Internet Banking Login

FAQ

l

‘සෙලාන් ටිකිරි’ ගිණුමක් විවෘත කිරීම සඳහා වන අවම වයස් සීමාව කුමක් ද?

වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා ‘සෙලාන් ටිකිරි’ ගිණුම් විවෘත කළ හැකිය.

නේවාසික විදේශ මුදල් ගිණුමකට මුදල් බැර කළ හැක්කෙ කවර ආකාරයකින්ද?

  • අන්තර් පේ‍්‍රෂණ
  • රට තුළට රැගෙන එන මුදල්
  • මෙම ගිණුම් වෙනුවෙන් විදෙස් මුදලින් ගෙවනු ලබන පොලිය

සේවායෝජක වර්ගීකරණය යටතේ අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය කරන ලියවිලි කවරේද?

2006 අංක 10 දරන සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ ආදායම් බද්දෙන් නිදහස් කිරීම සඳහා සේවා යෝජකයා සුදුසුකම් සපුරා ඇති බවට සනාථ කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ ලිපිය.

අනේවාසික විදේශිකයින් වෙනුවෙන් වන ගිණුමට විදේශයන්හි සිට මුදල් ගෙන්වා ගත හැකිද ?

ඔව්. පුද්ගලික ගෙවීම් සඳහා පුළුවනී.

‘සෙලාන් ටිකිරි’ ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය වන ලේඛන මොනවාද?

• ටිකිරි ගිණුම් අයදුම්පත සමග උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
• දෙමාපිය/භාරකරුගේ වලංගු ජාතික හැඳුනුම්පත හෝ ජා.හැ.ප. අංකය සහිත රියැදුරු බලපත්‍රය/ ගමන් බලපත්‍රය.

මට NRFC ගිණුමක සිට RFC ගිණුමකට හෝ ඊට ප‍්‍රතිලෝම වශයෙන් මුදල් හුවමාරු කළ හැකිද?

ඔබට NRFC ගිණුමක සිට RFC ගිණුමකට මුදල් මාරු කිරීමට හැකියාව ඇතත් RFC ගිණුමක සිට NRFC ගිණුමකට මුදල් මාරු කළ නොහැක.

මම සේවකයකු නම්, අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය කරන ලියවිලි කවරේද?

සේවායෝජකයා විසින් කරගෙන යනු ලබන 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් නිදහස් කිරීම් ලැබෙන්නා වූ ව්‍යාපෘති සඳහා සේවකයා සෘජුවම සම්බන්ධ බවත්, එම ව්‍යාපෘතිවලින් ලැබෙන විදේශ විනිමයවලින් සේවකයාගේ සේවය වෙනුවෙන් ගෙවීම් කරන බවත් සඳහන් කරමින් සේවා යෝජකයා විසින් නිකුත් කළ ලිිපියක්.

ශ්‍රි ලංකාවේ ඇති අනේවාසික විදේශිකයින් වෙනුවෙන් වන ගිණුමට භාවිතා නොකර ඉතිරි වූ විදේශීය මුදල් බැර කිරීමට අවසර තිබේද ?

ඔව්. විදේශිය මුදල් නෝට්ටු, සංචාරක චෙක්පත් තැන්පත් කළ හැකියි.

‘සෙලාන් ටිකිරි’ ගිණුමකට තැන්පතු සිදුකරන්නේ කෙසේ ද?

  • මුදල්
  • චෙක්පත්
  • අන්තර්ජාල බැංකුකරණ මුදල් හුවමාරු
  • ‘සෙලාන් ටිකිරි’ තෑගි වවුචර
  • Standing Orders
  • SLIPS මුදල් හුවමාරු
  • ප්‍රේෂණ

ස්ථාවර තැන්පතු සඳහා මා යා යායුත්තේ කොතැනටද?

විදේශ මුදල් ස්ථාවර තැන්පතු සඳහා කාර්යාලයීය කාලය තුළ ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක් විවෘතව පවතී