Internet Banking Login

සෙලාන් ෆ්ලෙක්සි ස්ථාවර තැන්පතු

l
විශේෂාංග

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සැබෑම පොලී අනුපාත සමගින් ඔබේ ස්ථාවර තැන්පතුවේ කාලය තීරණය කිරීමේ නිදහස ඔබට ලැබී තිබේ.

ඔබ ඔබේ වාහනය විකුණා තවත් මාස කිහිපයකින් වාහනයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් හෝ ඉඩමක් විකුණා අලුත් තැනකින් ඉඩමක් ගැනීමට සොයමින් සිටිනවා නම්, සෙලාන් ෆ්ලෙක්සි ස්ථාවර තැන්පතු ඔබට හොඳින්ම ගැළපෙන විසඳුම වනු ඇත. ඔබේ අතේ ඇති මුදල දින 31 සහ දින 365 අතර කැමති කාලයකට ස්ථාවර තැන්පතුවක තැන්පත් කිරීමේ අවස්ථාව ඔබට හිමි වේ.

  • අවම තැන්පතු මුදල LKR 100,000/- කි.
  • තැන්පතුව කල්පිරුණු විට පොලිය හිමි වේ.
  • ඔබට සැබෑම ස්ථාවර තැන්පතු පොලී අනුපාත ලැබෙනු ඇත.
  • ෆ්ලෙක්සි ස්ථාවර තැන්පතු කල්පිරීමෙන් පසුව සිදුවන්නේ කුමක්ද?

    • ෆ්ලෙක්සි ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන මොහොතේදීම ඔබට එම තැන්පතුව කල්පිරීමෙන් පසුව නැවත ආයෝජනය කරන කාලසීමාව තීරණය කිරීමේ අවස්ථාව උදා වේ. දින 30, මාස 3 සහ මාස 6 අතරින් කැමති කාලසීමාවක් ඒ සඳහා තෝරාගත හැක. ඉන් අනතුරුව එකඟ වූ කාලපරිච්ඡේදය සඳහා, එම අවස්ථාවේදී පවතින අනුපාතයන්ට අනුව තැන්පතුව නැවත අලුත් වේ.

  • අනෙකුත් ප්‍රතිලාභ

    • ස්ථාවර තැන්පතුව සඳහා ක්‍රෙඩිට් කාඩ්පතක්
    • හෝ
    • ස්ථාවර තැන්පතුව පදනම් කරගෙන ක්ෂණික ණයක්
  • දිවයින පුරා ශාඛා ජාලය, ATM යන්ත්‍ර ජාලය සහ 365 දවසේ බැංකුකරණ සේවා සමගින් ඔබට උපරිම පහසුවක්.

  • අන්තර්ජාල බැංකුකරණ/SMS බැංකුකරණ/ජංගම දුරකථන බැංකුකරණ පහසුකම් සමග වඩාත් පහසුවෙන් ගනුදෙනු කරන්න.

ආරම්භ කරන අයුරු
  • සුදුසුකම්
    • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් වීම.
  • අවශ්‍ය ලිපිලේඛන
    • ජාතික හැඳුනුම්පත/වලංගු ගමන් බලපත්‍රය/වලංගු රියදුරු බලපත්‍රය
    • ඉදිරිපත් කරන ලිපිලේඛනවල සඳහන් ලිපිනය සහ ලබාදෙන ලිපිනය අතර වෙනස්කම් පවතී නම් සාක්ෂි ලෙස මාස 3 කට නොඅඩු කාලයක බිල්පත් ඉදිරිපත් කළ යුතු ය.
පොලී අනුපාත සහ ගාස්තු

ෆ්ලෙක්සි ස්ථාවර තැන්පතුව

Minimum deposit LKR 100,000/-
Interest Period
Interest Rate % p.a.
31 - 60 DAYS 8.00%
61 - 90 DAYS 9.50%
91 - 120 DAYS 10.00%
121 - 150 DAYS 10.00%
151 - 180 DAYS 10.00%
181 - 210 DAYS 10.25%
211 - 240 DAYS 10.75%
241 - 270 DAYS 10.75%
271 - 300 DAYS 10.75%
301 - 330 DAYS 10.75%
331 - 365/366 DAYS 11.25%

සියලුම පොලී අනුපාතයන් බලන්න>>>

සියලූම ගාස්තු ගැන දැනගන්න>>>

උපාංග සහ විශේෂ ගණකය
ඉඟි සහ මගපෙන්වීම් විශේෂ ගණකය අයදුම්පත්‍ර
විකල්ප බැංකුකරණ මාධ්‍ය නැත ෆ්ලෙක්සි ස්ථාවර තැන්පතු සඳහා ඉල්ලුම් පත්‍රය බාගත කරගන්න.
Senior Citizen TAX Declaration Form
Withholding Tax Declaration Form
ස්ථාවර තැන්පතු ඉඟි

අපගේ වීඩියොව පහතින් නරඹන්න