Internet Banking Login

ඉදිරි විනිමය ගිවිසුම්

l
Features

ඉදිරි විනිමය ගිවිසුම් යනු නිශ්චිත කාලයක් සඳහා පෙර තීරණය කළ හුවමාරු අනුපාතයන් යටතේ නිශ්චිත විදේශ විනිමය ප්‍රමාණයක් විකිණීම හෝ මිලදීගැනීම සඳහා වන එකඟතාවකි. මෙම එකඟතාවන් නිසා විදේශ මුදල් හුවමාරු අනුපාතයන් උච්ඡාවචනය වීම් හෝ අවප්‍රමාණය වීම ආදිය නිසා මතුවන අවදානම් වැළකී යයි.

වෙළඳපොළේ ඒ වනවිට පවතින හුවමාරු අනුපාත ගනුදෙනුකරුට වාසිදායක වුවත් අවාසිදායක වුවත්, එම සාධකය සැලකිල්ලට නොගෙන නිශ්චිත අනුපාතයක් යටතේ හුවමාරුව සඳහා ගිවිසුමට එළඹිය හැක.

  • ඉදිරි විනිමය ගිවිසුම්වලින් ලැබෙන වාසි
    • හුවමාරු අනුපාත වෙනස්වීම නිසා බලපෑමක් මතු නොවේ.
    • ඕනෑම ප්‍රධාන පෙළේ විදේශ මුදල් වර්ගයක් සඳහා මෙම ගිවිසුම්වලට එළඹිය හැකිය.
    • අතිරේක ගාස්තු කිසිවක් අය නොකෙරේ.
    • ඉදිරි අනුපාතය භාවිතා කරන ගනුදෙනුකරුට ඉදිරියේදී සිදුවන වියදම/ආදායම පිළිබඳව පූර්ව නිගමනයකට එළඹීමට හැකි ය.
  • සුදුසුකම්
  • දැනට නිසි ආකාරයේ විදේශ මුදල් ගනුදෙනු සිදුකරන ගනුදෙනුකරුවන්ට මෙම ගිවිසුම් සඳහා ඉල්ලුම් කළ හැක.

How to get started
  • ඉදිරි විනිමය ගිවිසුමක් සඳහා ඉල්ලුම් කරන ආකාරය
  • අදාළ මූලික සුදුසුකම් සපුරා ඇත්නම් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා කරුණාකර ළඟම පිහිටි සෙලාන් බැංකු ශාඛාව හෝ ප්‍රධාන ශාඛාවේ හුවමාරු සේවා දෙපාර්තමේන්තුව අමතන්න.

  • අවශ්‍ය ලිපිලේඛන
    • ඉදිරි විනිමය වෙන්කරවාගැනීම සඳහා හානිපූරණ ලිපියක්.
    • ඉදිරි විනිමය ගිවිසුමකට එළඹීමට පෙර ණය සීමාවක් තීරණය කරගත යුතු ය.
    • ගිවිසුම තහවුරු කෙරෙන ලියවිල්ලකට දෙපාර්ශ්වයම අත්සන් තැබිය යුතු වේ. අදාළ තහවුරුකරණ ලියවිල්ල බැංකුව විසින් ගනුදෙනුකරු වෙත එවනු ලබන අතර ගනුදෙනුකරු එය පුරවා නැවත බැංකුව වෙත ලබාදිය යුතු ය.
FAQs
no faqs found yet