Internet Banking Login

සෙලාන් - ආන්තික මිලදී ගැනීම්

l

ආන්තික මිලදී ගැනීම යනු තමන් අතැති ප්‍රාග්ධනය ඉක්මවා අමතර සුරැකුම් පත් ප්‍රමාණයක් සඳහා අමතරව මුදල් ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ණය ක්‍රමයකි. මෙහිදී, අමතර සුරැකුම් පත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල බැංකුවෙන් ණයට ලබාගත හැකිය. මේ නිසා, ආන්තික මිලදී ගැනීමක් තුළින් ඔබට සාමාන්‍යයෙන් මිලදී ගැනීමට හැකියාව තිබෙන සමාගම් කොටස් ප්‍රමාණයට වැඩි සමාගම් කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව ඇත.

මෙහිදී, බැංකුව විසින් ඔබගේ ආන්තික මිලදී ගැනීමේ ගිණුමේ තිබෙන සමාගම් කොටස් සහ මිලදී ගැනීමට බලාපොරොත්තු වන සමාගම් කොටස් යන සියලුම කොටස් ඇප සුරැකුමක් ලෙස තබාගනී.

  • ඔබගේ අරමුණු ඉටුකර ගන්න

    • සෙලාන් බැංකුවේ ආන්තික මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය මගින් ඔබගේ ආයෝජන අවශ්‍යතාවය සපුරාලමින් දැරිය හැකි ණය පහසුකමක් ඉදිරිපත් කරයි.
    • කොටස්වල ආයෝජනය කිරීමේ ඉහළ අවස්ථාවක් ලැබෙන අතර ඔබගේ ආයෝජනයන් විවිධාංගීකරණය කිරීමේ අවස්ථාව ලැබේ.
    • ඔබ සුළු මට්ටමේ ආයෝජකයෙකු වුවත්, ආයතනයක් වුවත්, ව්‍යාපාරික දැවැන්තයෙකු වුවත් බැංකුව මෙම ණය පහසුකම ලබාදෙන්නේ ඔබගේ වර්තමාන ආයෝජන කළඹට සමාන වන ලෙසයි.
  • ආකර්ෂණීය පොලී අනුපාත

    ඔබගේ ආන්තික මිලදීගැනීමේ ණය නැවත ගෙවීමට සහ දැරීමට පහසුවන ලෙස බැංකුව විසින් ආකර්ෂණීය පොලී අනුපාත මේ සඳහා හඳුන්වා දී ඇත.

  • ශේෂය මාරුකිරීමේ පහසුකම

    ඔබගේ වර්තමාන ආන්තික ණය පහසුකම් සපයන්නා පිළිබඳව සෑහීමකට පත් නොවන්නේද? කිසිදු කරදරයකින් තොරව ඔබගේ ආන්තික මිලදී ගැනීමේ ණය පහසුකම අප වෙත මාරුකළ හැකිය.

  • ණය ප්‍රමාණය

    අවමය LKR 1,000,000/- ක සිට අයදුම්කරුවාගේ සමාගම් කොටස් කළඹේ වටිනාකමට සමාන අගයක් දක්වා ඉහළ මුදලක් ණය ලෙස ලබාගත හැකිය.

  • සුදුසුකම්:

    වැටුප් ලබන රැකියා නියුක්තිකයින්, වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, කලත්‍රයා සමග ඒකාබද්ධ ණය ඉල්ලුම්කරුවන්, දෙමව්පියන් සමග වයස අවුරුදු 18 ඉක්මවන පුත්‍රයා /දියණිය හෝ ආයතනික ඒකක

How to get started

ආන්තික මිලදී ගැනීමේ ණය පහසුකමක් සඳහා සරල පියවරයන්

පියවර 1

අයදුම් පතක් ඉදිරිපත් කිරීම

පියවර 2

බැංකුව සමග SLASH ගිණුමක් විවෘත කිරීම

පියවර 3

ගනුදෙනු කිරීම ආරම්භ කිරීම