Internet Banking Login

සෙලාන් අපනයන සේවාව

l
ස්වභාවය

අතිශය තරගකාරී ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ව්‍යාපාරික අවස්ථාවන් බොහෝය. සෙලාන් බැංකුව ලෙස අප අවබෝධ කරගෙන සිටින්නේ අප හුදෙක් බැංකුවක් පමණක්ම නොවන බවත් වෙළඳාම සම්බන්ධ ගැටලු සඳහා උපදේශන සේවා සැපයීමද වැදගත් කාර්යයක් බවත්ය. ඒ ඔබ මූල්‍ය පාර්ශව කරුවෙකු ලෙස අපට වැදගත් බැවිනි.

    • ණයවර ලිපි නිවේදනය කිරීම

      අප වෙත වෙනත් බැංකුවක් මගින් ලැබෙන අපනයන ණයවර ලිපි (Export Letter of Credits) සහතික කර ප්‍රතිලාභියා වෙත නිවේදනය කිරීම.

    • ණයවර ලිපි සහතික කිරීම

      නිකුතු බැංකුව මගින් සහ/ හෝ ප්‍රතිලාභියා විසින් කරන ඉල්ලීමකදී ණයවර ලිපිය සඳහා අපි විසින් සහතික කිරීමක් ඇතුළත් කරන්නට පුළුවන.

    • නැව්ගත කිරීමට පෙර මූල්‍ය කටයුතු

      අපනයන කරුවන්ට කාර්ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම සඳහා නැව්ගත කිරීමට පෙර දේශීය සහ විදේශීය මුදල් මගින් මූල්‍ය සහාය ලබාදීම.

    • පෙර සහ පසු නැව්ගත කිරීමේ ඇප

      ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (SLECIC)

    • පසු නැව්ගත කිරීමේ පහසුකම්- එකඟතාවයන්ට පැමිණීම, මිලදීගැනීම, වට්ටම් කිරීම

      අපනයන බිල්පත් වට්ටම් කරමින්, එකඟතාවයන්ට පැමිණෙමින් සහ මිලදීගැනීම් කරමින් දෛනික කාර්යන් සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය පවත්වාගෙන යාම සඳහා අපනයන කරුවන්ට මූල්‍ය සහාය ලබාදීම.

    • අපනයන බිල්පත එකතු කිරීම මත ලේඛන

      පිළිගැනීම මත ලේඛන භාරදීම(DA), ගෙවීම මත ලේඛන භාරදීම(DP), ගිණුම් විවෘත කිරීම සහ අත්තිකාරම් ගෙවීම් කොන්දේසි පිළිබඳ අපනයන වාර්තා හැසිරවීම

    • මිලදීගන්නන් වෙතින් තත්ත්ව වාර්තා

      ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ලෝකය පුරා විහිදී සිටින අපගේ වාර්තා නියෝජිතයින් වෙතින් ලබාගනී.

ගාස්තු
අපනයන ණයවර ලිපි එකඟතා ගාස්තු (දේශීය) ගාස්තු
අපනයන බිල්පත් මිලදී ගැනීම Sight LKR 3500/- Usance LKR 4500/-
අපනයන බිල්පත් පිළිබඳව එකඟතාවයට පැමිණීම Sight LKR 2500/- Usance LKR 3500/-
Negotiation of Export Bills Sight LKR 3500/- Usance LKR 4500/-

සියළුම විස්තර දැනගන්න>>>

උපදෙස් සහ සංඥා
උපදෙස්, සංඥා සහ මාර්ගෝපදේශ විශේෂ ගණක අයදුම්පත්
සමාන බැංකු
වැඩි විස්තර සඳහා SLECIC වෙත පිවිසෙන්න
ඔබගේ ව්‍යාපාරය සඳහා කූරියර් සමාගම්වල සහාය හිමිවේ
නිතර අසන ප්‍රශ්න

අලුත් ගැනුම්කරුෙවකු පිළිබඳව තත්ත්ව වාර්තාවක් මට ලබාගත හැකිද?

ඔව් අපනයන දෙපාර්තෙම්න්තුව තුළින් අපට තත්ත්ව වාර්තාවක් ලබාදිය හැකියි

මගෙ අපනයන වාර්තා භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද?

සෙලාන් බැංකුෙව් ඕනෑම ශාඛාවකට හො අපනයන දෙපාර්තෙම්න්තුෙව් පධාන කාර්යාලයට ඔබට භාරදිය හැකියි

බිල්පත් ආදායම් සඳහා අප හට විශේෂ විනිමය අනුපාත ලබාගත හැකිද?

ඔව් ඔබ හට අවස්ථානුකූලව විශේෂ විනිමය අනුපාත සඳහා එකඟතාවයන්ට පැමිණීමට හැකිය