Internet Banking Login

ණය පහසුකම්

l

නිවාස ණය (Housing Loans)

ඉඩමක් මිලදී ගන්නට, ඔබ සිහින මවන සොඳුරු නිවස ඉදිකරන්නට, සාදා නිමකරන ලද නිවසක් හෝ බද්ධනිවාසයක් මිලදී ගන්නට හෝ ඔබේ නිවසට අමතර කොටසක් එකතු කරන්නට හෝ නිවස අලුත්වැඩියා කරන්නට හෝ නිවසේ තත්ත්වය වැඩිදියුණු කරන්නට සෙලාන් වෙතින් ඔබට ලබාදෙන ණය පහසුකම් ආපසුගෙවීමට වසර 25ක් දක්වා කාලය ලබාගත හැකිය.


කල්බදු (Leasing)

සෙලාන් ස්මාර්ට් ලීස් පහසුකම හරහා, ඔබේ ආදායම වැඩි මාසවල දී සම්මත මාසික වාරිකයට වැඩි මුදලක් ගෙවා, ඉතිරි කාලසීමාව තුල දී අඩු මාසික වාරිකයන් ගෙවීමේ විකල්පය ඔබ සතු වේ.


අධ්‍යාපනික ණය (Educational Loans)

සෙලාන් ස්කොලර් යනු උසස් අධ්‍යාපන කටයුතු සඳහාම නිර්මාණය කර ඇති සුවිශේෂී ණය සැලසුමකි. අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලබාගැනීම උදෙසා මූල්‍ය සහය එමගින් ලබා දේ.


පුද්ගලික ණය (Personal Loans)

සෙලාන් බැංකුවේ පුද්ගලික ණය පහසුකම් මගින්, විවාහ මංගලෝත්සවය, නිවාඩුවක් ගතකිරීම, ඔබේ දරුවාගේ අධ්‍යාපනය හෝ ඔබේ ජීවිතයෙන් වෙන යම් වැදගත් අවස්ථාවක් පිළිබඳ ඔබගේ සොඳුරු සිහින සැබෑ කරගන්නට වරම් හිමි වේ.


ව්‍යාපාරික ණය (Business Loans)

ඔබට අවශ්‍ය ණය මුදල, වාර්ෂික ආදායම සහ පොළී අනුපාතිකය මත පදනම්ව සෙලාන් බැංකුව වෙතින් ඉතා පහසුවෙන් ඔබට ලබාගත හැකි කල් ණය සහ අයිරා පහසුකම්, ඔබේ ව්‍යාපාරය වැඩිදියුණු කරගන්නට ඔබට උපකාරී වනු ඇත.


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක/ක්ෂුද්‍ර ණය (SME/Micro Loans)

ව්‍යාපාර සඳහා මූල්‍ය සහය ලබාදීම පමණක් අරමුණු කරගෙන, සෙලාන් බැංකුව විසින් කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් පිරිනමනු ලබයි.

ආන්තික මිලදී ගැනීම් ණය පහසුකම (Margin Loans)

සෙලාන් ආන්තික මිලදී ගැනීම් ණය පහසුකම හරහා ඔබ වෙත ලබාදෙන සවිය සහ මූල්‍ය සැලසුම් අවස්ථා ඔබේ දිගුකාලීන ආයෝජන ක්‍රමෝපායයන්ට වැඩි රුකුලක් වනු ඇත.