Internet Banking Login

විදේශ මුදල් බැංකු ඒකකය

l
Features

සෙලාන් බැංකුවේ විදේශ මුදල් බැංකු ඒකකය :(FCBU) විදේශිකයන්, විදේශ ආයතන, ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් දේශීය සමාගම් සහ නියාමනයන් විසින් අනුමත කරන ලද විශේෂ අනුමැතිය සහිත ව්‍යාපෘතීන් (SAP) හි බැංකු මෙහෙයුම්වලට අදාළ මෙහෙයුම් සිදුකරනු ලැබේ. විදේශ මුදල් බැංකු ඒකකය යටතේ සියලූම ගිණුම් පවත්වාගෙන යන්නේ නම් කරන ලද විදේශ මුදල් ඒකක හරහා පමණකි. බැංකු ප‍්‍රතිපත්තිවල අවශ්‍යතාවයන් අනුව ගිණුම් විවෘත කරනු ලබන්නේ නිසි සම්ප‍්‍රජන්‍යතාව, ගනුදෙනුකරු හඳුනා ගැනීම (KYC) සහ මුදල් විශුද්ධිකරණ වියුක්ත (AML) කි‍්‍රයාපටිපාටීන් සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුවය. විදේශ මුදල් බැංකු ඒකකයේ ගිණුම්වල ඇති අරමුදල් සියලූ දේශීය විනිමය හුවමාරු රෙගුලාසිවලින් නිදහස් වන අතරම ලෝකයේ ඕනෑම තැනකට නිදහසේ හුවමාරු කළ හැකිය. එසේම එම අරමුදල් දේශීය රුපියල් ගිණුම්වලට නිදහසේ මාරු කිරීමටද හැකියාව ඇත.

මෙම ගිණුම් වෙරළ ගිණුම් (දේශීය අනුමැතිය ලද ආයෝජන මණ්ඩල සහ විශේෂ අනුමැතිය සහිත ව්‍යාපෘති) සහ විජාතිකයන් සඳහා වූ අක් වෙරළ ගිණුම් යනුවෙන් කොටස් දෙකකට වර්ග කෙරෙයි. විදේශ මුදල් බැංකු ඒකකය හරහා අප විසින් ලබා දෙන අසමසම වෘත්තීය සේවාවන් අත්විඳිමින් ඔබේ ආයතනය ඔබ සෑම විටම සිහින මැවූ ආකාරයට වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙයි.

    • අප විදේශ මුදල් බැංකු ඒකකයේ

      ඇති ඔබේ මුදල් තැන්පත් ගිණුම් ලෙසින් පවතින නිසා මාසික පොලියක් ලැබීමට සුදුසුකම් ලබයි. (චෙක් පොත් නිකුත් නොකරන අතර මුදල් ආපසු ලබාගත හැක්කේ ඉල්ලීමක් මගින් පමණකි*)

    • කාල තැන්පතු

      (මාස 3, 6, 12) සහ කාලීන තැන්පතු සමගින් ඔබේ මුදල් වර්ධනය වීමට ඉඩ හරින්න

    • ණය, බැංකු අයිරා

      සහ වෙනත් බැංකු පහසුකම් ලබාගත හැකිය

    • බැංකු ගනුදෙනු

      ටෙලිග‍්‍රැෆික් ට‍්‍රාන්ස්ෆර් (TT, ඩිමාන්ඞ් ඩ‍්‍රාෆ්ට්ස් (DD), SLIPS සහ RTGS හරහා දේශීයව සහ ජාත්‍යන්තරව අරමුදල් හුවමාරු කළ හැකිය.

    • ජාත්‍යන්තර වෙළෙඳ සේවා

      සමගින් ඔබේ ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න.

    • වාර්තා ලබාගන්න

      තත්ත්ව වාර්තා සහ ශේෂය තහවුරු කිරීම්

    • සෙලාන් බැංකු ඉලෙක්ට්‍රොනික

      කාඞ්පත් හරහා මුදල් අවම සේවාවන් අත්පත් කරගන්න

Tools Calculators
උපදෙස්: අයදුම්පත‍්‍ර:
නියමයන් සහ කොන්දේසි ගිණුම විවෘත කිරීමේ පෝරමය
අනුරූප බැංකු විදේශ පේ‍්‍රෂණ අයදුම්පත ( TT සහ DD )
ණයවර ලිපිය සඳහා අයදුම්පත

වැඩි විස්තර සඳහා කරුණාකර fcbuops@seylan.lkයන විද්‍යුත් ලිපිනය මගින් හෝ 00 94 11 2456534 සහ 2456522 යන අංකවලින් අප විදේශ මුදල් බැංකු ඒකකය අමතන්න.