Internet Banking Login

FAQ

l

බද්ධ ගිණුමකදී මා හිමිකම් ලබාගන්නේ කෙසේද?

සැමියා/බිරිය සමග බද්ධ ගිණුම - එක් එක් වර්ගී කරණය යටතේ ඕනෑම අයදුම්කරුවකු විසින් එක් හිමිකමක්
දරුවන් සමග බද්ධ ගිණුම - එක් එක් වර්ගීකරණය යටතේ එක් හිමිකමක්

මගේ ඉතුරු කිරීමේ ගිණුම් වාර්තා අන්තර් ජාලයෙන් ලබාගත හැකිද ?

පුළුවන්. ඒ සඳහා අන්තර් ජාල බැංකුකරණයේ ඊ-වාර්තා සඳහා ලියාපදිංචි වන්න.

අත්තිකාරම් ගෙවීම සඳහා අපට ණය ලබාගත හැකිද? ගිණුමක් විවෘත කළ හැකිද ?

පුළුවනී. ඔබගේ බැංකුව සමග පෙර ගිවිසගත් පරිදි

මගේ ණය මුදල කලින් ගෙවා නිම කළ හැකිද?

ඔව්. එහෙත් කලින් පියවීමේ ගාස්තුව අවමය 5,000/- ක් ලෙසින් ප‍්‍රාග්ධනය සඳහා 4% කි.

මා ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශ ගාස්තුවට හිමිකම් ලබන්නේ කෙසේද?

ගිණුම විවෘත කිරීමෙන් පසුව මාස 12 ක කාලයක් ඇතුළත හිමිකම ලබාගත හැකිය. ඒ සඳහා එම වර්ෂය තුළදී ඇමෙරිකානු ඩොලර් 500 ක හෝ ඊට සමාන ශේෂයක් පවත්වා ගත යුතුය.

මගේ තොරතුරු යාවත්කාලීන කරන්නේ කෙසේද ?

ඇතුළත්කළ යුතු ඔබගේ තොරතුරු ගිණුම තිබෙන ශාඛාවට භාරදෙන්න.

ලියකියවිලි මා වෙත ගෙන්වා ගත හැකිද ?

ලියකියවිලි ගෙනවිත් දෙන්නේ ඉල්ලීමක් කළහොත් පමණි

අන්තර්ජාල බැංකුකරණය හරහා මට ගෙවීමට ඇති ප‍්‍රාග්ධනය පිළිබඳ දැනුවත් වීමට හැකිද?

ඔව්. ඔබ අන්තර්ජාල බැංකුකරණ පහසුකම ලබාගෙන ඇත්නම් එම පහසුකම ඔස්සේ ණය විස්තර ලැයිස්තුව පරීක්ෂා කිරීමේ පහසුකම ලබා දෙන ලෙස ඉල්ලූම් කිරීමට ඔබට හැකියි. ඒ සඳහා ඉල්ලූම් කර ලිපියක් ලබාදිය යුතුයි

අනේවාසික විදේශ මුදල් ඉතිරි කිරීමේ ගිණුමක සහ අනේවාසික විදේශ මුදල් ස්ථාවර තැන්පත් ගිණුමක ඇති වෙනස්කම් මොනවාද?

ස්ථාවර තැන්පත් ගිණුමක් විවෘත කරන අවස්ථාවේදී තැන්පත් කරන මුදල, කාල රාමුුව සහ පොලී අනුපාතය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන අතර එය ගිණුම පරිණත වන තුරු වෙනස් නොවේ. අනේවාසික විදේශ මුදල් ඉතිරි කිරීමේ ගිණුමකදී ඔබට ඕනෑම අවස්ථාවකදී මුදල් තැන්පත් කිරීමට හෝ ආපසු ගැනීමට පුළුවන. පොළී අනුපාතයේ වෙනසක් වුවහොත් එය ගිණුමට අදාළ වේ.

මගේ ඉතුරුම් ගිණුම සහ කාඩ් පතක් ලබාගත හැකිද ?

පුළුවන්.