Internet Banking Login

FAQ

l

‘ටිකිරි තෑගි වවුචරය’ ඉදිරිපත් කිරීමෙන් ගනුදෙනුකරුවකු හට ශාඛාවක් මගින් ත්‍යාග ලබාගත හැක්කේ කෙසේද?

ටිකිරි සැලසුම සඳහා සුදුසුකම් ලබන තෑගි කිසිවක් තෑගි වවුචරවලට නිකුත් කරනු නොලැබේ. කෙසේ වෙතත්, ටිකිරි ගිණුමකට තෑගි වවුචර තැන්පත් කළ විට, ගිණුම් ශේෂය මත පදනම්ව අදාළ තෑගි ලබාගත හැකි වේ.

2in1 ඉතුරුම් ගිණුමකට පොලිය බැරවන්නේ කෙසේද?

ඉතුරුම් ගිණුමේ ශේෂය අනුව දිනපතා පොලිය ගණනය කෙරෙන අතර එම පොලිය සතිපතා ගිණුමට බැර වේ.

සෙලාන් රන් භාණ්ඩ උකස් සේවාව යටතේ කෙනෙකුට ලබාගත හැකි උපරිම මුදල කොපමණද?

a) සාමාන්‍ය ක්‍රමය යටතේ එක් අයෙකුට රුපියල් මිලියන 5 ක් (කොන්දේසි අදාළ වේ).

අලුත් ගැනුම්කරුෙවකු පිළිබඳව තත්ත්ව වාර්තාවක් මට ලබාගත හැකිද?

ඔව්, අපනයන ෙදපාර්තෙම්න්තුව තුළින්
අපට තත්ත්ව වාර්තාවක් ලබාදිය හැකියි

ගනුදෙනුකරුවකු හට මිලදී ගත හැකි අවම/උපරිම තෑගි වවුචර ගණන කීයද?

තෑගි වවුචර ඕනෑම සංඛ්‍යාවක් මිලදී ගත හැකිය.

2in1 ජංගම ගිණුමකින් මට බැංකු අයිරාවක් ලබාගත හැකිද?

2in1 ජංගම ගිණුමකින් බැංකු අයිරා ලබාගත නොහැක.

කල් පිරීමට පෙර මුදල් ගෙවා බේරාගන්නා අවස්ථාවක පොලී අයකෙරෙන අවම දින ගණන කොපමණද?

දින 15 ක්.

මෙග් අපනයන වාර්තා භාරදිය යුත්ෙත් කුමන ස්ථානයකටද?

ෙසලාන් බැංකුෙව් ඕනෑම ශාඛාවකට ෙහෝ අපනයන
ෙදපාර්තෙම්න්තුෙව් පධාන කාර්යාලයට ඔබට භාරදිය
හැකියි

‘ටිකිරි තෑගි වවුචරය’ක් මිලදී ගන්නා අවස්ථාවේදී උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්යය ද?

අවශ්‍ය නැත, නමුත්, නව ටිකිරි ගිණුමක් විවෘත කරන අවස්ථාවේ දී එය අවශ්‍ය වේ.

2in1 ඉතුරුම් ගිණුමකට ඉතිරි කිරීමේ ගිණුම් පාස්පොතක් (Savings book) ලැබෙනවාද?

නැත. මාසය අවසානයේදී ඔබට ගිණුම් ප්‍රකාශයක් තැපෑලෙන් ලැබෙනු ඇත.