Internet Banking Login

FAQ

l

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ක් ලබන දරුවාගේ (අර්ථලාභියාගේ) වයස් සීමාව කොපමණ විය යුතු ද?

නව ගිණුමක් විවෘත කිරීමට නම්, වවුචරය මිලදී ගන්නා දිනය වන විට ත්‍යාගය ලබන දරුවාගේ වයස අවුරුදු 15ට අඩු විය යුතුය. එසේත් නැතිනම්, අදාළ ත්‍යාගය ගිණුමකට බැර කරන අවස්ථාවේදී ගිණුම් හිමියා වයස අවුරුදු 18ට අඩු විය යුතු වේ.

විදේශීය මුදල් තැන්පතුවෙන් මුදල් ආපසු ලබාගැනීමට පෙර මම දැනුම්දීමක් සිදුකර යුතුද?

සංචාරක අවශ්‍යතා සඳහා මුදල් ආපසු ලබාගත හැකිය. එවන් අවස්ථාවකදී අදාළ ශාඛාව විසින් අවශ්‍ය පහසුකම් සලසාලනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති ‘ණය සහතික කිරීමේ යෝජනා ක්‍රමය’ යටතේ ගනුදෙනුකරුවන්ට රන් භාණ්ඩ උකස් අත්තිකාරම් ලබාදීමට සෙලාන් බැංකුව කටයුතු කරනවාද?

ඔවු.

ශ්‍රී ලංකාව තුළ මා විසින් සිදුකර තිබෙන ආයෝජනයන් නැවතත් මාගේ මව් රටට යැවිය හැකිද ?

  ඔව්. ඔබ සුරැකුම් ආයෝජන ගිණුම තුළින් නිසියාකාරව ආයෝජන කර තිබෙනවා නම් මෙය සිදුකළ හැකියි. 

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ක වලංගු කාලසීමාව කොපමණද?

නිකුත් කළ දිනයේ සිට මාස 03ක් දක්වා තෑගි වවුචරය වලංගු වේ.

2in1 ගිණුමක පවත්වාගත යුතු අවම ශේෂය කොපමණද?

ඉතිරි කිරීමේ ගිණුමක නම් රු. 1,000/- ක ශේෂයක් සහ ජංගම ගිණුමක නම් රු. 10,000/- ක ශේෂයක් සෑම විටම පවත්වාගත යුතු ය.

මහ බැංකුවේ ණය සහතික කිරීමේ යෝජනා ක්‍රමය යටතේ කෙනෙකුට ලබාගත හැකි උපරිම රන් භාණ්ඩ උකස් අත්තිකාරම් මුදල කොපමණද?

එක් අයෙකුට රුපියල් 500,000.00 ක උපරිමයකට යටත්ව වෙළඳපොළේ දැනට පවතින රන් වටිනාකමින් 80% ක් (වෙළඳපොළ වටිනාකම් මහ බැංකුව මගින් දිනපතා ප්‍රකාශයට පත්කෙරේ).

සුරැකුම් ආයෝජන ගිණුමකින් ශ්‍රී ලංකා රුපියල් ආපසු ගැනීමට අවසරද ?

   ඔව්. දේශීය වියදම් කිරීමට අනුමැතිය ඇත.

කල් ඉකුත් වූ ‘ටිකිරි තෑගි වවුචරය’ ක වටිනාකම ලබාගන්නේ කෙසේද?

කල් ඉකුත් වූ තෑගි වවුචර සඳහා, තෑගි වවුරය නිකුත් කළ ශාඛාව වෙත ගොස් ඕනෑම සෙලාන් ශාඛාවක පවත්වාගෙන යන ටිකිරි ගිණුමකට වෙත මුදල් බැර කිරීම ගනුදෙනුකරුගේ ඉල්ලීම මත සිදු කළ හැකි වේ.

(ටිකිරි ගිණුමක් විවෘත කිරීමට හෝ තෑගි වවුචරයේ වටිනාකම දැනට පවත්නා ටිකිරි ගිණුමකට බැර කිරීමට හෝ ‘ටිකිරි තෑගි වවුචරය’ භාවිත කළ හැක.)

මට 2in1 ගිණුමක ඉතිරි කළ හැක්කේ කෙසේද?

දිනය අවසානයේදී ජංගම ගිණුමේ ඇති, රු.10,000/- වඩා වැඩි මුදල් ශේෂය ස්වයංක්‍රීයව ඉතිරිකිරීමේ ගිණුමට බැර වේ.