Internet Banking Login

අන්තර්ජාල බැංකුකරණය

l
විශේෂාංග

ඔබගේ එදිනෙදා බැංකුකරණ කටයුතු ඉතා ඉක්මනින් ඉටු කරගැනීමට පහසුකම් රැසක් ඔබ වෙත ලබාදෙන සෙලාන් අන්තර්ජාල බැංකුකරණය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

ඔබේ බැංකු අවශ්‍යතා සපුරාගන්නට මහ මග වාහන තදබදය මැද ශාඛාව වෙත යාම හෝ බැංකුවේ පෝලිමට එක්වීම අවැසි නැත. ඉතා සරල හා සුරක්ෂිත අන්තර්ජාල බැංකුකරණ පහසුකම භාවිත කර, ඔබේ වටිනා කාලය ඉතිරිකර ගැනීමට දැන් අවස්ථාව ඇත.

ඔබේ පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අන්තර්ජාලය හරහා පිවිස, සෙලාන් බැංකු අන්තර්ජාල පහසුකම භුක්ති විඳින්න.

පහත කටයුතු සඳහා ඔබට අන්තර්ජාල බැංකුකරණ පහසුකම භාවිත කළ හැක :

  • ගිණුම් තොරතුරු

  • ගිණුම් අතර මුදල් හුවමාරුව

  • චෙක්පොත් ඉල්ලුම් කිරීම


  • නිත්‍ය නියෝග ලබාදීම

  • ක්‍රෙඩිට් කාඩ්පත් සේවා

  • අප විසින් ලබාදෙන සම්පූර්ණ සේවා ලැයිස්තුව සඳහා

    මෙතැනින් පිවිසෙන්න...
ආරම්භ කරන්නේ කෙසේද?
  • ඔබේ සෙලාන් බැංකු අන්තර්ජාල බැංකුකරණ ගිණුම වෙත පිවිසීමේ සරල පියවර
    • පියවර 1 : ඔබ කැමති සෙලාන් බැංකු ශාඛාවට ගොස් ගිණුමක් අරඹන්න.

    • ඔබ දැනටමත් සෙලාන් බැංකු ගනුදෙනුකරුවකු නම්, සහ තවමත් ඔබ එය ලබාගෙන නොමැති නම්.

    • පියවර 2 : visit www.seylanbank.lk වෙත පිවිස ඔබේ අන්තර්ජාල බැංකුකරණ අයදුම්පත අන්තර්ජාලය හරහා ඉදිරිපත් කරන්න.

    • පියවර 3 : ඔබ විසින් ලබාදී ඇති ඔබේ ජංගම දුරකථනය වෙත ˝ටෝකනයක්˝ ලැබුණු පසු, ඔබේ ගිණුම පවත්වාගෙන යන ශාඛාව වෙත ගොස් ඔබේ මුරපදය ලබාගන්න.
  • අමතක නොකරන්න :
    • අන්තර්ජාල බැංකුකරණ පහසුකම සඳහා ලියාපදිංචි වීමට පෙර, ˝නීතිරීති සහ කොන්දේසි˝ ඔබ විසින් කියවා බැලීම වැදගත් වේ.
    • ඔබ විසින් සපයනු ලබන සියලු තොරතුරු නිවැරදි බවට සහතික වන්න
    • වඩා හොඳ සේවාවක් ලබාගැනීම සඳහා හැමවිටම ඔබේ ජංගම දුරකථන අංකය පිළිබඳ තොරතුරු බැංකුව වෙත යාවත්කාලීන කරන්න.
    • ඔබේ මුරපදය කිසිම අවස්ථාවකදි කිසිවෙකුටවත් හෙළිදරවු නොකරන්න

ක්‍රමවේදය

ඔබේ අන්තර්ජාල බැංකුකරණ ගිණුමට ඔබ පිවිසෙන විට, ඔබේ අනන්‍යතාවය සහතික කරගැනීම සඳහා බැංකු ක්ෂෙත්‍රය තුළ පිළිගත් ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් යුත් බහු-තල සත්‍යාපන ක්‍රමවේදයක් අප විසින් අනුගමනය කරනු ලබයි.

  • මෙය සුරක්ෂිත ක්‍රමවේදයක් ද?
Yes පිවිසීම සඳහා විශේෂිත වූ පරිශීලක අංකයක් සහ මුරපදයක්
Yes ඔබ විසින් ලියාපදිංචි කළ ජංගම දුරකථනයට ˝එක් වරක් පමණක් වන මුරපදයක්˝ {“One Time Password (OTP)}” ඔබ වෙත එවනු ලැබේ
ක්ෂණික සංඥා ලියාපදිංචි කරන ලද ජංගම දුරකථන අංකය වෙත ගනුදෙනු සම්බන්ධව දැනුම්දෙනු ලැබේ
Yes ආරක්ෂණ විමසීම් - ඔබේ පිවිසීමේ රටාවෙහි වෙනසක් ඇති වුවහොත්

ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාල බැංකුකරණයට පිවිසීමට අවශ්‍ය ද?

එහා-මෙහා යන අතරතුර ඔබේ බැංකුකරණ අවශ්‍යතා සපුරාගන්නට අවශ්‍ය නම්, සෙලාන් මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන සෙලාන් අන්තර්ජාල බැංකුකරණයට පිවිසෙන්න.

Play store mobile app link to download...

Get it on Google Play


Watch Our Demo Video here