Internet Banking Login

ඉන්ධන පිරිමැසීමට ඔබට උපකාරී වන ඉඟි

l


  • කාර්යක්ෂම ලෙස රිය පදවන්න
  • ඔබ රිය පදවන ආකාරය වෙනස් කර, ඉන්ධන සඳහා වැය කරන මුදල ඉතිරි කරගන්න. ඉතා තදින් තිරංග හෝ ඇක්සලරේටරය තද කිරීම, තියුණු වංගු ගැනීම හෝ ඒ සමාන දෑ සිදුකිරීම මගින් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ඔබ විසින් වැය කරනු ලබයි. ඇක්සලරේටරය සාමාන්‍ය තරමට භාවිත කරන විට එන්ජිමට අවශ්‍ය කෙරෙන ඉන්ධන ප්‍රමාණය අඩු වේ. රිය පැදවීමේ ක්‍රම කිහිපයක් ඔබේ මෝටර් රථයට තිබේ නම්, ක්‍රීඩා ක්‍රමය (sports mode) වෙනුවට පරිසර-හිතකාමී හෝ පහසු විකල්පය (comfort option) තෝරන්න. එවිට ඔබ විසින් වැය කරන ඉන්ධන ප්‍රමාණය අනිවාර්යයෙන් ම අඩු වේ. ඔබේ චාරිකාව පූර්ව-සැලසුම් කිරීම ද ඉන්ධන පිරිමැසෙන ලෙස රිය පැදවීමේ තවත් ක්‍රමයකි. ඔබ කඩයට යන කෙටි ගමන් වාර ගණන අඩු කිරීමෙන් ඒ සඳහා එන්ජිම පණගැන්වීමට වැය කරන ශක්ති ප්‍රමාණය අවම කරගත හැකිය. ඔබේ ගමනාන්තය වෙත ළඟාවීමට පහසු ම හා තදබදය අඩු ම මාර්ගය තෝරාගන්න. එයින් ද, ඉන්ධන සඳහා වැය කරන මුදල් ප්‍රමාණය ඔබට අඩු කරගත හැකි වේ.

  • තදබදය ඇති වේලාවල් මග හරින්න
  • ඉහත සඳහන් කළ ආකාරයට, තදබදයෙන් යුත් මාර්ගවල රිය පැදවීම මගහරින්න; එනම්, තදබදය ඇති වේලාවන් හැකි තරම් මගහරින්න. එන්ජිම පණගන්වා එකතැන තිබෙන මෝටර් රථයක්, ධාවනය වෙමින් පවතින මෝටර් රථයකට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් පරිභෝජනය කරයි. තදබදය සහිත වේලාවන් හි මාර්ගයේ දිගු වේලාවක් එකතැන නතරව සිටීම යනු ඔබේ වාහනයේ වායුසමීකරණය සහ රේඩියෝව ද දිගු වේලාවක් භාවිත වීමයි. ඒවාද, අවසානයේ අයත් වන්නේ ඉහළ ඉන්ධන ප්‍රමාණයක් වැය වන කරුණු යටතටයි.

  • ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා
  • ඉන්ධන සඳහා ඔබ වැය කරන මුදල් ඉතිරි කිරීමට, සෙලාන් බැංකුවෙන් විශේෂ දීමනාවක් පිරිනමනු ලබයි. මෙය 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ, සෑම මාසයක ම 1වැනි සහ 3වැනි සිකුරාදා දිනයන් හි ඔබේ සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් ඔබේ මෝටර් රථයට ඉන්ධන ලබාගත් විට, සෑම ඉන්ධන ලීටරයකින් ම රු.10ක් ඔබ විසින් ඉතිරි කරනු ඇත. මෙම දීමනාව ප.ව. 4 සිට ප.ව. 8 දක්වා කාලය තුළ ඔබේ සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් ලබාගන්නා ඉන්ධන සඳහා පමණක් පිරිනමන බව මතක තබාගන්න. (මෙම දීමනාව වලංගු වන්නේ ශ්‍රී ලංකාව තුළ පමණි).

  • නඩත්තුව
  • ඔබේ මෝටර් රථය නිසි ලෙස, නිසි කලට නඩත්තු කිරීම ද ඉතා වැදගත් වන්නේ, තාක්ෂණික බිඳවැටීම් සිදුවීමෙන් ඇතිවන වියදම් ඉතිරි කරගැනීමට ඔබට හැකිවීම මෙන්ම, මෝටර් රථය හොඳින් නඩත්තු කරන විට ධාවනය ද හොඳින් සිදුවන බැවිනි. හොඳින් නඩත්තු කෙරෙන මෝටර් රථවල ධාවන තත්ත්වය ද හොඳ ය. ධාවන තත්ත්වය හොඳ වනවිට භාවිත කරන ඉන්ධන ප්‍රමාණය ද අඩු වේ.

  • ටයර
  • ඔබේ වාහනයේ ආයු කාලය බෙහෙවින් රඳා පවත්නේ එහි ටයර අනුව සහ ඒවා නඩත්තු කිරීමේ තත්ත්වය අනුව බව ඔබ දන්නවාද? ඔබේ මෝටර් රථ වර්ගයට අනුව ටයරයේ පීඩනය නඩත්තු කිරීම වැනි ඉතා සරල කටයුත්තක් මගින් ඔබේ මෝටර් රථයේ ක්‍රියාකාරී තත්ත්වය මනාව පවත්වා ගත හැකි වේ. ඒ හරහා ඔබේ මෝටර් රථයේ ඉන්ධන වැයවීම ඉතා කාර්යක්ෂම අන්දමින් පාලනය කළ හැකි වේ.

    මෙම ඉඟි අනුගමනය කිරීමෙන්, සෑම දිනක ම ඉන්ධන සඳහා වැය කරන මුදල් වැඩි වැඩියෙන් ඉතිරි කරගැනීමට ඔබට හැකි වනු ඇත. ඉන්ධන පිරිමැස්ම අද ම ආරම්භ කරන්න. තවත් පමා වන්නේ ඇයි?

    Add new comment

    8 + 12 =
    Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.