Internet Banking Login

සෙලාන් ආනයන සේවාව

l
ස්වභාවය

අතිශය තරගකාරී ව්‍යාපාරික ක්ෂේත්‍රයක් වෙනුවෙන් සෙලාන් බැංකුව සිය සේවාවන් විවිධ කර්මාන්ත, අංශ සහ කලාප නියෝජනය කරන පුළුල්ව විහිදුණු පාරිභෝගිකයින් ආවරණය වන පරිදි සකස් කර ඇත. සේවා සඳහා කැපවූ අපගේ වෘත්තීය කාර්ය මණ්ඩලය ලියකියවිලි පිළිබඳව ඉතාමත් ඉක්මනින් කටයුතු කරන අතර සම්පූර්ණ සහ කාලීන සහයෝගය ලබාදෙයි.

    • ණයවර ලිපි නිකුත් කිරීම

      ඔබගේ ණයවර ලිපිය පිළිබඳව ඔබගේ සැපයුම්කරුවාගේ/ප්‍රතිලාභියාගේ බැංකුවට උපදෙස් ලබාදීම

    • ආනයන බිල්පත් එකතුව – ගෙවීම් කළ පසුව ලියවිලි භාරදීම(DP)/පිළිගැනීමෙන් පසුව ලියවිලි භාරදීම(DA)

      ඔබගේ එකතු බිල්පත් D/P හෝ D/A හරහා අපගේ ඕනෑම ශාඛාවකට භාරදෙන්න

    • අත්තිකාරම් ගෙවීම

      අත්තිකාරම් ගෙවීමේ ක්‍රමවේදය යටතේ ආනයන සඳහා ගෙවීම් කරන්න.

    • විවෘත ගිණුම් ගනුදෙනු

      විදේශයක සිටින සැපයුම්කරුවෙකුගෙන් සෘජුවම ලැබෙන ලියකියවිලි හැසිරවීම

    • ආනයන ණය

      භාණ්ඩ පැමිණීමට පෙර ඔබගේ ආනයන සඳහා මුදල් ලබාදෙයි

    • නාවික ඇප සුරැකුම්

      භාණ්ඩ ගොඩබෑමට මුල් බිල්පත් නොමැති විට භාණ්ඩ නිශ්කාෂණය කර ගැනීමට ඔබට සහාය දෙයි

    • මිලදී ගැනීමට පවත්නා බව ප්‍රකාශ කිරීම

      කල්පිරීමේදී ඔබගේ D/A බිල්පත් සඳහා මුදල් ගෙවීම සුරක්ෂිත කිරීමට

    • උපදේශන සේවාව

      ඔබගේ සියළුම වෙළඳ අවශ්‍යතා සහ වෙළඳ සම්න්ත්‍රණයකදීම වෘත්තීය උපදේශනය

    • භාණ්ඩ අන්තරාල වෙළඳාම සඳහා පහසුකම් සැලසීම

      ඔබගේ භාණ්ඩ අන්තරාල ගනුදෙනු සැකසීම

    • ආනයන බිල්පත් වට්ටම් කිරීම

      ඉල්ලීමක් කළ පසුව එකඟතාවයට පත්වීමට යන බැංකුව සමග ණයවර ලිපි සඳහා වට්ටම් ලබාගැනීම සඳහා අපට සූදානම් කළ හැකිය.

උපදෙස්, සංඥා සහ මාර්ගෝපදේශ
උපදෙස්, සංඥා සහ මාර්ගෝපදේශ
ලෝකය පුරා මෙහෙයුම් කටයුතු කරන බැංකු 300 ක ගෝලීය නියෝජිත ජාලයක්
නිතර අසන ප්‍රශ්න

ණයවර ලිපි අයදුම් පත්‍රයක් මට ලබාගත හැක්කේ කොහෙන්ද?

අපගේ ඕනෑම ශාඛාවකින්

මට ආනයන ලියකියවිලි ලබාගත හැක්කේ කොහෙන්ද?

අපගේ ඕනෑම ශාඛාවකින්

ණයවර ලිපිය වීවෘත කිරීම පිළිබඳ තත්ත්වය මා දැනගන්නේ කෙසේද?

ඊ-මේල් පණිවුඩයක් මගින් දැනුම් දෙයි

මාගේ ආනයන ලියකියවිලිවල තත්ත්වය පිළිබඳව දැන ගන්නේ කෙසේද

කෙටි පණිවුඩයක් හෝ ඊ-මේල් මගින්

අත්තිකාරම් ගෙවීම සඳහා අපට ණය ලබාගත හැකිද? ගිණුමක් විවෘත කළ හැකිද ?

පුළුවනී. ඔබගේ බැංකුව සමග පෙර ගිවිසගත් පරිදි

ලියකියවිලි මා වෙත ගෙන්වා ගත හැකිද ?

ලියකියවිලි ගෙනවිත් දෙන්නේ ඉල්ලීමක් කළහොත් පමණි