Internet Banking Login

FAQ

l

භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර සඳහා මා අයදුම් කරන්නේ කෙසේද?

  • ප‍්‍රාථමික අලෙවිකරුවන් (PDs) හෝ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි බලපත‍්‍ර ලාභී වාණිජ බැංකු වෙතින් ඕනෑම මොහොතකදී ඔබට භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර මිලදී ගත හැකියි.
  • ඔබගේ ගනුදෙනුව සම්පූර්ණ කළ පසු ඔබගේ නියෝජිතයා (බලපත‍්‍ර ලාභි වාණිජ බැංකු හෝ ප‍්‍රාථමික අලෙවිකරුවන්* විසින් ශ‍්‍රී ලංකා මහ බැංකුවෙහි පාලනය යටතේ ඇති මධ්‍යම තැන්පතු පද්ධතියේ ආරක්ෂිත ගිණුමක් විවෘත කර දෙනු ඇත. මෙම ගිණුම ඔබේ අලෙවි කටයුතුවලදී හර බැර යන දෙයාකාරයෙන්ම ක‍්‍රියාත්මක වේ.

ගනුදෙනුකරුවකු හට මිලදී ගත හැකි අවම/උපරිම තෑගි වවුචර ගණන කීයද?

තෑගි වවුචර ඕනෑම සංඛ්‍යාවක් මිලදී ගත හැකිය.

2in1 ගිණුමක් අවලංගු වන්නේ කෙසේද?

අඛණ්ඩව මාස 3 ක කාලයක් ජංගම ගිණුමේ තිබිය යුතු අවම ශේෂය (රු. 10,000/-) පවත්වාගැනීමට අපොහොසත් වීම හෝ ගිණුම නොසලකා හැරීම යන හේතු මත ගිණුම් අවලංගු වනු ඇත. එසේ අවලංගු වීමට පෙර ගිණුම් දෙක සඳහාම ක්‍රමවත් දැනුම්දීම් සිදුකෙරේ.

රන් භාණ්ඩ උකස් ගන්නා අවස්ථාවේදී බැංකුවට ඉදිරිපත් කළ හැකි අනන්‍යතාව සහතික කිරීමේ ලේඛන මොනවාද?

ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය

භාණ්ඩාගාර බිල්පත්වල ඇති ප‍්‍රධාන විශේෂාංග මොනවාද?

  • කල්පිරීමේ ක‍්‍රියාවලියේදී මුහුණත වටිනාකම නිවැරදි කල්පිරීමේ දිනයේදීම ගෙවනු ලබයි.
  • ද්විතීයික වෙළඳ පොළෙහි විකිණිය හැකි වේ.
  • කෙටි කාලීන සුරැුකුම් පතකි (මාස 3 සිට 12 දක්වා*)
  • ආදායම වෙළඳපොළ මත ර`දාපවතී.
  • අවදානම් රහිත අනර්ඝ සුරැුකුම් පත‍්‍රයක් වේ.
  • ලේඛන රහිත ක‍්‍රමයකට නිකුත් කරනු ලබයි.

‘ටිකිරි තෑගි වවුචරය’ක් මිලදී ගන්නා අවස්ථාවේදී උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්යය ද?

අවශ්‍ය නැත, නමුත්, නව ටිකිරි ගිණුමක් විවෘත කරන අවස්ථාවේ දී එය අවශ්‍ය වේ.

2in1 ගිණුම් සඳහා ATM කාඩ්පතක් ලබාගත හැකිද?

ඔවු.

උකස් තබන රන් භාණ්ඩවල කැරට් ගණන පරීක්ෂා කිරීම සඳහා බැංකුව භාවිතා කරන ක්‍රමවේද මොනවාද?

ටච් ස්ටෝන් (Touch stone) ක්‍රමය /ඩෙන්සිමීටර් (Densimeter) ක්‍රමය

භාණ්ඩාගාර බැඳුම්කරවල ඇති ප‍්‍රධාන විශේෂාංග මොනවාද?

  • කල්පිරීමේදී නැවත ගෙවීමේ මූලධර්ම මත අර්ධ වර්ෂිකව ගෙවීම් ලබාගත හැකියි.
  • ද්විතීයික වෙළඳපොළෙහි විකිණිය හැකි මූල්‍ය උපකරණයක් වේ.
  • වෙළඳ පොළ අනුව ආදායම් තීරණය වේ.
  • ලේඛන රහිතව නිකුත් කෙරේ.
  • කොටස් වශයෙන් නොවන ක‍්‍රමයකට නිකුත් කරනු ලබයි.
  • වසර 2ත් 20ත් අතර කාලයකදී කල් පිරීම සිදුවේ.

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල කොපමණද?

මිලදී ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රු. 500/-ක් වන අතර, අනතුරුව රු.100/- ගුණාකාරයෙනි.