Internet Banking Login

FAQ

l

භාණ්ඩාගාර බැඳුම්කරවල ඇති ප‍්‍රධාන විශේෂාංග මොනවාද?

  • කල්පිරීමේදී නැවත ගෙවීමේ මූලධර්ම මත අර්ධ වර්ෂිකව ගෙවීම් ලබාගත හැකියි.
  • ද්විතීයික වෙළඳපොළෙහි විකිණිය හැකි මූල්‍ය උපකරණයක් වේ.
  • වෙළඳ පොළ අනුව ආදායම් තීරණය වේ.
  • ලේඛන රහිතව නිකුත් කෙරේ.
  • කොටස් වශයෙන් නොවන ක‍්‍රමයකට නිකුත් කරනු ලබයි.
  • වසර 2ත් 20ත් අතර කාලයකදී කල් පිරීම සිදුවේ.

ණය ලබාගත හැක්කේ කුමන කටයුතු සඳහා ද?

  • නිවසක් මිලදී ගැනීමට හෝ අලුතින් ඉදිකිරීමට
  • ඉඩමක් මිලදී ගැනීමට
  • පවතින නිවසක් අලුත්වැඩියා කිරීමට, සම්පූර්ණ කිරීමට හෝ අලුතින් කොටසක් එක් කිරීමට
  • ලබාගත් නිවාස ණයක් පියවා දැමීමට
  • නිවසේ සංවර්ධන කටයුතු කිරීමට

2in1 ජංගම ගිණුමක් විවෘත කිරීමේදී ගිණුම් හිමියෙකුගේ නිර්දේශය අවශ්‍යද?

ඔවු.

අවශ්‍ය ඕනෑම මොහොතක රන් භාණ්ඩ උකස් අත්තිකාරම තවත් වසරක කාලයක් දක්වා දීර්ඝ කරගැනීමේ හැකියාව තිබෙනවාද?

ඔවු.

භාණ්ඩාගාර බිල්පත් / බැදුම්කර වල ආයෝජනය කිරීමෙන් මට ලබාගත හැකි ප‍්‍රතිලාභ මොනවාද?

  • වෙළඳ පොළ අනුව පොලී අනුපාත තීරණය වන නිසා ඉහළ පොලි අනුපාතයක් ඔබට හිමි වේ.
  • මෙම බිල්පත් සහ බැදුම්කර ද්විතීයික වෙළඳපොළේ අලෙවි කළ හැකි වේ. එ් නිසා ඔබට වෙළෙදපොළේ අලෙවිකිරීමෙන් ඉක්මනින් ද්‍රවශීලතාවයට පත්කළ හැකි වේ.
  • මෙය නිකුත් කරනුයේ ස්වෛරී ආණ්ඩුවක් මඟින් නිසා නිසැකවම අවදානම් රහිත ආයෝජනයකි. එ් නිසා මෙය ඉහළම ආරක්ෂණයක් සහිත ආයෝජනයක් ලෙස සැලකේ.