Internet Banking Login

අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්

l
Features

අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් යනු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ශ්‍රී ලංකාවෙන් පිට විශේෂිත සේවාවන් සපයනු ලබන සමාගම්/පුද්ගලයන්/හවුල් ව්‍යාපාර සඳහා වන විදේශ ව්‍යාවහාර මුදල් ගිණුම් ය.

    • නම් කරන ලද විදෙස් මුදල් ඒකක

      ඇමෙරිකානු ඩොලර්, බි‍්‍රතාන්‍ය පවුම්, ස්විස් ෆ‍්‍රෑන්ක්, ජපන් යෙන්, ඕස්ටේ‍්‍රලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, කැනේඩියානු ඩොලර්, ඩෙන්මාර්ක් ක්‍රෝන්, ස්වීඩන් ක්‍රෝන්, හොංකොං ඩොලර්, යූරෝ සහ නවසීලන්ත ඩොලර්

    • ගිණුම් වර්ග

      ඉතිරි කිරීමේ ගිණුමක්, ජංගම ගිණුමක් හෝ ස්ථාවර තැන්පතුවක් ලෙසින් අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් විවෘත කළ හැකිය.

How to get started
  • සුදුසුකම්:
    • සේවා සැපුයම්කරු
    • ශ‍්‍රී ලංකාව මූලික කර ගනිමින්, අප විසින් ලැයිස්තුගත කර ඇති ඕනෑම වෘත්තියක් හෝ රැුකියාවක් කරගෙන යාමේදී, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික ඕනෑම පුද්ගලයකුට සේවා සපයනු ලබන, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඕනෑම නේවාසික සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක් හෝ ශ්‍රී ලංකාවේ නේවාසික ඕනෑම පුද්ගලයෙක්.
    • සේවකයා
    • ඉහත සඳහන් සුදුසුකම් ලත් සේවා සැපයුම්කරුවන් විසින් ස්ථීර හෝ කොන්ත‍්‍රාත් පදනම මත සේවා නියුක්ත කරනු ලබන හා අප විසින් ලැයිස්තුගත කරන ලද ඕනෑම වෘත්තියක් හෝ රැුකියාවක් කරගෙන යාමේදී එවැනි සේවායෝජකයකුට සපයනු ලබන සේවා සඳහා අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විදේශ විනිමයවලින් වේතන ලැබීම පිණිස එවැනි සැපයුම්කරුවන් සමග ගිවිසුම්වලට එළැඹ ඇති පුද්ගලයන්. (ලැයිස්තුගත කරන ලද වෘත්තීන් සහ රැුකියා පරීක්ෂා කිරීමට නිතර අසන ප‍්‍රශ්න වෙත යොමු වන්න)
    • අවශ්‍ය කරන ලේඛන:
      • ජාතික හැඳුනුම්පත/වලංගු ගමන්බලපත‍්‍රය/රියැදුරු බලපත‍්‍රය
      • සේවායෝජකයා
      • 2006 අංක 10 දරන සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ ආදායම් බදු නිදහස් කිරීම සඳහා සේවා යෝජකයා සුදුසුකම් සපුරා ඇති බවට සනාථ කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ ලිපිය.
      • සේවකයා
      • සේවායෝජකයා විසින් කරගෙන යනු ලබන 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් නිදහස් කිරීම් ලැබෙන්නා වූ ව්‍යාපෘති සඳහා සේවකයා සෘජුවම සම්බන්ධ බවත්, එම ව්‍යාපෘතිවලින් ලැබෙන විදේශ විනිමයවලින් සේවකයාගේ සේවය වෙනුවෙන් ගෙවීම් කරන බවත් සඳහන් කරමින් සේවා යෝජකයා විසින් නිකුත් කළ ලිිපියක්.
    • අවසරලත් ගනුදෙනු
    • බැර කිරීම්
      • අන්තර්ජාතික සේවා මත අනුමත විදේශ ව්‍යවහාර මුදලින් බැංකු පද්ධතිය හරහා සේවා සැපයුම්කරුවා ට විදේශයන්ගෙන් ලැබුණු මුදල්.
      • දේශීය ආදායම් පනතින් නිදහස් කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් සේවායෝජකයාට ලැබුණු විදේශ ව්‍යවහාර මුදල්වලින් කරනු ලබන සේවා නියුක්ත ආදායම් ගෙවීම්.
      • ගිණුමේ පවතින අරමුදල් මත ලැබෙන පොලිය
      හර කිරීම්
      • සේවායෝජකයාට අයත් දේශීය ආදායම් පනතින් නිදහස් කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් සෘජුවම සම්බන්ධ වන සේවකයන්ට බැංකු පේ‍්‍රෂණ ලෙසින් විදේශ ව්‍යවහාර මුදලින් කරනු ලබන ගෙවීම්
      • ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට පුද්ගල/ආයතන/සමාගම් ගනුදෙනු ලෙසින් ඔවුන්ගේ ජංගම ගිනුමට විදේශ ව්‍යවහාර මුදල්වලින් කරනු ලබන ගෙවීම්.
      • ශ්‍රී ලංකා රුපියල්වලින් කරනු ලබන ආපසු ගැනීම්
FAQs

