයතනය සමග අත්වැල් බැඳ ගනිමින් රටවල් අතර විනාඩි කිහිපයකින් මුදල් හුවමාරු කළ හැකි පේ‍්‍රෂණ සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම.
  • 1992

    • සෙලාන් කාඞ් ලෙසින් පළමු වරට දේශීය ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දෙමින් ලාංකීය බැංකු ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීම.
  • 1991

    • ක්‍රෙඩිට් ඇන්ඞ් කොමර්ස් බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ හිමිකාරත්වයෙන් අනතුරුව එහි මෙහෙයුම් කටයුතු සෙලාන් බැංකුවේ චැතම් වීදියේ ශාඛාව ලෙස ආරම්භ කිරීම.
  • 1988

    • 1988 මාර්තු මස 18 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුවක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය සහතිකය සෙලාන් බැංකුව වෙත නිකුත් කරන ලදී. ඒ අනුව ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මැතිතුමා අතින් 1988 මාර්තු 24 වැනිදා සෙලාන් බැංකුව උත්සවාකාරයෙන් අරඹන ලද අතර එදින සිට සෙනසුරාදා දිනයේදීත් බැංකු සේවා සැපයීම හඳුන්වා දෙනු ලැබීය.