Internet Banking Login

සුළු පරිමාණ ව්‍යාපාර විසඳුම්

l
උතුරු පළාතේ යළි ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සඳහා ලබාදෙන ‘පිබිදෙන උතුර’ විශේෂ ණය යෝජනා ක්‍රමය

උතුරු පළාතේ යළි ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ සහය ඇතිව ‘පිබිදෙන උතුර’ විශේෂ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත. මේ යටතේ කෘෂිකාර්මික, පශු පාලන, ධීවර යනාදී කර්මාන්ත සහ කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ණය ලබාදෙනු ලැබේ.

  • සුදුසුකම් ලබන ව්‍යාපෘති

    • කෘෂිකර්මාන්තය සහ ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම්
    • සත්ත්ව පාලන කටයුතු
    • ධීවර කර්මාන්තය සහ ඒ හා සම්බන්ධ කටයුතු
    • ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාර
    • වෙළඳාම් හා අනෙකුත් ස්වයං රැකියා ව්‍යාපෘති
  • සුදුසුකම් ලබන්නන්

    • දිවයිනේ උතුරු පළාතේ නිත්‍ය පදිංචිකරුවන් විය යුතු ය.
    • ව්‍යාපෘති හිමිකරුගේ දායකත්වය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදමෙන් 10% කට නොඅඩු විය යුතු ය.
  • ලබාදෙන උපරිම ණය ප්‍රමාණය

    LKR 200,000/- ක උපරිමයකට යටත්ව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදමින් 90% ක් දක්වා

  • පොලී අනුපාතය

    වාර්ෂිකව 9%

  • ආපසු ගෙවීම් කාලය

    අවුරුදු 5 (මාස 6 ක සහන කාලයක් ලබාගැනීමේ හැකියාව ඇත).

  • ඇපය

    බැංකුව මගින් පිළිගනු ලබන ඇපයක් තැන්පත් කළ යුතු ය.

ස්වයං රැකියා ප්‍රවර්ධන වැඩසටහන ණය යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගය ඇතිව ආරම්භ කර ඇති ණය යෝජනා ක්‍රමයකි. තෝරාගත් වෘත්තීය පුහුණු ආයතනවලින් සුදුසුකම් ලබා ස්වයං රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට මූල්‍යමය වශයෙන් අත්වැලක් වීම මෙහි අරමුණ වේ.

  • සුදුසුකම් ලබන ව්‍යාපෘති

    1 සිට 6 දක්වා මට්ටම්වලට අයත් සියලුම ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රැකියා

  • සුදුසුකම් ලබන්නන්

    • ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක පාඨමාලාවක් හෝ ඕනෑම කුසලතා සංවර්ධන පාඨමාලාවක් සහ තෝරාගත් වෘත්තීය පුහුණු ආයතන අතරින් එකක ව්‍යවසායකත්ව පාඨමාලාවක් හදාරා තිබිය යුතු ය.
    • ව්‍යාපෘති හිමිකරුගේ දායකත්වය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදමෙන් 10% කට නොඅඩු විය යුතු ය.
  • ලබාදෙන උපරිම ණය ප්‍රමාණය

    LKR 500,000/-

  • ආපසු ගෙවීම් කාලය

    අවුරුදු 4 (මාස 8 ක සහන කාලයක් ලබාගැනීමේ හැකියාව ඇත).

  • පොලී අනුපාතය

    වාර්ෂිකව 9%

  • ඇපය

    බැංකුව මගින් පිළිගනු ලබන ඇපයක් තැන්පත් කළ යුතු ය.