සේවායෝජක වර්ගීකරණය යටතේ අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය කරන ලියවිලි කවරේද?

2006 අංක 10 දරන සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ ආදායම් බද්දෙන් නිදහස් කිරීම සඳහා සේවා යෝජකයා සුදුසුකම් සපුරා ඇති බවට සනාථ කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ ලිපිය.

මම සේවකයකු නම්, අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය කරන ලියවිලි කවරේද?

සේවායෝජකයා විසින් කරගෙන යනු ලබන 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් නිදහස් කිරීම් ලැබෙන්නා වූ ව්‍යාපෘති සඳහා සේවකයා සෘජුවම සම්බන්ධ බවත්, එම ව්‍යාපෘතිවලින් ලැබෙන විදේශ විනිමයවලින් සේවකයාගේ සේවය වෙනුවෙන් ගෙවීම් කරන බවත් සඳහන් කරමින් සේවා යෝජකයා විසින් නිකුත් කළ ලිිපියක්.

මට ලැබෙන පොලී අනුපාතය කුමක්ද?

සෙලාන් බැංකුව විසින් ඕනෑම විදෙස් ව්‍යාවහාර මුදල් ගිණුමක් වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතය.

අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් යටතට ගැනෙන ජාත්‍යන්තර සේවා සැපයුම්කරුවන් කවරේද?

  • සාමාජිකයන් විසින් පිළිගත යුතු යම් පිළිගත් වෘත්තීය ආචාර ධර්මයන් සහිත, සාමාජිකයන් විසින් කරනු ලබන වෘත්තීමය කි‍්‍රයාකාරකම් පිළිබඳව බලාත්මක කළ හැකි ආචාර ධර්මයන් සහිත වෘත්තීමය ආයතනයක සාමාජිකයකු වශයෙන් පුද්ගලයකු විසින් ඉටු කරනු ලබන සේවාවන්.

  • ගිණුම් තැබීම, පොත් තැබීම් හෝ විගණන

  • බදු උපදේශන සේවා

  • සැලසුම් ශිල්පී සේවාවන්

  • ඉංජිනේරු සේවා

  • මෘදුකාංග සංවර්ධනය, දත්ත සැකසීම, දත්ත සමුදායන් ගොඩනැගීම හෝ පද්ධති සැලසුම් කිරීම

  • ශ්‍රී ලංකාවෙන් පිටත සිදුකරනු ලබන වෙළෙඳ ප‍්‍රචාරණයන්

  • පර්යේෂණ කාර්යයන් සහ වාර්තා ලිවීම

  • ඡායාරූපකරණය

  • ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදුකරන ග‍්‍රන්ථ ප‍්‍රකාශන

  • ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදුකරනු ලබන රූපලාවන්‍ය, හිස කෙස් සැකසීම හෝ නිරූපනය

  • ක‍්‍රීඩකයකු හෝ කලාකරුවකු විසින් කරනු ලබන සේවාවන්

  • තක්සේරුකරුවකුගේ හෝ වෙන්දේසිකරුවකුගේ සේවාවන්

  • ජල නල සවි කරන්නෙකුගේ, පෙදරේරුවකුගේ හෝ වඩු කාර්මිකයන්ගේ සේවාවන්

  • ප‍්‍රමාණ සමීක්ෂණය

  • සෞඛ්‍ය ආරක්ෂක සේවා

  • ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි කෘෂිකාර්මික දේපලක් පාලනය කිරීම