Internet Banking Login

FAQ

l

මට උපන්දින ත්‍යාගය ලබාගත හැක්කේ කෙසේද?

ගිණුම් හිමියා විසින් ඒ පිළිබඳ ඉල්ලුම් කරන ලිපියක් ගිණුම පවත්වාගෙන යන ශාඛාවට භාරදිය යුතු ය.

භාණ්ඩාගාර බිල්පත් / බැදුම්කර නිකුත් කරනුයේ කවුරුන් විසින්ද?

ශ‍්‍රී ලංකා රජයේ නියෝජිතයකු වශයෙන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් සතිපතා වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලබයි

අවශ්‍ය ඕනෑම මොහොතක රන් භාණ්ඩ උකස් අත්තිකාරම තවත් වසරක කාලයක් දක්වා දීර්ඝ කරගැනීමේ හැකියාව තිබෙනවාද?

ඔවු.

Repos හි ආයෝජනය කිරීමෙන් මට ලබාගත හැකි ප‍්‍රතිලාභ මොනවාද?

  • කල්පිරීමට පෙර වට්ටම් මිලකට පහසුවෙන් මුදල් බවට හැරවීමේ පහසුව.
  • ඇපයක් ලෙස භාවිතා කිරීමට හැකියාව.
  • බදු රඳවා නොගැනීම.
  • ආපසු ගැනීමේදී ආකර්ෂණීය අනුපාතයක් ඔබට හිමිවීම.

ණය ලබාගත හැක්කේ කුමන කටයුතු සඳහා ද?

  • නිවසක් මිලදී ගැනීමට හෝ අලුතින් ඉදිකිරීමට
  • ඉඩමක් මිලදී ගැනීමට
  • පවතින නිවසක් අලුත්වැඩියා කිරීමට, සම්පූර්ණ කිරීමට හෝ අලුතින් කොටසක් එක් කිරීමට
  • ලබාගත් නිවාස ණයක් පියවා දැමීමට
  • නිවසේ සංවර්ධන කටයුතු කිරීමට

උපන්දින ත්‍යාගය ලෙස මට ලැබෙන ප්‍රතිශතය කුමක්ද?

අවම ශේෂයට සාපේක්ෂව 5% ක අනුපාතයක් උපන්දින ත්‍යාගය ලෙස හිමි වේ.
උදා: ගිණුම් හිමියා අවම ශේෂය පවත්වාගෙන ඇත්නම් උපන් දිනය වනවිට ගිණුමේ පවතින සෑම රු. 1,000/- කටම රු. 50/- ක මුදලක් එසේ හිමිවනු ඇත.

මගේ ඉතුරු කිරීමේ ගිණුම සක්‍රීය කර ගන්නේ කෙසේද ?

ඔබගේ පවතින ඉතුරු කිරීමේ ගිණුම සක්‍රීය කර ගැනීමට එම ගිණුම හිමි බැංකු ශාඛාවට පාස්පොත සහ හැඳුනුම්පත සමග යන්න. 

රන් භාණ්ඩ උකස් අත්තිකාරමක උපරිම ගිවිසුම් කාලය කොපමණද?

මාස 12 ක්.

ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ප‍්‍රතිලාභ

  • සය මාසික ලන්ඩන් අන්තර් බැංකු මඟින් ප‍්‍රදානය කරන පොලිය ලබාදෙන අතර එ් තුළින් වෙළඳ පොළේ පවතින පොලිය ලබාගැනීමට ඔබට හිමිවේ.
  • ඔබට අර්ධ වාර්ෂිකව ගෙවීම් හිමිවේ.
  • සාමාන්‍ය තැන්පතුවලට වඩා ඔබේ මුදලට ඉහළ ප‍්‍රතිලාභයක් හිමිවේ.
  • විනිමය අනුපාත අවදානමක් නොමැත.
  • ඔබගේ ප‍්‍රතිලාභ ශ‍්‍රී ලංකාවේ දී මුළුමනින්ම බදුවලින් නිදහස්ය.

ණය සඳහා ඉල්ලුම් කළ හැක්කේ කාට ද?

  • මාසික වැටුප් ලබන අය.
  • වෘත්තිකයන්
  • ව්‍යාපාරිකයන්
  • විදේශ රැකියාවන් හි නියුක්ත ශ්‍රී ලාංකිකයන්
  • බද්ධ ණයකරුවන් - ස්වාමිපුරුෂයා / බිරිඳ, දෙමාපියන් සමඟ වයස අවුරුදු 18ට වැඩි දරුවන්

පිටු