Internet Banking Login

M-pay

l
විශේෂාංග

ව්‍යාපාරික කටයුතු සඳහා ක්‍රෙඩිට් කාඩ්පත්වලින් සිදුකරන ගෙවීම්වලට සැබෑ වෙනසක් ඇති කරමින්, සෙලාන් බැංකුව මගින් M-Pay ක්‍රමය හඳුන්වාදෙයි. මෙමඟින්, ස්මාට්ෆොන් දුරකථනය, ජංගම ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් ස්ථානයක් බවට පත් කෙරේ. මෙහිදී ඔබේ ව්‍යාපාරය කෙතරම් විශාල ද යන කාරණය අදාළ නොවන අතර, M-Pay හරහා ඔබට, ඕනෑම තැනක සිට, ඕනෑම වේලාවකදී ආරක්ෂණයෙන් යුතුව ගෙවීම් වැඩි සංඛ්‍යාවක් ලබාගැනීමේ හැකියාව ලබාදේ. විශේෂයෙන් ම, සාමාන්‍යයෙන් ගනුදෙනු සිදු කරන ඔබගේ ව්‍යාපාරික ස්ථානයෙන් බැහැරව සිටින අවස්ථාවන් හි දී පවා මේ හරහා ගෙවීම් වැඩි ප්‍රමාණයක් අපහසුතාවකින් තොරව පිළිගැනීමේ හැකියාව ඔබ වෙත ලබා දේ. සෙලාන් බැංකුව විසින් ඔබ වෙත නොමිලේ පිරිනමන මෙම සේවාව නිර්මාණය කර ඇත්තේ ඔබේ ව්‍යාපාරය වඩාත් බලගැන්වීම සඳහායි. එහිදී ගනුදෙනුවක් සඳහා වන අවම මුදලක් හෝ කුලී ගාස්තුවක් අය නොකෙර්.

M-Pay සමඟ කටයුතු කිරීමෙන්, ඔබගේ කාලය හා මුදල් ඉතිරි කරගැනීම මෙන්ම ඔබ වෙතින් මිලදී ගැනීම් සිදු කිරීමට පැමිණෙන ඔබේ පාරිභෝගිකයන් හට ද වැඩි පහසුවක් හා නවමු අත්දැකීමක් ලබාදීමට ඔබට හැකිවනු ඇත.

  • මෙයින් ඇතිවන වාසි
  • නොමිලේ ලැබෙන Bluetooth Card Reader.

  • ආරම්භක ගාස්තු නොමැති වීම.

  • අනිවාර්ය මාසික වාරිකයක් නොමැති වීම.

  • සේවාව ලබා ගැනීමට මුදල් තැන්පතුවක් සිදු කිරීම අවශ්‍ය නොවීම

  • යළි යළිත් ඔබ වෙත ම පැමිණෙන ගනුදෙනුකාර ජාලයක් නිර්මාණය වීම.

  • මුදල් රැගෙන යාමක් අවශ්‍ය නොවන නිසා අවදානම අවම වීම.

  • ඕනෑම ස්ථානයකදී ගෙවීම් ලබාගැනීමේ හැකියාව .

  • ඕනෑම ස්ථානයකදී ගෙවීම් ලබාගැනීමේ හැකියාව .

  • ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් හරහා ගනුදෙනු කිරීමට හැකිවීම.

  • දෛනිකව ස්වයංක්‍රීය පියවීම්

මෙය සිදු කරන්නේ කෙසේද?
  • සෙලාන් M-PAY වෙළඳ නියෝජිතකයකු වීමට ඔබ කළ යුත්තේ කුමක්ද?
    • අංක 0112 008 888 / 0117 776 777 ඔස්සේ අප අමතන්න
    • විද්යුත් තැපැල් sales@payable.lk හරහා අපට ලියන්න
    • www.payable.lk වෙත පිවිසෙන්න
    • ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක් හා සම්බන්ධ වන්න
    • දෙහිවල, හිල් වීදිය, අංක 193 වෙත යන්න
  • මෙය සිදු කරන්නේ කෙසේද?
    • පියවර 1 – මුදල අංකනය කරන්න
    • පියවර 2 – කාඩ්පත ඇතුළු කරන්න නැතිනම් SWIPE කරන්න
    • පියවර 3 – අත්සනක් ලබාගන්න
    • M-Pay සමඟ ඔබේ ව්‍යාපාරික කටයුතු අදම ආරම්භ කිරීමට ළඟම පිහිටි ඔබේ සෙලාන් බැංකු ශාඛාව වෙත යන්න. නැතිනම් අංක 0112 008 888 / 0117 776 777 ඔස්සේ (සේවා සැපයුම්කරු - CBA) අමතන්න. (නොමිලේ උපාංගයක් ලබාගැනීම සඳහා ලියාපදිංචි වන්න).

  • මෙම ක්‍රමවේදය කෙතරම් ආරක්ෂිතද?
  • ඔබ M-Pay පද්ධතියට පිවිසීමේදී හා ගනුදෙනු සිදුකිරීමේදී බැංකු ක්ෂේත්‍රය විසින් පිළිගෙන ඇති ආරක්ෂණ ක්‍රමවේදයන් මෙම පද්ධතියට අදාළ කර ඇත.

කාඩ්පත swipe කරන අවස්ථාවේදිම එසැණින් එම තොරතුරු ආරක්ෂිතව සටහන් කෙරෙන බැවින් සෙලාන් බැංකුවේ සුරක්ෂිත තත්ත්වයන් යටතේ සියලු තොරතුරු ගබඩා වේ. කාඩ්පත් ගෙවීම් සම්බන්ධ තොරතුරු කිසිවක් ඔබේ ජංගම දුරකතනයෙහි ගබඩා නොවේ.
වේගවත් හා විශ්වසනීය Bluetooth card reader
ඩිජිටල් ලදුපත / ක්ෂණික සංඥා විද්‍යුත් තැපැල්/කෙටි පණිවුඩ සංඥා හරහා එසැණින්ම ගනුදෙනුකරු වෙත විද්‍යුත් ලදුපතක් ලබාදිය හැකිවීම.
ගාස්තු හා අයකිරීම්
ගාස්තු හා අයකිරීම්
වෙළඳ මහතුන් වෙත ලබාදෙන වට්ටම - 3.5%
Guides

මතක තබාගන්න:

M-Pay සඳහා ඔබ ලියාපදිංචි වීමට පෙර ඊට අදාළ “නීතිරීති සහ කොන්දේසි” ඔබ විසින් කියවා බැලීම වැදගත් වේ.

ඔබ විසින් සපයනු ලබන සියලු තොරතුරු නිවැරදි බවට සහතික වන්න

බැංකුව සමඟ ලියාපදිංචි කර ඇති ඔබේ දුරකථන අංකයෙහි වෙනසක් සිදුවේ නම්, ඒ බව බැංකුව වෙත දැනුම් දෙන්න.

ඔබේ ගිණුම් වෙත නොපිවිසෙන සෑම අවස්ථාවක දී ම.

කිසිදු අවස්ථාවකදී මුරපදය කිසිවෙකු වෙත හෙළි නොකරන්න

Applications
POS Section 1
POS Section 2
POS Merchant Agreement