Internet Banking Login

රැකියා නියෝජිත සමාගම් සඳහා විශේෂ ප්‍රතිලාභ පැකේජ

l
විශේෂාංග

විදේශ මුදල්වලින් ආදායම් ඉපයීම සඳහා විදේශ රැකියා නියෝජිත සමාගම්වලට ඇති හැකියාව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි එබඳු සමාගම් සඳහා විශේෂ ප්‍රතිලාභ පැකේජයක් හඳුන්වා දී ඇත.

සේවාව රැකියා නියෝජිත සමාගම් සඳහා හිමිවන විශේෂ ප්‍රතිලාභ
ජංගම/ඉතුරුම් NRFC/RFC/FEEA ගිණුම්
  • වසර 5ක කාලයක් දක්වා අන්තර්ජාල සහ SMS බැංකු සේවා සඳහා ගාස්තු අය නොකෙරේ.
  • ‘ගෝල්ඩ්’ ඩෙබිට් කාඩ්පත්වලට පළමු වසර සඳහා ගාස්තු අය නොකෙරේ.
  • ජංගම ගිණුමේ සාමාන්‍යයක් ලෙස රු. 50,000 ක අවම ශේෂයක් පවත්වාගන්නේ නම් මසකට චෙක්පොත් 3 ක් දක්වා නොමිලේ නිකුත් කෙරේ.
  • විදේශ මුදල් ගිණුම්වලින් ශ්‍රී ලංකා මුදල් ගිණුම්වලට මුදල් යොමුකිරීමේදී විශේෂ අනුපාත හිමි වේ.
ක්‍රෙඩිට් කාඩ් (ප්ලැටිනම් කාඩ්පත් නිකුත් කෙරේ)
  • පළමු වසර සඳහා වාර්ෂික ගාස්තු සහ මූලික ගාස්තු නැත.
  • සීමා ඉක්මවීමේ ගාස්තු (Over limit fee) සහ මුදල් අත්තිකාරම් ගාස්තු නැත.
සංචාරක කාඩ්පත්
  • නොමිලේ නිකුත් කෙරේ.
  • ඇමරිකානු ඩොලර් 50,000 දක්වා නොමිලේ සංචාරක රක්ෂණාවරණයක්
ස්ථාවර තැන්පතු
  • මිලියන 2.5 ට වැඩි තැන්පතු සඳහා වැඩිපුර 0.5% ක පොලියක්.
  • ඇමරිකානු ඩොලර් 10,000 (හෝ වෙනත් නම්කළ මුදල් වර්ගයකින් ඊට සමාන මුදලක්) හෝ ඊට වැඩි තැන්පතු සහිත විදේශ මුදල් තැන්පත්කරුවන්ට වසරක් සඳහා වැඩිපුර 0.5% ක පොලියක්
හුවමාරු අනුපාත සහ සේවා ගාස්තු
  • සේවා ගාස්තු සඳහා 50% ක වට්ටමක්.
  • විශේෂ හුවමාරු අනුපාත.
ප්‍රේෂණ/විශේෂ කවුන්ටරයක්
  • වඩාත් සුහදශීලී සහ පහසු සේවාවක් ලබාදීම සඳහා වෙනම කවුන්ටරයක්
  • කොමිස් මුදල් සම්බන්ධ ක්‍රමවේද, නියෝජිත කොමිස් මුදල් ගෙවීම සහ පිටත්වීමට පෙර අදාළවන ගාස්තු ආදිය සම්බන්ධ දැනුවත් කිරීම් සහ උපදේශන සේවා.
ණය පහසුකම්
  • ණය සහ ලීසිං සඳහා ආපසු ගෙවීමේ කාලය වසර 5 ක් දක්වා.
  • නම්‍යශීලී පොලී අනුපාත සහ මූලික ගෙවීම්.
  • විශේෂ නිවාස ණය.
  • සුදුසුකම්
    • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත සමාගමක් වීම.
    • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි වීම
  • කොන්දේසි
    • විශේෂ ප්‍රතිලාභ සඳහා හිමිකම් කිව හැක්කේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය තහවුරු කෙරෙන ලේඛනයක පිළිගත හැකි පිටපතක් ඉදිරිපත් කිරීමෙන් පමණි.
    • ඉහත සේවාවන් සම්බන්ධ අනෙකුත් ප්‍රතිලාභ (උදා: සෙලාන් ෂුවර් සහ තිළිණ සයුර වැනි) සියල්ල නොවෙනස්ව හිමි වේ.
    • දැනට සෙලාන් බැංකුවේ සේවාවන් ලබන ගනුදෙනුකරුවන්ටද මෙම විශේෂ ප්‍රතිලාභ හිමිකරගත හැක.
    • මෙම විශේෂ ප්‍රතිලාභ මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු වලංගු වේ.